Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

අභියෝග ජීවිතයට බාධාවක්ද?

අභියෝග ජීවිතයට බාධාවක්ද?

ඔයා සිහින මැව්වේ මොන වගේ දේවල් කරන්නද? සමහරවිට හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න, හොඳ රස්සාවක් කරන්න, මොකක් හරි හැකියාවක් දියුණු කරගන්න ඔයා සිහින මවන්න ඇති. ඒත් බලාපොරොත්තු නොවුණු විදිහට ජීවිත උඩු යටිකුරු වෙන්න පුළුවන්. අන්ජා, ඩෙලීනා හා ග්‍රෙගරිට වුණෙත් ඒ වගේ දෙයක්.

  • ජර්මනියේ ජීවත් වෙන අන්ජාට පිළිකාවක් තියෙනවා කියලා දැනගනිද්දී එයාට අවුරුදු 21යි. දැන් ඇය ගෙදරටම කොටු වෙලා.

  • එක්සත් ජනපදයේ ජීවත් වෙන ඩෙලීනා මාංස පේශීවල අක්‍රමිකතාවකින් (dystonia) පෙළෙන කෙනෙක්. ඇයට ආබාධිත අයියලා තුන්දෙනෙක්ව බලාගන්නත් තියෙනවා.

  • කැනඩාවේ ජීවත් වෙන ග්‍රෙගරි දැඩි කාංසාව නිසා ඇති වෙන රෝගී තත්වයකින් පීඩා විඳින කෙනෙක්.

අන්ජා, ඩෙලීනා හා ග්‍රෙගරි ඒ වගේ අසීරු තත්වයන්ට මුහුණ දුන්නත් ඒ අභියෝග ජීවිතේට බාධාවක් කරගත්තේ නැහැ. ඒ කොහොමද?

බයිබලයේ කියන්නේ “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය” කියලයි. (හිතෝපදේශ 24:10) ඒ කියන්නේ ඔයා හිතන විදිහ ඔයාගේ ජීවිතයට බලපානවා කියන එකයි. ඔයා මුහුණ දෙන තත්වයන් ගැන ඕනෑවට වඩා කලකිරුණොත් හරි තීරණ ගන්න ඔයාට බැරි වෙනවා. ඒත් කලකිරෙන්නේ නැතුව හිටියොත් හරි තීරණ අරන් සතුටින් ජීවත් වෙන්න ඔයාට පුළුවන් වෙයි.

අන්ජා, ඩෙලීනා හා ග්‍රෙගරි එහෙම කළේ කොහොමද කියලා බලමු.