Skip to content

පටුනට යන්න

සමහරු විශ්වාස කරන්නේ මොනවාද?

සමහරු විශ්වාස කරන්නේ මොනවාද?

හින්දු භක්තිකයන්

මිනිසුන් දුක් විඳින්නේ මේ ජීවිතයේදී හරි කලින් ජීවිතයකදී හරි කරපු වැරදිවල ප්‍රතිඵලයක් හැටියටයි කියලා එයාලා හිතනවා. එයාලා විශ්වාස කරනවා මෝක්ෂයට යන්න ඒ කියන්නේ යළි යළි ඉපදෙන එක නවත්වගන්න පුළුවන් වෙන්නේ ලෞකික දේවල් මනසින් සම්පූර්ණයෙන් ඉවත් කරගත්තොත් විතරයි කියලා.

ඉස්ලාම් භක්තිකයන්

විශ්වාසය සෝදිසියට ලක් වෙද්දීත් පාපවලට දඬුවම් ලැබෙද්දීත් මිනිසුන්ට දුක් විඳින්න වෙනවා කියලා එයාලා හිතනවා. උතුරු ඇමෙරිකාවේ ඉස්ලාමික සමිතියේ සභාපති ආචාර්ය සයියඩ් සයියීඩ් මෙහෙම කියනවා. “අපි දුක් විඳිද්දී ලැබිලා තියෙන ආශීර්වාදවලට දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනෙ කියලත් අසරණයන්ට පිහිට වෙන්න ඕනෙ කියලත් ඒකෙන් අපිට මතක් කරලා දෙනවා.”

යුදෙව් සම්ප්‍රදාය

මිනිසුන්ට දුක් විඳින්න වෙන්නේ එයාලා කරපු ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියටයි කියලයි යුදෙව් සම්ප්‍රදායේ කියන්නේ. මිය ගිය අයට නැවත නැඟිටීමක් තියෙනවා කියලත් ඒකෙන් පස්සේ දුක් වින්ද නිර්දෝෂ අයට යුක්තිය ඉටු කරලා දෙනවා කියලත් සමහර යුදෙව්වන් කියනවා. යුදෙව් ආගමේ කබාලා (ගුප්ත) කියන ඉගැන්වීම්වලට අනුව පුනරුත්පත්තියක් තියෙනවා. ඉපදෙන හැම වතාවකම එයාලගේ වැරදිවලට වන්දියක් ගෙවන්න අවස්ථාව ලැබෙනවා කියලයි එයාලා හිතන්නේ.

බෞද්ධයන්

තණ්හා, ආශා, බැඳීම් දුරු කරගෙන අකුසල්වලින් මිදෙන කල් කෙනෙක්ට යළි යළි ඉපදිලා කල්ප ගණනාවක් තිස්සේ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. ප්‍රඥාව වැඩි කරගෙන, පින් දහම් කරගෙන, මනස හික්මවගෙන කෙනෙක්ට නිවනට ඒ කියන්නේ කිසි දුකක් නැති තත්වයකට යන්න පුළුවන් කියලා එයාලා කියනවා.

කොන්ෆියුෂියානු භක්තිකයන්

විශ්වකෝෂයක කියනවා මිනිසුන්ට දුක් විඳින්න වෙන්නේ වැඩි හරියක්ම “එයාලගෙම වැරදි අඩුපාඩු නිසයි” කියලා. හොඳ ජීවිතයක් ගත කරන එක මුහුණ දෙන්න වෙන දුක් කරදර අඩු කරගන්න යම් ප්‍රමාණයකින් දායක වුණත් “ආත්ම ජීවීනුත් හුඟක් දුක් කරදර ඇති කරන නිසා ඒවාවලින් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න අපිට බැහැ” කියලත් “හිත හදාගෙන අපේ දෛවයට මුහුණ දෙන්න ඕනෙ” කියලත් කොන්ෆියුෂියානු ඉගැන්වීම්වල සඳහන් වෙනවා.—A Dictionary of Comparative Religion.

සමහර ගෝත්‍රික ආගම්

මිනිසුන්ට දුක් කරදර ඇති වෙන්නේ මන්තර ගුරුකම් නිසයි කියලා එයාලා විශ්වාස කරනවා. මිනිසුන්ට වාසනාව ගේන්න හරි විපත්ති ඇති කරන්න හරි මන්තර ගුරුකම් කරන අයට පුළුවන් කියලත් එයාලා ඇති කරන දුක් කරදර යම් වත්පිළිවෙත් කරලා අඩු කරගන්න පුළුවන් කියලත් එයාලා හිතනවා. ඒ නිසා කට්ටඩියන්ගේ ඖෂධ සහ ප්‍රතිකර්ම මාර්ගයෙන් ලෙඩින් ඉන්න කෙනෙක්ට සුවයක් ලබාගන්න පුළුවන් කියලා එයාලා විශ්වාස කරනවා.

ක්‍රිස්තියානීන්

මිනිසුන් දුක් විඳින්නේ මුල් මිනිස් යුවළ කරපු පාපය නිසා කියලා උත්පත්ති පොතේ කියන දේ එයාලා විශ්වාස කරනවා. හැබැයි ඒ අදහසට විවිධ නිකායන්වලට අයිති අය එයාලගේ අදහසුත් ඇතුළත් කරලා තියෙනවා. උදාහරණෙකට සමහර කතෝලික අය කියන්නේ එයාලා විඳින දුක් වේදනාවන් “දෙවියන්ට ඔප්පු කරලා” ඒක පල්ලියේ යහපත වෙනුවෙන් හරි තවත් කෙනෙක්ගේ ගැලවීම වෙනුවෙන් හරි යොදාගන්න කියලා දෙවියන්ගෙන් අයදින්න පුළුවන් කියලයි.

තවත් දැනගන්න

jw.org වෙබ් අඩවියේ ‘හැම ආගමක්ම දෙවියන් පිළිගන්නවාද?’ කියන වීඩියෝ එක බලන්න.