Skip to content

වෝල්කිල්වල පින්තූර 1 (2013 ජූලි සිට 2014 ඔක්තෝබර් දක්වා)

වෝල්කිල්වල පින්තූර 1 (2013 ජූලි සිට 2014 ඔක්තෝබර් දක්වා)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිව් යෝර්ක්, වෝල්කිල්වල තියෙන ගොඩනැඟිලි සංකීර්ණය පුළුල් කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තා. මේ පින්තූරවල එකතුවෙන් පෙන්වන්නේ 2013 ජූලි සිට 2014 ඔක්තෝබර් දක්වා සිද්ධ වුණ වැඩකටයුතුයි. 2015 නොවැම්බර් වෙද්දී ව්‍යාපෘතියේ වැඩ ඉවර කරන්න අදහස් කරලා තියෙනවා.

2013 ඔක්තෝබර් 21 වෙනිදා වෙන කල් වෝල්කිල් ගොඩනැඟිලි සංකීර්ණයේ සිද්ධ වුණ දේවල පින්තූර.

  1. ධාන්‍ය ඇඹරුම් හල (2014 ජනවාරිවලදී ඉවත් කළා)

  2. ලොන්ඩරිය සහ ඩ්‍රයි ක්ලීන් කරන තැන

  3. කෑම කාමරය

  4. E නේවාසික ගොඩනැඟිල්ල

  5. සේවාවන් සපයන ගොඩනැඟිල්ල

  6. මුද්‍රණාලය

  7. ෂෝන්ගම් කිල් (අතු ගංගාව)

2013 ජූලි 12 - ලොන්ඩරිය සහ ඩ්‍රයි ක්ලීන් කරන තැන

පෙර නිමැවුම් ස්ථානයේ හැදුව බිත්ති ක්‍රේන් එකකින් හරි තැනට බස්සනවා.

2013 ජූලි 19 - E නේවාසික ගොඩනැඟිල්ල

කොන්ක්‍රීට්වලින් හදපු බිමේ හිඩැස් තියලා තියෙන තැන්වලට කාබන් ෆයිබර්වලින් හදපු පටි විශේෂයක් (fiber-reinforced polymer) අල්ලනවා. භූමිකම්පාවලට ඔරොත්තු දෙන විදිහට මුළු ගොඩනැඟිල්ලම සකස් කරන්න මීටර් 7,600ක විතර පටි ප්‍රමාණයක් පාවිච්චි කෙරුවා.

2013 අගෝස්තු 5 - E නේවාසික ගොඩනැඟිල්ල

වටේ තියෙන ගඩොල් බිත්ති අලුත්වැඩියා කරනවා.

2013 අගෝස්තු 30 - ලොන්ඩරිය සහ ඩ්‍රයි ක්ලීන් කරන තැන

යන්ත්‍රෝපකරණ ගබඩා කරන තැන හදන්න යකඩ රාමු සවි කරනවා.

2013 සැප්තැම්බර් 17 - E නේවාසික ගොඩනැඟිල්ල

කෙනෙක් අලුතින් හැදුව වහලේ වැඩ නිම කරමින් ඉන්නවා.

2013 ඔක්තෝබර් 15 - E නේවාසික ගොඩනැඟිල්ල

කාබන් ෆයිබර් පටි ඇලෙව්ව තැන්වල වායු බුබුළු තියෙනවාද කියලා පරීක්ෂා කරනවා. එක වායු බුබුළක් හරි තිබුණොත් එතනට තවත් පටියක් අල්ලනවා.

2013 නොවැම්බර් 15 - ලොන්ඩරිය සහ ඩ්‍රයි ක්ලීන් කරන තැන

වාතය පිටතට අදින ෆෑන් එකක් (exhaust fan) සවි කරන එකත් වහලේ වැඩවලට ඇතුළත්.

2013 දෙසැම්බර් 9 - E නේවාසික ගොඩනැඟිල්ල

කොන්ක්‍රීට් ලෑලිවල යන්තම් පිපිරිලා තියෙන තැන්වලට ගම් එකක් විදිනවා. එහෙම කරලා භූමිකම්පාවලට ඔරොත්තු දෙන තත්වයට ගොඩනැඟිල්ල ගේන්න අවුරුදු එකහමාරක් විතර ගියා.

2013 දෙසැම්බර් 11 - ලොන්ඩරිය සහ ඩ්‍රයි ක්ලීන් කරන තැන

අපවිත්‍ර ජලය පිරිපහදු කරන අලුත් තැනක් හදමින් ඉන්නවා.

2014 ජනවාරි 10 - ධාන්‍ය ඇඹරුම් හල

1960 ගණන්වල ඉඳලා 2008 වෙන කල් පාවිච්චි කරපු ධාන්‍ය ඇඹරුම් හල ඉවත් කෙරුවා. වෝල්කිල් ගොවිපොළ අයින් කෙරුවාට පස්සේ කුකුල්ලු, කිරි එළදෙන්නු සහ ඌරෝ හිටිය ෆාම් එක තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ.

2014 ජනවාරි 22 - සේවාවන් සපයන ගොඩනැඟිල්ල

පුටු අයින් කරලා ශ්‍රවණාගාරය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන්න සූදානම් වෙනවා.

2014 ජනවාරි 29 - ධාන්‍ය ඇඹරුම් හල

මේ විශාල ටැංකි පාවිච්චි කෙරුවේ සත්ව ආහාර ගබඩා කරන්නයි.

2014 මාර්තු 3 - මුද්‍රණාලය

සහෝදරයන්ව වැඩවලට පුහුණු කරන ස්ථානය ඉදි කරමින් ඉන්නවා.

2014 ජූලි 4 - සේවාවන් සපයන ගොඩනැඟිල්ල

වෙල්ඩින් වැඩ කරන කෙනෙක් ගොඩනැඟිල්ලේ කුලුනක් වැරගන්වනවා.

2014 සැප්තැම්බර් 19 - කෑම කාමරය (E නේවාසික ගොඩනැඟිල්ල)

ඉදි කිරීමේ අංශයේ වැඩ කරපු අයට කෑම දුන්න ස්ථානයේ කාපට් එකක් අතුරනවා.

2014 සැප්තැම්බර් 22 - E නේවාසික ගොඩනැඟිල්ල

1වෙනි මහලේ බිත්තිවල වැඩ නිම කරමින් ඉන්නවා.

2014 සැප්තැම්බර් 24 - සේවාවන් සපයන ගොඩනැඟිල්ල

අලුත් විදුලි සෝපානය හදන්න යකඩ කම්බි බඳිමින් ඉන්නවා.

2014 ඔක්තෝබර් 2 - කෑම කාමරය (E නේවාසික ගොඩනැඟිල්ල)

විශාල කරපු කෑම කාමරයට පුටු 1,980ක් දාන්න පුළුවන්.

2014 ඔක්තෝබර් 22 - සේවාවන් සපයන ගොඩනැඟිල්ල

බිම හාරන්නේ සවි කරලා තියෙන කුලුන තවත් ශක්තිමත් කරන්නයි. භූමිකම්පාවලට ඔරොත්තු දෙන්න ගොඩනැඟිල්ලට ඒක උදව්වක්.