දේවවචනයට ඇලුම් කළ යටහත් පහත් අප්‍රිකානුවෙක්

දේවවචනයට ඇලුම් කළ යටහත් පහත් අප්‍රිකානුවෙක්

දේවවචනයට ඇලුම් කළ යටහත් පහත් අප්‍රිකානුවෙක්

අප්‍රිකාවේ සිටින සාමාන්‍ය ජනයා සමඟ බයිබල් විෂයක් ගැන සාකච්ඡාවක් ඇරඹීම ඉතාමත්ම පහසු දෙයක්. අමුත්තෙකුට නම් එය පුදුමයට කාරණයක්. “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවාද?” එහෙමත් නැත්නම් “ආහාර හිඟකම, ලෙඩ රෝග, යුද්ධ, අපරාධ වැනි ගැටලුවලට විසඳුමක් තියෙනවාද?” වැනි ප්‍රශ්න ඇහැව්වාම ඕන කෙනෙක් පිළිතුර දැනගන්න කැමතියි. මෙම ප්‍රශ්නවලට අමුත්තෙක් ඔවුන්ට බයිබලයෙන් පිළිතුරු සපයද්දී ඔවුන් ඉතා සතුටින් ඊට ඇහුම්කන් දෙනවා. බොහෝ අවස්ථාවලදී මේ නිසා බයිබල් පාඩම් ආරම්භ කරන්න හැකි වෙලා තිබෙනවා. බයිබල් දැනුම නිසා සත්‍යය තුළ යම් ප්‍රගතියක් ලැබුවායින් පසුව එම ශිෂ්‍යයන් ක්‍රිස්තියානීන් වශයෙන් බව්තීස්ම වෙනවා.

මෙවැනි හොඳ ප්‍රතිචාරයක් දැක්වූ එක්තරා අප්‍රිකානුවෙක් ගැන බයිබලයේ ක්‍රියා 8:26-40හි සඳහන් වෙනවා. ඔහු ඉතියෝපියානු වැසියෙක්. ඔහු සැබෑ දෙවි වූ යෙහෝවාට නමස්කාර කිරීම සඳහා යෙරුසලමට ගොස් තිබුණා.

පහළ පින්තූරයේ පෙනෙන පරිදි ඒ ඉතියෝපියානු මනුෂ්‍යයා දැන් තම නිවස බලා ගමන් කරමින් සිටිනවා. ඔහු ලියවිල්ලක් කියවමිනුයි යන්නේ. ඔහු ගාවට එන අමුත්තෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා. “ඔබ කියවන්නේ කුමක්ද කියා ඔබ ඇත්තෙන්ම දන්නවාද?” ඒ ඉතියෝපියානු මනුෂ්‍යයා යටහත් පහත්ව පිළිගන්නවා තමාට උපකාර අවශ්‍ය බව. ඔහු ඒ අමුත්තාගෙන්, එනම් ක්‍රිස්තියානි දේවසේවක ෆිලිප්ගෙන් ඉල්ලා සිටිනවා තමා ගමන් කරමින් සිටින රථයට නඟින්න කියා. ශුද්ධ ලියවිල්ලෙන් තමා කියවමින් සිටි කොටසේ අර්ථය තමාට පැහැදිලි කරන්න කියා ඔහු ෆිලිප්ට කියනවා. එය මෑතකදී මිය ගිය යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය ගැන කියාපාන අනාවැකියක් බව ෆිලිප් පැහැදිලි කරනවා. “යේසුස් ගැන ශුභාරංචිය” පිළිබඳ වෙනත් කාරණා ගැනත් ෆිලිප් ඔහුට පවසනවා. යේසුස්ගේ නැවත නැඟිටීම ගැනත් ඔහු අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඇති.

මෙම උතුම් සත්‍යයන් ගැන දැනගත් එම ඉතියෝපියානු මනුෂ්‍යයා යේසුස්ගේ ගෝලයෙක් වෙන්න කැමති වෙනවා. “මට බව්තීස්ම වීමට ඇති බාධාව කුමක්ද?” කියා ඔහු ෆිලිප්ගෙන් අසනවා. තමාගේ බව්තීස්මයෙන් පසුව මෙම යටහත් පහත් අප්‍රිකානුවා තම නිවස බලා පිටත්ව යන්නේ ඉතා ප්‍රීතියෙන්. ඔහු ගැන බයිබලයේ සඳහන් වෙන්නේ එපමණයි.

අද දින ලොව වටා සිටින මිලියන සංඛ්‍යාත මනුෂ්‍යයන්ටත් ඒ ‘ශුභාරංචියම’ දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් උපකාර කරමින් සිටිනවා. දැනට බයිබල් පාඩම් මිලියන හයක් පමණ නොමිලේ පවත්වනු ලබනවා.