“මගේ අනුගාමිකයෙක් වෙන්න”

මේ පොතේ අරමුණ වෙන්නේ යේසුස් පොළොවේ ඉද්දී ගත කරපු ජීවිතය සහ ඔහු කරපු සේවය ගැන සාරාංශයක් දෙන එක නෙවෙයි. ඒ වෙනුවට ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලා පෙන්නලා දෙන එකයි.

පෙරවදන

යේසුස් ගැන තියෙන ආදරය වැඩි කරගෙන ඔහුව අනුගමනය කරලා ඔයා යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරනවා දකින එකයි අපේ එකම ආසාව.

1වෙනි පරිච්ඡේදය

“මගේ අනුගාමිකයෙක් වෙන්න” යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?

කෙනෙක් කියන දේවල්වලින්, හිතන පතන විදිහෙන් විතරක් නෙවෙයි හැසිරෙන විදිහෙනුත් එයා යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් කියලා පේන්න ඕනේ.

2වෙනි පරිච්ඡේදය

‘මාර්ගය, සත්‍යය හා ජීවනය’

පියාණන් වෙතට යා හැක්කේ පුත්‍රයා තුළින් පමණයි. යෙහෝවා දෙවියන් ඔහුගේ සියලු අරමුණු ඉටු කිරීම සඳහා තෝරාගෙන තියෙන්නේ ඔහුවයි.

3වෙනි පරිච්ඡේදය

‘මා නිහතමානී කෙනෙක්’

යේසුස් පොළොවේ සේවය කළ කාලය පුරාම නිහතමානීව කටයුතු කළා.

4වෙනි පරිච්ඡේදය

‘බලන්න, යූදා ගෝත්‍රයෙන් පැමිණි සිංහයා’

යේසුස් සිංහයෙකු වගේ නිර්භීතව ක්‍රියා කළ ආකාර තුනක් බලන්න. ඔහු සත්‍යය වෙනුවෙන් නිර්භීතව කතා කළා, යුක්තිය වෙනුවෙන් නැඟී සිටියා, ඒ වගේම බය නැතුව පීඩාවලට මුහුණ දුන්නා.

5වෙනි පරිච්ඡේදය

“වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාව”

යේසුස් කියපු දේවල්වලින් විතරක් නෙවෙයි ඔහු කරපු දේවල්වලිනුත් ඔහුට තියෙන අසීමිත ප්‍රඥාව පැහැදිලි වුණා.

6වෙනි පරිච්ඡේදය

‘ඔහු කීකරුකම ඉගෙනගත්තේය’

යේසුස් දෙවියන්ට දිගටම කීකරු වුණා. ඒත් ඔහු “කීකරුකම ඉගෙනගත්තේය” ඒ වගේම “සෑම අතින්ම සම්පූර්ණ කෙනෙකු බවට” පත් වුණා කියලා කියන්නේ ඇයි?

7වෙනි පරිච්ඡේදය

යේසුස් විඳදරාගත් ආකාරය හොඳින් සිතා බලන්න

යේසුස් විඳදරාගැනීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තිබ්බා. ඔහුට විඳදරාගැනීමට උදව් වුණේ මොකක්ද? අපිට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

8වෙනි පරිච්ඡේදය

“මාව එවා තිබෙන්නේ ඒ සඳහායි”

යේසුස් දේශනා කළේ ඇයි, දේශනා කළේ මොකක් ගැනද, සේවය සැලකුවේ කොහොමද කියලා දැනගන්න.

9වෙනි පරිච්ඡේදය

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වීම කියද්දී ඒකෙන් අදහස් කරන්නේ ගෝලයෙක් වෙන්න උදව් කරන පැවරුම ඉටු කරන එකයි.

10වෙනි පරිච්ඡේදය

ලියා තිබෙන්නේ මෙලෙසයි

ශුද්ධ ලියවිල්ලේ තියෙන සත්‍ය ඉගැන්වීම් අනිත් අයට කියලා දෙද්දී බයිබල් පද උපුටා දක්වන එකෙන්, ඒක නිවැරදි කියලා තහවුරු කරන එකෙන් සහ අනිත් අයට කියලා දෙන එකෙන් අපිට යේසුස්ව අනුකරණය කරන්න පුළුවන්.

11වෙනි පරිච්ඡේදය

‘එලෙස උගන්වන මිනිසෙකුව අප කවදාවත් දැක නැහැ’

යේසුස් ඉගැන්වීමේදී භාවිතා කරපු ක්‍රම තුනක් ගැනත් අපිට ඒවා අනුකරණය කරන්න පුළුවන් විදිහ ගැනත් බලමු.

12වෙනි පරිච්ඡේදය

‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’

යේසුස් උපමා භාවිතා කරන්න මූලිකවම හේතු දෙකක් තිබූ බව බයිබලයේ සඳහන් වෙනවා.

13වෙනි පරිච්ඡේදය

‘මම පියාණන්ට ප්‍රේම කරනවා’

යේසුස් වගේ දෙවියන්ට ආදරේ කරන්න අපිට පුළුවන් කොහොමද?

14වෙනි පරිච්ඡේදය

ඔහු ළඟට යන්න මිනිසුන් භය වුණේ නැහැ

හුඟක් මිනිස්සු, ළමයි බය නැතුව යේසුස් ළඟට ගියා. යේසුස් ළඟට යන්න පෙලඹුණේ මොන හේතු නිසාද?

15වෙනි පරිච්ඡේදය

ඔහුගේ සිතට මහත් අනුකම්පාවක් දැනුණා

යේසුස් වගේ අනිත් අයට අනුකම්පාව පෙන්නන එක වැදගත් වෙන්නේ ඇයි?

16වෙනි පරිච්ඡේදය

‘යේසුස් අවසානය දක්වා ඔවුන්ට ප්‍රේම කළා’

යේසුස් සේවය කරපු කාලය පුරාම තමන්ගේ අනුගාමිකයන් ගැන තියෙන ආදරය හුඟක් විදිවලින් පෙන්නුවා. යේසුස්ව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්ද?

17වෙනි පරිච්ඡේදය

‘මීට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ’

යේසුස් වගේ ඉමහත් ප්‍රේමයක් පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

18වෙනි පරිච්ඡේදය

“දිගටම මාව අනුගමනය කරන්න”

අපි හැම දවසකම යේසුස්ව අනුකරණය කරනවා නම් දෙවියන් අනුමත කරන විදිහේ නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්නත් අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන්නත් පුළුවන්.