Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන් | ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

සියලු මිනිසුන්ට ප්‍රීතිමත් පණිවිඩයක්

සියලු මිනිසුන්ට ප්‍රීතිමත් පණිවිඩයක්

යේසුස්ගේ නැවත නැඟිටීම නිසා ගෝලයන්ගේ විශ්වාසය හා උද්‍යෝගය වැඩි වුණා. උදාහරණයකට යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් මධ්‍යධරණී මුහුද අවට පළාත්වල හා කුඩා ආසියාවේ සංචාරය කරලා ක්‍රිස්තියානි සභා පිහිටෙව්වා. දරුණු පීඩා දරාගන්නත් හරි දේ කරන්නත් ඒ සභාවල හිටපු අයව දිරිගැන්නුවා. ඒ නිසා පීඩා මැද වුණත් හුඟක් අය ක්‍රිස්තියානි සභාවට එකතු වුණා.

පස්සේ කාලෙක පාවුල්ව හිරේ දැම්මත් එයා සභාවල ඉන්න අයව දිරිගන්වලා ලියුම් ලිව්වා. ඉදිරියේදී තවත් ලොකු පීඩාවක් එනම් මහ කැරැල්ලක් ඇති වෙනවා කියලා දෙවිගේ මඟ පෙන්වීමෙන් එයා අනතුරු ඇඟෙව්වා. ‘රැළට කිසිම ආදරයක් නැති රෞද්‍ර වෘකයන් වගේ පිරිසක්’ සභාවට ඇවිත් සත්‍ය ඉගැන්වීම් විකෘති කරලා ‘ගෝලයන්ව ඒ අයගේ පසුපස රැගෙන යනවා’ කියලා පාවුල් කිව්වා.—ක්‍රියා 20:29, 30.

පළවෙනි සියවස අවසානයේදී ඒ මහ කැරැල්ල පටන් අරගෙන තිබුණා. ඒ වෙද්දී නැවත නැඟිටලා ස්වර්ගයට ගිහින් හිටිය යේසුස් අනාගතයේදී වෙන දේවල් දර්ශනයකින් යොහන්ට පෙන්නුවා. පොළොව පාරාදීසයක් කරලා මිනිසුන්ට සදාකාල ජීවනය දෙන්න දෙවියන්ට තියෙන අරමුණ වෙනස් කරන්න කාටවත් බැහැ කියලා යොහන් ඒ දර්ශනයෙන් දැක්කා. ඒ වගේම ‘සියලු ජාතීන්ට ගෝත්‍රවලට හා භාෂාවලට’ අයිති මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රීතිමත් පණිවිඩය දැනගන්න ලැබෙන විදිහත් යොහන් දැක්කා. (එළිදරව් 14:6) දෙවිට කීකරු වෙන අයට අනිවාර්යයෙන්ම ඒ පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙනවා.

ඒක ප්‍රීතිමත් පණිවිඩයක් නෙමෙයිද? ඒ ප්‍රීතිමත් පණිවිඩය ගැන බයිබලයෙන් තවත් දැනගන්න. ඒ දේවල් දැනුත් අනාගතයේදීත් ඔබට ප්‍රයෝජනවත් වෙන විදිහ ගැන ඉගෙනගන්න.

බයිබලය කියවන්න කැමති නම් www.jw.org/si කියන අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. ‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ හා ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාත් ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතත් වෙබ් අඩවියෙන් බලන්න. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් පෞද්ගලිකව හා පවුල් ජීවිතයට අදාළ කරගන්න පුළුවන් විදිහ විස්තර කරන ප්‍රකාශනත් බයිබලය විශ්වාස කරන්න තියෙන හේතු පැහැදිලි කරන ප්‍රකාශනත් වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩි විස්තර දැනගන්න.

තොරතුරු පදනම් වෙලා තියෙන්නේ බයිබලයේ ක්‍රියා, එෆීස, ෆිලිප්පි, කොලොස්සි, ෆිලෙමොන්, 1 යොහන් හා එළිදරව් මතයි.