මුරටැඹ - පාඩම් කලාපය 2020 පෙබරවාරි 

2020 අප්‍රියෙල් 6–මැයි 3 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි

අපේ ආදරණීය තාත්තා අපිට ආදරෙයි කියලත් ඔහු අපිව රැකබලා ගන්නවා කියලත් අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියලත් අපිට නිසැක වෙන්න පුළුවන්.

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි

අපි අපේ ආදරණීය තාත්තාට ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

ඊර්ෂ්‍යාව පරාජය කරලා සාමය ලුහුබඳින්න

ඊර්ෂ්‍යාව ඇති කරන සිතුවිලි අපේ හිතට එන්න පුළුවන්. ඊර්ෂ්‍යාව පරාජය කරලා සාමයට දායක වෙන දේවල් කරන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න

හන්නාට, පාවුල්ට, සහ දාවිත් රජට කනස්සල්ල දැනුණා. යෙහෝවා දෙවියන් එයාලව සනසවපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ජීවිත කතාව

ආදර්ශවත් අයගෙන් ඉගෙනගත්ත නිසා මං ආශීර්වාද ලැබුවා

එයාට තිබුණ බය ජය අරන් අවුරුදු 58ක් පුරා පූර්ණකාලීන සේවේ කරන්න එයාට පුළුවන් වුණේ කොහොමද කියලා ලියොන්ස් ක්‍රෙපෝ විස්තර කරනවා.

ඔබ දැන සිටියාද?

බෙල්ෂසර්ගේ තනතුර පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙන්නේ කොහොමද?