යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘සැබෑ ආදරය’

‘සැබෑ ආදරය’

යෙහෝවා දෙවි විවාහ සැලැස්ම ඇති කරද්දී ඔහුට ඕන වුණේ සැමියාත් බිරිඳත් හැමදාටම සතුටින් ඉන්නවා දකින්නයි. (උත් 2:22-24) දික්කසාද වෙන්න අවසර තියෙන්නේ සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදුණොත් විතරයි. (මලා 2:16; මතෙ 19:9) තමන් විවාහ වෙන්නේ කාවද කියලා හොඳට හිතලා බලලා තීරණයක් ගන්නත් සතුටින් විවාහ ජීවිතය ගෙවන්නත් උදව් වෙන ප්‍රතිපත්ති දෙවි දීලා තියෙනවා.—දේශ 5:4-6.

‘සැබෑ ආදරය’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:

  • ෆ්‍රෑන්ක් සහ බොනී එයාලගේ දුවට ආදරෙන් වගේම බුද්ධිමත් විදිහට උපදෙස් දුන්නා කියලා කියන්න පුළුවන් ඇයි?

  • ආදර සම්බන්ධයක් පවත්වද්දී ඔයා ඇසුරු කරන කෙනාව වෙනස් කරන්න ඔයාට පුළුවන් කියලා හිතන එක අනුවණ දෙයක් වෙන්නේ ඇයි?

  • පෝල් සහ ප්‍රිසිලා ලිස්ට දීපු උපදෙස මොකක්ද?

  • සැක් සහ මේගන්ගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වුණේ ඇයි?

  • ජෝන්ටත් ලිස්ටත් තිබුණේ මොන වගේ ඉලක්කද?

  • කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා තීරණය කරන්න කලින් ඒ කෙනා ‘ඇතුළාන්තයෙන්’ මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න එක වැදගත් ඇයි? (1පේතෘ 3:4)

  • සැබෑ ආදරය කියන්නේ මොකක්ද? (1කොරි 13:4-8)