Skip to content

පටුනට යන්න

පවුලක් විදිහට එකතු වෙන්න

පවුලක් විදිහට එකතු වෙන්න

“සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!”—ගීතාවලිය 133:1.

නත්තල සමරන්නේ . . .

අතීතයේ දෙවිට නමස්කාර කරපු සෙනඟ උත්සව පවත්වන්න එකට රැස් වුණාම ගොඩක් සතුටු වුණා. මොකද ඒගොල්ලන්ට දැනුණා එයාලා එක පවුලක් විදිහට එකට එකතු වෙලා දෙවිට නමස්කාර කරනවා කියලා. ඒ වගේ අදත් ගොඩක් අය නත්තල් එනකම් බලාගෙන ඉන්නේ පවුලක් හැටියට එකට එකතු වෙලා සතුටු වෙන්නයි.

ඇත්තටම වෙලා තියෙන්නේ . . .

එක විශ්වකෝෂයක මේ වගේ දෙයක් කියලා තිබුණා. “අවුරුද්ද පුරා පවුලේ අය අතර ඇති වෙන පොඩි පොඩි හිත් අමනාපකම් ගොඩක් වෙලාවට නත්තලට එකතු වුණාම ලොකු ආරවුල් බවට පත් වෙනවා.”—Encyclopedia of Christmas and New Year’s Celebrations.

බයිබලයේ තියෙන්නේ . . .

“තම දෙමාපියන්ගේද තම දෙමාපියන්ගේ මාපියන්ගේද අවශ්‍යතා නිසි ලෙස ඉටු කර දිය යුතුයි.” (1 තිමෝති 5:4) පුළුවන් හැම වෙලාවකම ගිහින් පවුලේ අයව හම්බ වෙලා කතාබහ කරන්න. පවුලේ අය, නෑදෑයන් ඉන්නේ දුරබැහැර නම් එයාලට ලියුම් හරි ඊ-මේල් හරි යවන්න. නැත්නම් කෝල් කරලා කතා කරන්න. එයාලා එක්ක ඔන්ලයින් චැට් කරන්නත් පුළුවන්. ඒ විදිහට පවුලේ අය එක්ක කතාබහ කරලා හොඳ සම්බන්ධයක් තියාගනිද්දී හිත් අමනාපකම් ඇති වෙන එක අඩු කරගන්න පුළුවන්.

‘සෙනෙහස පෙන්වන්න ඔබ අදිමදි කරන බව පෙනේ. එහෙයින් ඔබත් ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.’ (2 කොරින්ති 6:12, 13) නෑදෑයන්ව හම්බ වෙන්නේ අවුරුද්දකට එක සැරයක් විතරයි නම් එයාලා එක්ක තියෙන බැඳීමත් ටිකෙන් ටික අඩු වෙනවා. ඒක වැඩියෙන්ම බලපාන්නේ දරුවන්ට. කාලයක් යන කොට ආච්චිලා සීයලාව, ඈතින් නෑවෙන අයව දරුවෝ සලකන්නේ අමුත්තෝ විදිහටයි. ඒ නිසා වයසින් වැඩි නෑදෑයන්ව අඳුනගෙන එයාලට ආදරය කරන්න දරුවන්ට උදව් කරන්න. * වයසින් වැඩි අය එක්ක නිතරම වගේ කාලය ගත කරන දරුවෝ, වැඩිහිටි අයව තේරුම්ගන්නත් එයාලට ගරු කරන්නත් ඉගෙනගන්නවා.

“සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද!” (හිතෝපදේශ 15:23) පවුලේ කෙනෙක් එක්ක අමනාපයක් ඇති වුණොත් ‘සුදුසු අවස්ථාවක්’ තෝරගෙන ඒ ගැන එයත් එක්ක කතා කරන එකෙන් ප්‍රශ්නේ දුරදිග යවන්නේ නැතුව විසඳගන්න පුළුවන්. පවුලේ අය එක්ක නිතරම කතාබහ කරලා හොඳ සම්බන්ධයක් තියාගන්නවා නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවකදිත් ඒ ගැන කතා කරලා විසඳගන්න එක අමාරු නැහැ. එතකොට පවුලේ අය එකට එකතු වුණාම “සතුටින්” කාලය ගත කරන්න පුළුවන්.

^ 9 ඡේ. වර්ෂ 2001 මැයි 8 පිබිදෙව්! කලාපයේ “මගේ ආච්චි සීයාගෙන් මට ප්‍රයෝජනයක් තියෙනවාද?” කියන ලිපියත් 2001 ජූනි 8 පිබිදෙව්! කලාපයේ “මගේ ආච්චිටයි සීයාටයි සමීප වෙන්නේ කොහොමද?” කියන ලිපියත් බලන්න. පිබිදෙව්! සඟරාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සඟරාවක්.