මුල් පිටුවෙන් | මරණය ජීවිතයේ අවසානයද?
මරණයේ වේදනාව
මරණය කියන්නේ අපි කවුරුත් කතා කරන්න අකමැති විෂයක්. ඒත් කවදා හරි දවසක අපි කවුරුත් මැරෙනවා. මරණය තරම් වේදනාවක් දෙන තවත් දෙයක් නැහැ.
සමහරවිට අපි ආදරය කළ කෙනෙක් හදිස්සියේම මිය යන්න පුළුවන්. නැත්නම් කාලයක් තිස්සේ අසනීපෙන් ඉඳලා අපෙන් සමුගන්න පුළුවන්. ඒ මොන දේ වුණත් දෙමාපියන්ගේ, විවාහ සහකරුගේ හෝ දරුවෙකුගේ මරණය නිසා දැනෙන දුක උහුලන්න අමාරුයි.
හදිසි රිය අනතුරකින් තාත්තාව අහිමි වුණු ආන්ටෝන්යෝ තාත්තා නැති අඩුව එයාට දැනෙන විදිහ මෙහෙම විස්තර කළා. “මට දැනෙන්නේ කවුරු හරි ඇවිල්ලා මගේ ගේ සීල් කරලා යතුරුත් අරන් ගියා වගෙයි. එක මොහොතකටවත් ආපහු ගේ ඇතුළට යන්න බැහැ. ඉතුරු වෙලා තියෙන්නේ ගෙදර මතකයන් විතරයි. මගේ හිත ඒක පිළිගත්තේ නැතත් ඒක තමයි යථාර්ථය.”
සැමියා මිය යද්දී ඩොරතිට අවුරුදු 47යි. ඇය දහම් පාසැල් ගුරුවරියක්. මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවා කියලා විශ්වාස කළත් මරණයෙන් පස්සේ වෙන්නේ මොකක්ද කියලා ඩොරති දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා එයා යන එංගලන්ත සභාවේ දේවගැතිවරයෙක්ගෙන් ඇහුවා “මැරුණට පස්සේ අපිට මොකද වෙන්නේ” කියලා. එතකොට දේවගැතිවරයා කිව්වේ මේ ටිකයි. “ඒකට උත්තරේ කවුරුත් දන්නේ නැහැ. මොනාද වෙන්නේ කියලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ.”
මරණයෙන් පස්සේ වෙන දේ දැනගන්න අපිත් “බලාගෙන ඉන්න” ඕනද? මරණය ජීවිතයේ අවසානයද කියලා දැනගන්නේ කොහොමද?