Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යම් කෙනෙක් සහසික ක්‍රියා ඇතුළත් පරිගණක ක්‍රීඩාවල නියැලෙන්නේ නම්, එය දෙවි සමඟ තිබෙන ඔහුගේ සම්බන්ධතාවට බලපෑ හැකිද?

‘සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන්නේය. එතුමාණෝ සැහැසිකකම් කරන්නාට වෛර බඳින්නේය’ කියා පුරාණ ඊශ්‍රායෙලය පාලනය කළ දාවිත් රජ සඳහන් කළා. (ගීතාවලිය 11:5, නව අනුවාදය) බයිබලය මුලින්ම ලියූ හෙබ්‍රෙව් භාෂාවේ “වෛරය” සඳහා යොදා තිබෙන වචනයේ “සතුරා” යන අර්ථයත් තිබෙනවා. මේ නිසා යම් කෙනෙක් සහසික ක්‍රියාවලට ඇලුම් කරනවා නම් ඔහු දෙවිගේ සතුරෙක් වෙනවා. මේ නිසා අපි මේ ප්‍රශ්නය සලකා බැලීම වැදගත්. ඇතැම් පරිගණක ක්‍රීඩාවල නියැලීමෙන් සහසිකකම් සඳහා ඇල්මක් ඇති කරයිද?

සහසික ක්‍රියා ඇතුළත් පරිගණක ක්‍රීඩාවලින් අවි ආයුධ භාවිතයට තැනක් ලබා දෙනවා. බොහෝ අවස්ථාවලදී යුද්ධ කරන ආකාරය ගැන පුහුණුවක්ද එම ක්‍රීඩාවලින් සපයනවා. එක් සඟරාවක (The Economist) මෙසේ සඳහන් වුණා. “යුධ භටයන්ව පුහුණු කිරීමට තිබෙන හොඳම ක්‍රමය පරිගණක ක්‍රීඩා බව ඇමෙරිකානු හමුදාව පිළිගන්නවා. ඕනෑම කෙනෙකුට ලබාගත හැකි පරිගණක ක්‍රීඩා එම හමුදා භටයන්ද භාවිත කරනවා.”

පරිගණක ක්‍රීඩාවල නියැලෙන අය ඇත්තටම ජීවතවලට හානි කරන්නේ නැති බව සත්‍යයක්. කෙසේවෙතත්, මෙවැනි දෙයක් විනෝදය සඳහා තෝරාගැනීමෙන් ඔවුන්ගේ සිත් තුළ හටගනිමින් තිබෙන්නේ කුමක්ද කියා හෙළිවෙනවා. ඒ කුමක්ද? (මතෙව් 5:21, 22; ලූක් 6:45) පරිගණක ක්‍රීඩාවලදී මනඃකල්පිත මිනිසුන්ට පිහිවලින් අනිනවා; වෙඩි තියෙනවා; ආබාධියතයන් වෙන තරමටම පහර දෙනවා; ඝාතනය කරනවා. මෙවැනි දේවල් ඇතුළත් ක්‍රීඩාවලින් වින්දනයක් ලබන කෙනෙක් ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙවැනි මනඃකල්පිත සහසික ක්‍රියාවලින් සතුටක් ලබමින් සෑම සතියකම පැය ගණනාවක් ගත කරමින් ඊට ඇබ්බැහි වී සිටින කෙනෙකුව ඔබ සලකන්නේ කොහොමද? කාමුක දර්ශන නරඹන කෙනෙකුගේ සිතේ නරක ආශාවන් ඇති වෙනවා වගේ එවැනි පරිගණක ක්‍රීඩාවල නියැලෙන කෙනෙකුගේ සිතේද සහසිකකම්වලට ඇලුම්කමක් ඇති වෙනවා කියා නිගමනය කිරීම සාධාරණයි.—මතෙව් 5:27-29.

සහසික ක්‍රියාවලට ඇලුම් කරන කෙනෙකුට යෙහෝවා කොතරම් වෛර කරනවාද කියා ඔහු නෝවාට පැවසූ මෙම වචනවලින් පැහැදිලි වෙනවා. “සියලු මිනිසුන් වනසාලීමට මා තීරණය කර ඇත. මන්ද මිනිසා නිසා පොළෝතලයම සැහැසිකකමින් පිරී තිබේ. එබැවින් මම ඔවුන් සමඟ පොළෝතලය විනාශ කර දමමි.” (උත්පත්ති 6:13, න.අ.) නෝවාගේ කාලයේදී යෙහෝවා දෙවි මුළු මහත් ලෝකයක්ම විනාශ කර දැමුවේ එදා සිටි මිනිසුන්ගේ සහසිකකම් නිසයි. සහසිකකම්වලට ඇලුම් නොකළ අටදෙනෙකුව ඔහු ආරක්ෂා කළා. ඒ අටදෙනාට අයත් වුණේ නෝවා සහ ඔහුගේ පවුලේ අයයි.—2 පේතෘස් 2:5.

යෙහෝවා දෙවිගේ මිතුරන් වීමට කැමති අය “තමන් කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් අතු පාහින කැතිද [තළාගනී].” ඔවුන් සහසිකකම්වලට ඇලුම් කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඔවුන් ‘තවත් යුද්ධ ඉගෙනගන්නේද නැහැ.’ (යෙසායා 2:4) දෙවිගේ සතුරෙක් නොවී ඔහුගේ මිතුරෙක් වීමට නම් අපි “නපුරට පිටු පා යහපත” කළ යුතුයි. එමෙන්ම ‘සමාදානය සොයා, එය ලුහුබැඳිය’ යුතුයි.—1 පේතෘස් 3:11.

අපි දැනටමත් සහසිකකම් ඇතුළත් පරිගණක ක්‍රීඩාවල හවුල් වෙනවා නම් කුමක් කළ හැකිද? යෙහෝවා දෙවි වෛර කරන දේවල් කිරීම අත්හැර දමා ඔහු සතුටු වන දේවල් කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් ගත යුතුයි. දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධතාව කඩා බිඳ දැමිය හැකි මේ ක්‍රියාව නතර කර දැමීම සඳහා ඔහුගේ බලය දෙන මෙන් ඉල්ලා යාච්ඤා කිරීමත් වැදගත්. දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීමට හැකි වන පිණිස සමාදානය, යහපත්කම හා තමන්වම පාලනය කරගැනීම වැනි ගුණාංග වර්ධනය කරගන්නවා නම් සහසිකකම් ඇතුළත් පරිගණක ක්‍රීඩාවල නියැලීමේ පුරුද්ද නතර කර දමන්න පුළුවන්.—ලූක් 11:13; ගලාති 5:22, 23.