Skip to content

පටුනට යන්න

‘එකට කෑම ගනිද්දී අපි එකිනෙකාට කිට්ටු වෙනවා’

‘එකට කෑම ගනිද්දී අපි එකිනෙකාට කිට්ටු වෙනවා’

‘එකට කෑම ගනිද්දී අපි එකිනෙකාට කිට්ටු වෙනවා’

පවුලේ හැමෝම අඩුම තරමින් එක වේලක් හෝ එකට එකතු වී කෑම ගන්නවාද? කාර්ය බහුල දිවි පෙවෙතක් ගෙවන අද සමාජයේ පවුල් කවය තුළ කෑම කන්නේ එකිනෙකාට කැමති කැමති වෙලාවලදීයි. එනමුත් ශාරීරික අවශ්‍යතාව සපුරාගැනීමට අමතරව පවුලක් ලෙස එකට ආහාර වේලක් භුක්ති විඳීමෙන් ඊටත් වඩා වැදගත් අවශ්‍යතාවක් සපුරාගත හැකියි. එය නම් හැමෝගේම අදහස් බෙදාගැනීම හා පවුලේ බැඳීම ශක්තිමත් කරගැනීමයි.

අල්ගර්ඩස් සිය බිරිඳ වන රීමා සහ දියණියන් තිදෙනා සමඟ ජීවත් වෙන්නේ උතුරු යුරෝපයේ ලිතුවේනියාවෙයි. “මම වැඩ කළත්, දරුවෝ පාසැල් ගියත්, අපි හැමෝම එකට එකතු වෙලා රෑ කෑම ගන්න සැලසුම් කරනවා. කෑම ගන්නා අතරේදී දවසේ සිදුවීම් ගැනත්, ගැටලු ගැනත්, අනාගත සැලසුම් ගැනත්, කැමති අකමැති දේ ගැනත් නිදහසේ හැම කෙනාටම කතා කරන්න අවස්ථාව ලැබෙනවා. දෙවිගේ නමස්කාරයට අයිති දේ ගැනත් අපි කතා කරනවා. එකට කෑම ගනිද්දී අනිවාර්යයෙන්ම අපි එකිනෙකාට තව තවත් කිට්ටු වෙනවා” කියා අල්ගර්ඩස් පැවසුවා.

රීමාත් මෙසේ පැවසුවා. “දුවලා තුන්දෙනාවත් හවුල් කරගෙන ආහාර පිළියෙල කරද්දී හොඳින් කතා බහ කරන්න අවස්ථාව උදා වෙනවා. ඒගොල්ලෝ උයන පිහන වැඩවලට එකතු වෙන්නේ ආසාවෙන්. ඒත් එක්කම වටිනා දේවලුත් ඉගෙනගන්නවා. ඒ නිසා අපිට හුඟක් සතුටෙන් එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්.”

අල්ගර්ඩස්, රීමා සහ ඔවුන්ගේ දරුවන් එකට එකතු වී කෑම වේලක් ගැනීමෙන් බොහෝ ප්‍රයෝජන නෙළාගන්නවා. ඔබ තවමත් මෙසේ නොකරනවා නම් හැම දවසකම එක වේලක් හෝ පවුලක් ලෙස එකතු වී කෑම ගැනීමට සැලසුම් යොදන්න. ඔබ තනි මාපියෙක් වුවත් එසේ කළ හැකියි. ඔබ කරන කැප කිරීමට වඩා විශාල ලෙස ආශීර්වාද ලැබෙයි.