Skip to content

මිනිස්සු අගය කරන සේවයක්

මිනිස්සු අගය කරන සේවයක්

ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් 2013 ජූනි 6වෙනිදා ඉඳන් 16වෙනිදා දක්වා කාලය ඇතුළත උතුරු ප්‍රංශයේ රාවන් කියන වරායට ආවා. ඒ ලෝකේ තියෙන ලොකුම සහ ලස්සනම උත්සවවලින් එකක් වන ආමඩා කියන උත්සවයට සහභාගි වෙන්න.

ලෝකේ තියෙන හොඳම හා ලොකුම නැව්, නෝර්මන්ඩිවල තියෙන සෙයින් ගඟ දිගේ කිලෝමීටර් 120ක් ඇවිත් මේ උත්සවය වෙනුවෙන්ම හදලා තියෙන ජැටියේ නතර කළා. මේ ජැටිය කිලෝමීටර් 7ක් දිගයි. දවස් දහයක් පුරා පැවැත්වෙන මේ උත්සවයට නැව් 45ක් විතර ආවා. සමහර නැව්වලට ගිහින් ඒවා නොමිලේ නරඹන්න මෙහෙට එන ලොකු පොඩි හැමෝටම අවස්ථාව ලැබුණා.

විවිධ වයස්වල සංචාරකයන් මේ උත්සවයට සහභාගි වුණේ ඇයි? මේ උත්සවයේ සංවිධායක ඒ ගැන මෙහෙම කිව්වා. “නැව්වලට ගිහින් හොඳින් නරඹන්න අවස්ථාව ලැබෙන නිසා ඒවා ගැන හොඳ අවබෝධයක් ලබාගන්න සංචාරකයන්ට පුළුවන්.” මේ උත්සවයට සහභාගි වුණ ගොඩක් අයට මේ නැව් දැක්කම ඒගොල්ලෝ ගිය මුහුදු ගමන් ගැනත් ඒ ගමන්වලදී ඒගොල්ලෝ අද්දැක්ක සැහැල්ලු බවත් නිදහස ගැනත් මතක් වෙන්න ඇති.

හැබැයි මෙහෙට ආපු දහස් ගණනක් දෙනාට වෙනස් විදිහේ නිදහසක් ගැනත් දැනගන්න ලැබුණා. ඒ බයිබල් සත්‍යයන් නිසා ලැබෙන නිදහස ගැනයි. (යොහන් 8:31, 32) රාවන් නගරයේ සිරි නරඹන සංචාරකයන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජංගම පුවරු දකින්න හම්බ වුණා. මේ පුවරුවල දාලා තිබුණු බයිබලය මත පදනම් පොත් පත් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ගෙනියන්න සංචාරකයන්ට හා නාවිකයන්ට අවස්ථාව ලැබුණා. ගොඩක් අය “කිසිවෙකුව පහත් නොකරන සමාජයක්!” කියන මාතෘකාව තිබුණු ‘මුරටැඹ’ සඟරාව ලබාගන්න ආස වුණා. ඒ අයට ප්‍රංශ, ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තිබුණු බයිබල් දේශනයකටත් ආරාධනා ලැබුණා.

ඒ නගරයේ හිටපු ගොඩක් අය සාක්ෂිකරුවන් කරපු මේ සේවය අගය කළා. සාක්ෂිකරුවන් මේ විදිහට ජංගම පුවරු පාවිච්චි කරලා සේවය කරනවා දැක්ක කෙනෙක් පුදුම වෙලා කිව්වේ “මම ඔයාලගේ ආගමට එන්නේ නෑ. හැබැයි ඔයාලා කරන සේවය නං මම ගොඩක් අගය කරනවා” කියලයි. සාක්ෂිකරුවන්ට හම්බ වුණ මහලු පුරුෂයන් දෙන්නෙක් මෙහෙම කිව්වා. “ඔයාලා කරන සේවය ගැන ඔයාලට ආඩම්බර වෙන්න පුළුවන්.”