4වෙනි දිගහැරුම
“මං ආවේ ඒකටයි”
(කාලය: 54:56)
යේසුස් අසනීප අයව සුව කරයි. භූතයන්ව එළවයි. මිනිස්සුන්ට ගෝලයන් වෙන්න උදව් කරන ඔහු නියෝජිතයන් 12දෙනෙක්වත් තෝරයි. මේ දිගහැරුමෙන් පහළ තියෙන සිද්ධීන් නරඹන්න පුළුවන්.
කපර්ණවුමේ තිබුණ සිනගෝගයේදී යේසුස් උගන්නනවා; භූතයෙක් වැහුණ මනුස්සයෙක්ව සුව කරයි (මාක් 1:21-29; ලූක් 4:31-37)
යේසුස්, පේතෘස්ගේ නැන්දම්මාව සුව කරයි (ලූක් 4:38, 39; මතෙව් 8:14, 15; මාක් 1:30, 31)
යේසුස් හුඟදෙනෙක්ව සුව කරයි (ලූක් 4:40, 41; මතෙව් 8:16, 17; මාක් 1:32-34)
යේසුස් පාළු තැනකට ගිහින් යාච්ඤා කරයි (මාක් 1:35-38; ලූක් 4:42, 43)
යේසුස් දේශනා කරනවා, උගන්නනවා සහ සුව කරනවා (මතෙව් 4:23-25; මාක් 1:39)
යේසුස් ලාදුරු රෝගියෙක්ව සුව කරයි (මාක් 1:40-45; මතෙව් 8:1-4; ලූක් 5:12-15)
යේසුස් යාච්ඤා කරන්න පාළු තැනක් හොයයි (ලූක් 5:16)
යේසුස් කපර්ණවුමේදී අංශභාග රෝගියෙක්ට සමාව දීලා එයාව සුව කරයි (මාක් 2:1-12; මතෙව් 9:1-8; ලූක් 5:17-26)
යේසුස් ඔහුගේ ගෝලයෙක් වෙන්න කියලා මතෙව්ට ආරාධනා කරයි (මාක් 2:13, 14; මතෙව් 9:9; ලූක් 5:27, 28)
මතෙව්ගේ ගෙදරදී යේසුස් බදු එකතු කරන අය එක්ක කෑම කයි (මාක් 2:15-17; මතෙව් 9:10-13; ලූක් 5:29-32)
නිරාහාරව ඉන්න එක ගැන ප්රශ්න කරයි (මතෙව් 9:14-17; ලූක් 5:33-39; මාක් 2:18-22)
යේසුස් යුදයේ තිබුණ සිනගෝගවලදී දේශනා කරයි (ලූක් 4:44)
යේසුස් සබත් දවසක බෙත්සාතා පොකුණ ළඟදී අසනීප කෙනෙක්ව සුව කරයි (යොහන් 5:1-9)
යුදෙව්වන්, සුව වුණ කෙනාට චෝදනා කරයි (යොහන් 5:10-13)
සුව කරපු කෙනාව යේසුස්ට දේවමාලිගාවේදී හම්බ වෙයි (යොහන් 5:14, 15)
පියාණන්ගෙන් තමන්ට ලැබිලා තියෙන අධිකාරිය ගැන යේසුස් කියයි (යොහන් 5:16-24)
යේසුස්ට කීකරු වෙනවා නම් සංකේතාත්මකව මැරිලා ඉන්න අයට ජීවත් වෙන්න පුළුවන් (යොහන් 5:25-27)
සොහොන් ගෙවල්වල ඉන්න අයව නැවත නැඟිට්ටවනවා (යොහන් 5:28-30)
යොහන් බව්තීස්ත, යේසුස් කරපු කියපු දේවල්, පියාණන් සහ ශුද්ධ ලියවිලි යේසුස් ගැන සාක්ෂි දරයි (යොහන් 5:31-47)
යේසුස් “සබත් දවසේ ස්වාමියා” (මාක් 2:23-28; මතෙව් 12:1-8; ලූක් 6:1-5)
යේසුස් සබත් දවසකදී අතක් පණ නැති කෙනෙක්ව සුව කරයි (ලූක් 6:6-11; මතෙව් 12:9-14; මාක් 3:1-6)
ලොකු සෙනඟක් මුහුදු වෙරළ ළඟ රැස් වෙයි; යේසුස් කියන්නේ දෙවියන් තෝරගත්ත ඔහුගේ ආදරණීය සේවකයා; හුඟදෙනෙක්ව සුව කරයි (මාක් 3:7-12; මතෙව් 12:15-21)
නියෝජිතයන් 12දෙනාව තෝරගනියි (ලූක් 6:12-16; මාක් 3:13-19අ)

