මැයි 5-11
හිතෝපදේශ 12
ගීතිකාව 101 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. මහන්සි වෙලා වැඩ කරද්දී ආශීර්වාද ලැබෙයි
(විනා. 10යි)
වැඩකට නැති දේවල් පස්සේ ගිහින් කාලේ නාස්ති කරන්න එපා (හිතෝ 12:11)
මහන්සි වෙන්න. ඔයාගේ උපරිමය කරන්න (හිතෝ 12:24; w16.06 30 7¶)
ඔයාගේ වෙහෙසට ආශීර්වාද ලැබෙයි (හිතෝ 12:14)
යෝජනාවක්: මහන්සි වෙලා වැඩ කරද්දී අනිත් අයට ලැබෙන ප්‍රයෝජන ගැන හිතන එක සතුටින් වැඩ කරන්න උදව් වෙනවා.—ක්‍රියා 20:35; w15 2/1 5 4-6¶.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
-
හිතෝ 12:16—අභියෝගවලට මූණ දෙද්දී දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න මේ පදයේ තියෙන ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද? (ijwyp 95 ලිපිය 10-11¶)
-
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 12:1-20 (th 5 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) ගෙයින් ගෙට. (lmd 1 පාඩමේ 4 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. බයිබලේ පාඩම් කරන්න කැමතිද අහන්න. (lmd 5 පාඩමේ 4 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 3යි) අවිධිමත්ව. දරුවෝ ඉන්න කෙනෙක්ට අපේ වෙබ් අඩවිය පෙන්නන්න. (lmd 9 පාඩමේ 3 කරුණ)
7. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 3යි) නිරූපණයක්. ijwfq 3 ලිපිය—තේමාව: ඔයාගේ ආගම සත්‍ය ආගම කියලා ඔයා හිතනවාද? (lmd 4 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 21
8. යෙහෝවාගේ උදව්වෙන් ආර්ථික ප්‍රශ්න දරාගන්න
(විනා. 15යි) සාකච්ඡාවක්.
රස්සාවක් හොයාගන්න බැරි වෙයිද, රස්සාව නැති වෙයිද කියලා ඔයා ඉන්නේ බයෙන්ද? ලැබෙන ගාණ මදි වෙයිද නැත්නම් වයසට ගියාම අතේ සල්ලි නැති වෙයිද කියලා ඔයා වධ වෙනවාද? හැබැයි යෙහෝවා පොරොන්දු වෙනවා අපි අපේ ජීවිතේ මුල් තැන ඔහුට දුන්නොත් නොහිතන විදිහේ ආර්ථික ප්‍රශ්න ආවත් ඔහු අපිව බලාගන්නවා කියලා.—ගීතා 46:1-3; 127:2; මතෙ 6:31-33.
‘යෙහෝවා දෙවි කවදාවත් අපිව අසරණ කළේ නැහැ’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
-
සහෝදර ඇල්වරාඩෝගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
1 තිමෝති 5:8 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
-
යෙහෝවා ඔහුගේ පවුලේ අයව බලාගන්නවා කියලා ඔයාට තියෙන විශ්වාසේ මේ පදයෙන් වැඩි වෙන්නේ කොහොමද?
ආර්ථික ප්‍රශ්නවලට මූණ දෙන්න ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් බලන්න.
-
ජීවිතේ සරලව තියාගන්න. අනවශ්‍ය වියදම්, ණය අඩු කරන්න.—මතෙ 6:22
-
රස්සාව, අධ්‍යාපනය ගැන තීරණ ගද්දී යෙහෝවාට කරන නමස්කාරයට මුල් තැන දෙන්න පුළුවන් වෙන විදිහට ඒවා ගන්න.—ෆිලි 1:9-11
-
නිහතමානී වෙලා තත්වෙට අනුව හැඩගැහෙන්න. රස්සාව නැති වුණොත් එච්චර පිළිගැනීමක් නැති රස්සාවක් වුණත් කරන්න ලෑස්ති පිට ඉන්න. පවුලේ අයව බලාගන්න ඒක ඔයාට උදව් වෙයි.—හිතෝ 14:23
-
ඔයාට ලොකුවට දේවල් නැති වුණත් තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්න.—හෙබ්‍රෙ 13:16
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 10 පරි. 13-21¶