යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අනිත් අය ඔයාව ප්‍රශංසා කරද්දී නිහතමානී වෙන්න
සමහර වෙලාවට අනිත් අය ඔයාව ප්‍රශංසා කරයි, අගය කරයි. එයාලා එහෙම කරන්නේ ඇත්තටම හොඳ හේතුවක් ඇතුව නම් ඒ වගේම හොඳ චේතනාවකින් නම් ඒකෙන් ඔයාට ලොකු දිරිගැන්වීමක් ලැබෙයි. (හිතෝ 15:23; 31:10, 28) හැබැයි ඒ වගේ වෙලාවලදී අපි පරෙස්සම් වෙන්න ඕනේ. මොකද දන්නෙම නැතුව අනිත් අයට වඩා අපි උසස් කියලා හිතන්නත් උඩඟු වෙන්නත් අපි පෙලඹෙන්න පුළුවන්.
‘යේසුස් වගේ දෙවිට ළැදිව ඉමු - ප්‍රශංසාව ලැබෙද්දී’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
-
අනිත් අය අපිව ප්‍රශංසා කරන්න ඉඩ තියෙන්නේ මොන වගේ දේවල් නිසාද?
-
සහෝදරයන් සර්ජිව ප්‍රශංසා කළේ කොහොමද?
-
එයාලා ප්‍රශංසා කරපු විදිහ වැරදියි කියලා කියන්නේ ඇයි?
-
සර්ජි ඒ වෙලාවේ නිහතමානීව කටයුතු කරපු එකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?