Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2019 අංක 2 | දරුවන්ට කියා දෙන්න ඕන පාඩම් 6ක්

දරුවන්ට කියා දෙන්න ඕන පාඩම් 6ක්

දෙමාපියෙනි, ඔයාගේ දරුවා වැඩිහිටියෙක් වුණාම ඔයා කැමති එයා මොන වගේ කෙනෙක් වෙනවා දකින්නද? ඔයා කැමති දරුවා මේ වගේ ගතිපැවතුම් තියෙන කෙනෙක් වෙනවා දකින්නද?

  • තමාවම පාලනය කරගන්න කෙනෙක්

  • නිහතමානී කෙනෙක්

  • අභියෝගවලට හොඳින් මුහුණ දෙන කෙනෙක්

  • වගකීමෙන් වැඩ කරන කෙනෙක්

  • අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්

  • අවංක කෙනෙක්

දරුවන්ට මේ වගේ ගතිපැවතුම් තනියම ඉගෙනගන්න බැහැ. ඔයාලගේ මඟ පෙන්වීම් එයාලට ඕනේ.

දරුවන්ට උගන්වන්න ඕන වැදගත් පාඩම් 6ක් ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා. යහපත් වැඩිහිටියන් වෙන්න දරුවන්ට ඒවා උදව් වෙයි.

 

තමන්වම පාලනය කරගන්න

තමන්ව පාලනය කරගන්න එක වැදගත් ඇයි? ඒක කරන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද?

නිහතමානී වෙන්න

නිහතමානී වෙන්න දරුවන්ට උගන්වන එකෙන් එයාලට දැනුත් අනාගතයේදීත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

අභියෝගවලට මුහුණ දෙන්න

පොඩි පොඩි ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ඉගෙනගත්තොත් තමයි ලොකු අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවන්ට පුළුවන් වෙන්නේ.

වගකීමෙන් වැඩ කරන්න

වගකීමෙන් වැඩ කරන්න කෙනෙක් ඉගෙනගන්නේ පුංචි කාලයේද නැත්නම් වැඩිහිටියෙක් වුණාට පස්සෙද?

වැඩිහිටියන්ගෙන් මඟ පෙන්වීම් ගන්න

ජීවිතේ සාර්ථක කරගන්න දරුවන්ට මඟ පෙන්වීම් ඕනේ. ඒ මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් කාගෙන්ද?

සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න

සදාචාර ප්‍රමිති ගැන දරුවන්ට කියලා දෙනවා නම් වැඩිහිටියෙක් වුණාම සාර්ථක ජීවිතයක් ගත කරන්න එයාලට පුළුවන් වෙනවා.

දෙමාපියන්ට වටිනා තවත් මඟ පෙන්වීම්

දරුවන්ව හොඳින් පුහුණු කරන්න දෙමාපියන්ටත් මඟ පෙන්වීම් ඕනේ. වැඩි විස්තර දැනගන්න jw.org වෙත පිවිසෙන්න.