Skip to content

පටුනට යන්න

දෙවි සියල්ලන්ට සලකන්නේ එක හා සමානවයි

දෙවි සියල්ලන්ට සලකන්නේ එක හා සමානවයි

යොවුන් ඔබට

දෙවි සියල්ලන්ට සලකන්නේ එක හා සමානවයි

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ කොටස කියවන විට ඔබත් එම ස්ථානයේ සිටිනවා කියා සිතන්න.

ප්‍රධාන චරිත: කොර්නේලියස් සහ පේතෘස්

සාරාංශය: සියලුදෙනාටම එක හා සමානව සලකන යෙහෝවා දෙවිව ආදර්ශයට ගෙන පේතෘස් යුදෙව්වෙක් නොවූ කොර්නේලියස්ට ශුභාරංචිය ප්‍රකාශ කරයි.

1 සිතින් මවාගන්න.—ක්‍රියා 10:1-35, 44-48 කියවන්න.

කොර්නේලියස්ට කුමනාකාරයේ පෙනුමක් තිබෙන්න ඇද්ද?

․․․․․

ක්‍රියා 10:3 සිට 6 දක්වා සඳහන් වන ආකාරයට දේවදූතයා සමඟ කතා කළ අවස්ථාවේදී කොර්නේලියස්ට කෙසේ හැඟෙන්න ඇද්ද?

․․․․․

ක්‍රියා 10:7 සහ 8හි සඳහන් ආකාරයට කොර්නේලියස් සහ ඔහුගේ සේවකයන් කුමක් ගැන සාකච්ඡා කරන්න ඇද්ද?

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

ක්‍රියා 10:10 සිට 16 දක්වා සඳහන් ආකාරයට පේතෘස් දුටු දර්ශනය ඔහුගේ සිතට තදින්ම කාවැදුණේ ඇයි? (ක්‍රියා 10:14හි සඳහන් ආකාරයට පේතෘස් යුදෙව්වෙකු බව සැලකිල්ලට ගෙන මෙම ප්‍රශ්නයට පිළිතුරු ලියන්න.)

․․․․․

ක්‍රියා 10:25ට අනුව ඔබ කොර්නේලියස් තුළ දකින්නේ කුමන ගුණාංගයද? කොර්නේලියස් වැනි උසස් නිලයක් දැරූ කෙනෙකු තුළ එවැනි ගුණාංගයක් තිබීම සැලකිය යුතු දෙයක් කියා පැවසිය හැක්කේ ඇයි? (ක්‍රියා 10:1 කියවන්න)

․․․․․

අමතර පර්යේෂණයක් කර කොර්නේලියස්ගේ මූලිකත්වය යටතේ මෙහෙයවනු ලැබූ ඉතාලි හමුදා ඒකකයේ සිටි සෙබළුන් ගණන කොපමණද කියා සොයන්න.

․․․․․

කොර්නේලියස් ක්‍රිස්තියානියෙකු බවට පත් වීම ඉතා වැදගත් සිදු වීමක් වීමට හේතුව කුමක්ද?

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත් දේ ලියන්න.

සිතට කාවදින නිදර්ශන භාවිත කිරීම.

․․․․․

දෙවි සැමටම එක හා සමානව සලකන ආකාරය.

․․․․․

ඔබටත් සියලුදෙනාටම එක හා සමානව සැලකිය හැකි ආකාරය.

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බයිබලය කියවීමට පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න www.watchtower.org