2019 ජනවාරි 14
අලුත්ම දේවල්
භාෂා පහකින් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි
2019 ජනවාරි 12වෙනිදා නයිජීරියාවේ බෙනින් සිටි නගරයේදී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ඉසෝකෝ භාෂාවෙනුත් සංශෝධනය කළ ‘නව ලොව පරිවර්තනය’ යොරුබා භාෂාවෙනුත් මුදාහැරියා. ඒ දවසේදීම එංගලන්තයේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් ප්‍රාන්තයේ ඩඩ්ලි නගරයේදී ‘නව ලොව පරිවර්තනයේ’ මතෙව් පොත බ්‍රිතාන්‍ය සංඥා භාෂාවෙන් මුදාහැරියා.
පිලිපීනයේ භාෂා දෙකකිනුත් ‘නව ලොව පරිවර්තනය’ මුදාහැරියා. 2019 ජනවාරි 12වෙනිදා සෙබු පළාතේ ලපු ලාපු නගරයේදී සංශෝධනය කළ ‘නව ලොව පරිවර්තනය’ සෙබුආනෝ භාෂාවෙන් මුදාහැරියා. ඊළඟ දවසේදී ලෙයිටි පළාතේ පාලෝ නගරයේදී ‘නව ලොව පරිවර්තනය’ වරේ වරේ භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 179කින් දැන් ලබාගන්න පුළුවන්. 2013දී නිකුත් කරපු සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ මත පදනම්ව සම්පූර්ණයෙන් මුදාහැරපු බයිබල් 18ක් ඊට ඇතුළත්.