Skip to content

පටුනට යන්න

“මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”

“මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”

පාසැල් උපදේශිකාවක් විදිහට වැඩ කරන දකුණු කොරියාවේ සූජුන්, එයාගේ පන්තියේ දරුවන්ට jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ පෙන්නුවා. ඒ ගැන ඇය කිව්වේ මෙහෙමයි. “‘හොඳ යාළුවෙක් කියන්නේ කාටද?’ කියන වීඩියෝ එකට දරුවෝ හරි ආසයි. ඒක බැලුවාට පස්සේ එයාලා මෙහෙම කිව්වා. ‘හොඳ යාළුවෙක් කියන්නේ කාටද කියලා හරියටම දැනගත්තේ අදයි. මෙහෙම උගන්වනවට අපි හරි ආසයි.’ සමහර ළමයි කිව්වේ එයාලට උපදෙස් ඕන වෙන හැම වෙලාවකම මේ වෙබ් අඩවිය බලනවා කියලයි. මේ වීඩියෝ එක පාවිච්චි කරලා ළමයින්ට උගන්වන්න කියලා අනිත් උපදේශකයන්ටත් මම කිව්වා. මේ වගේ වීඩියෝ තියෙන එක හරි වටිනවා කියලා එයාලත් මට කිව්වා.”

දකුණු කොරියාවේ ඉන්න දරුවන් හුඟක් ආසාවෙන් බලපු තවත් වීඩියෝ එකක් තමයි ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක. දරුවන් අතර ආරවුල් සිද්ධ වෙන එක වළක්වන්න කටයුතු කරන ආයතනයක උපදේශිකාවක් ඒ විඩියෝ එක දරුවන්ට පෙන්නුවා. ඇය කිව්වේ මෙහෙමයි. “කාටුන් චිත්‍ර පාවිච්චි කරලා මේ වීඩියෝ එක හදලා තියෙන නිසා පොඩි ළමයි ආසාවෙන් ඒක බැලුවා. හිරිහැර එද්දී කරන්න ඕනෙ මොනවාද කියලා විතරක් නෙවෙයි, හිරිහැර වළක්වගන්නේ කොහොමද කියලත් මේකෙ පෙන්නනවා.” ඒ ආයතනය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අවසරය ඇතුව ඒ වීඩියෝ එක වෙන පාසැල්වල දරුවන්ටත් පෙන්වන්න පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරීනුත් jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ අනිත් අයට පෙන්වනවා.

jw.org වෙබ් අඩවියෙන් ඕඩියෝ, වීඩියෝ ෆයිල්ස් වගේම බයිබලය සහ වෙනත් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න හරිම ලේසියි. ඒ ඔක්කොම නොමිලේ! ඒ වෙබ් අඩවියට ගිහින් බලන්න ඔයත් කැමති නැද්ද?