පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස්ව දෙවිගේ පුත්‍රයා කියලා හඳුන්වන්නේ ඇයි?

දෙවියන්ව පියාණන් හැටියට හඳුන්වලා තිබුණත් ඔහු මනුෂ්‍ය පියෙක්ට වඩා වෙනස්. මොකද දෙවිට පියෙක් වෙන්න බිරිඳක් අවශ්‍ය නැහැ. ඔහු තමයි සියල්ලේ නිර්මාතෘ. උදාහරණයකට ආදම්ව දෙවිගේ පුත්‍රයා කියලා හඳුන්වනවා. ඒකට හේතුව ආදම්ව දෙවිගේම ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කිරීමයි. යේසුස්වත් “දෙවිගේ පුත්‍රයා” හැටියට හඳුන්වලා තියෙන්නේ දෙවිගේම ගතිලක්ෂණ ඇතුව ඔහුව නිර්මාණය කරපු නිසයි.—ලූක් 3:38; යොහන් 1:14, 49 කියවන්න.

යේසුස්ව නිර්මාණය කළේ කොයි කාලයේද?

යේසුස්ව නිර්මාණය කළේ ආදම්ව නිර්මාණය කරන්න හුඟ කාලෙකට කලින්. දෙවියන් මුලින්ම නිර්මාණය කළේ යේසුස්වයි. යේසුස්ට “දෙවිගේ කුලුඳුල් නිර්මාණය” කියන්නේ ඒ නිසයි. දෙවියන් ඔහු මාර්ගයෙන් තමයි ස්වර්ගයේ ඉන්න දේවදූතයන්වත් අනිත් හැම දෙයක්මත් නිර්මාණය කළේ.—කොලොස්සි 1:15, 16 කියවන්න.

ස්වර්ගයේ ජීවත් වුණු යේසුස්ව යම් විශේෂ හේතුවකට පොළොවට එවන්න දෙවියන් තීරණය කළා. ඒ නිසා දෙවියන් ආශ්චර්යයකින් ස්වර්ගයේ හිටපු යේසුස්ව මරියාගේ කුසේ වැඩෙන්න සැලැස්සුවා. ඊටපස්සේ යේසුස්, මිනිසෙක් විදිහට පොළොවේ උපත ලැබුවා.—ලූක් 1:30-32; යොහන් 6:38; 8:23 කියවන්න.

දෙවියන් යේසුස්ව පොළොවට එව්වේ ඇයි? ඔහුට තිබුණු විශේෂ කාර්යභාරය මොකක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා. ඒවා දැනගත්තොත් ඔයාට තේරෙයි දෙවියන් සහ යේසුස් ඔයා වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙනවාද කියලා.