පිබිදෙව්! 2025 අංක 1 | බඩු මිල දරාගන්න බැරිද?

දවසින් දවස ඉහළ යන බඩු මිල නිසා ඔයාත් ඉන්නේ හිතේ කරදරෙන්ද? යාන්තමින් තුන් වේල කාලා ඇඳලා ඉන්නත් ඔයා මැරීගෙන වැඩ කරනවාද? පවුලේ අය එක්ක ඉන්නත් වෙලාවක් නැති තරම්ද? එහෙමනම් මේ ‘පිබිදෙව්!’ සඟරාව කියවන්න. සතුටින් ඉන්නත් පීඩනය අඩු කරගන්නත් උදව් වෙන යෝජනා මේකේ තියෙනවා. බඩු මිල ගැන වධ වෙන්න ඕනෙ නැති කාලයක් ගැන අන්තිම ලිපියේ කතා කරනවා. ඒ ගැන දැනගන්න එක දැනුත් ඔයාට සහනයක් වෙයි.

 

ඇත්ත පිළිගන්න

බඩු මිල ඉහළ යනවා කියලා තේරුම් අරන් ඉන්න එක ඒ වෙනුවෙන් දෙයක් කරන්න ඔයාට උදව් වෙනවා.

තියෙන ගාණ පරෙස්සමින් පාවිච්චි කරන්න

ගෙදර වියහියදම් පාලනය කරන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න.

තියෙන දෙයින් සතුටු වෙන්න

තියෙන්නේ ටිකක් වුණත් ඒකෙන් සතුටු වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

තියෙන දේ බෙදාගන්න

අනිත් අයට දේවල් දෙන එක ආර්ථික ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න උදව් වෙන්නේ කොහොමද?

බලාපොරොත්තුවක් තියාගන්න

බයිබලේ ලස්සන බලාපොරොත්තුවක් ගැන තියෙනවා. ඒක ගැන හිතන එකෙන් දැන් වුණත් අපිට සහනයක් ලබන්න පුළුවන්.

තව දැනගන්න

වැඩි වෙන ජීවන වියදමත් එක්ක ජීවත් වෙන්න බයිබලේ තියෙන තොරතුරු හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා. ඒ තොරතුරු ඔයාටත් උදව් වෙයි.