මුරටැඹ 2025 අංක 1 | යුද ගිනි නැති හෙටක්!
ලෝකේ කොහෙවත් යුද්ධ, දරුණු ගැටුම් නැති කාලෙක ජීවත් වෙන්න ඔයාත් ආස ඇති. ඒ ආසාව තිබුණත් ගොඩක් අය හිතන්නේ ඒක හීනයක් විතරයි කියලා. යුද ගැටුම් නැති කරලාම දාන්න මිනිස්සු මහන්සි වුණත් එයාලට ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා බයිබලේ කියනවා. ළඟදීම මුළු ලෝකෙටම සාමයෙන් පිරුණු, යුද්ධ නැති කාලයක් එනවා කියලත් ඒක විශ්වාස කරන්න තියෙන හේතු ගැනත් ඒකේ කතා කරනවා.
මේ සඟරාවේ “යුද්ධ” සහ “ගැටුම්” කියන වචන පාවිච්චි කරන්නේ, දේශපාලන අරමුණු ඉටු කරගන්න විවිධ කණ්ඩායම් අවි අතට අරන් කරන සටන් ගැන විස්තර කරන්නයි. අදහස් දක්වලා තියෙන සමහර අයගේ නම් වෙනස් කරලා තියෙනවා.
යුද බිමේ අමිහිරි මතකයන්
යුද්ධ නිසා සෙබළුන්ටයි, සාමාන්‍ය ජනයාටයි ගොඩක් අමිහිරි අද්දැකීම්වලට මූණ දෙන්න වෙනවා.
යුද ගැටුම්වලින් බේරෙන්න කාටවත් බැහැ
යුද්ධ නිසා ලොකු විනාශයක් වෙනවා වගේම සම්පත්, මුදල් නාස්ති වෙනවා. ඒ කොහොමද කියලා බලන්න.
යුද ගිනි නිවලා දාන්න මිනිස්සුන්ට පුළුවන්ද?
යුද ගැටුම් නවත්තන්න පාලකයන් විවිධ දේවල් කරනවා. ඒ දේවල් සාර්ථක වෙයිද?
යුද ගිනි දිගින් දිගටම ඇවිළෙන්නේ ඇයි?
යුද්ධ, ප්‍රචණ්ඩකාරී දේවල් ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා බයිබලේ කියනවා.
යුද ගිනි නිවලාම දාන දවස
දෙවියන්ගේ රාජ්‍යයෙන් යුද්ධ සම්පූර්ණයෙන්ම නැති කරලා පොළොව පුරාම සාමය ඇති කරනවා.
යුද ගිනි මැදත් හිතේ සාමයෙන්
යුද්ධ නිසා බැට කාපු අයට බයිබලේ තියෙන තොරතුරු උදව් වෙලා තියෙනවා.
ඔයා කවදා හරි හිතලා තියෙනවාද . . .
යුද්ධ නැති කාලයක් නිකම්ම සිහිනයක්ද? ඒ වගේ ප්‍රශ්න ගැන බයිබලේ කියන දේ දැනගත්තාම ඔයාට ලොකු සහනයක් දැනෙයි.