යේසුස්ගේ ජීවිත කතාව
මේ වීඩියෝ මාලාවෙන් දෙවියන්ගේ පුතා සහ මිනිස් වර්ගයාගේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් ගැන තව දැනගන්න.
1වෙනි දිගහැරුම: ලෝකයේ සැබෑ ආලෝකය
ආදම්ගෙන් උරුම වුණ පාපයෙන් මිනිස්සුන්ට නිදහසක් ලැබෙන්නේ කොහොමද? ගැලවුම්කරු තමයි මිනිස් වර්ගයාට තියෙන එකම බලාපොරොත්තුව.
2වෙනි දිගහැරුම: “මේ තමයි මගේ පුතා”
යොහන් බව්තීස්ත මෙසියස්ගේ මාර්ගය සූදානම් කළා. යේසුස් ඔහුගේ සේවය පටන්ගත්ත මුල් කාලේ වුණ විශේෂ සිදුවීම් දැක බලා ගන්න!
3වෙනි දිගහැරුම: “මම තමයි ඒ කෙනා”
යේසුස්, මෙසියස් විදිහට කරන්න යන දේ නිකදේමස්ට, සමරිතානු ස්ත්‍රියට සහ නාසරෙත්වල අයට හෙළි කළා. ඒත් ඔහු ගැන විශ්වාසය තිබ්බේ ටිකදෙනායි. ජීවිත වෙනස් කරන ආශ්චර්යයක් කළාට පස්සේ යේසුස් අවංක හදවත් තිබ්බ ධීවරයන්ට ඔහුගේ ගෝලයන් වෙන්න කියලා ආරාධනා කළා.

