Skip to content

පටුනට යන්න

ඔබ සබත පැවැත්විය යුතුද?

ඔබ සබත පැවැත්විය යුතුද?

 ඔබ සබත පැවැත්විය යුතුද?

වර්ෂ 1980 ගණන්වල එක් දිනක මෙතෝදිස්ත ආගමේ සාමාජිකයන් පිරිසක් ෆිජි රටේ අගනුවරට පැමිණියා. පල්ලි යන ඇඳුමින් සැරසී සිටි ගැහැනු, පිරිමි සහ දරුවන් එදින මහා මාර්ගවලට පැමිණ මාර්ග බාධක 70ක් දමා මාර්ග සියල්ලක්ම අවහිර කළා. එමෙන්ම ගුවන් ගමන්ද අත්හිටවනු ලැබුවා. ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තේ ඇයි? ඒ සබත පැවැත්වීම අනිවාර්යය කිරීම සඳහායි.

වර්ෂ 2001 සිට ඊශ්‍රායෙලයේ අලුතින් ඉදි කරන සෑම තට්ටු ගොඩනැඟිල්ලකම ස්වයංක්‍රීයව ක්‍රියා කරන සෝපානයක් තිබීම අනිවාර්යය කරනු ලැබුවා. එමෙන්ම එය ස්වයංක්‍රීයව සෑම තට්ටුවකම නතර විය යුතු වුණා. ඊට හේතුව සිකුරාදා සන්ධ්‍යාවේ සිට සෙනසුරාදා සන්ධ්‍යාව දක්වා කාලයේදී යුදෙව්වන් සබත පවත්වන නිසා ඔවුන් ඒ කාලය තුළ කිසිම වැඩක් නොකිරීමයි. අඩුම තරමින් සෝපානයේ බොත්තම් එබීම වැනි කුඩා “වැඩක්” පවා නොකළ යුතුයි කියා ඔවුන් විශ්වාස කළා.

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා ජනරජයේ ඉරිදා දිනවල කිසිම වැඩක් කිරීමට අවසර නැහැ. ගුවන් යානා සහ නැව් රට තුළට පැමිණීමත් එදිනට අත්හිටවනු ලබනවා. එමෙන්ම එදින කිසිම ව්‍යාපාරික කටයුත්තක්ද සිදු වන්නේ නැහැ. කුමන ආගමකට අයිති වුණත් ඉරිදා දවස “ශුද්ධ දිනයක්” ලෙස සැලකීම එම රටේ නීතියයි. මෙවැනි දේවල් එහි සිදු වන්නේ ඇයි? ඊට හේතුව සබත පැවැත්වීම අනිවාර්යය කිරීම සඳහායි.

ඉහත සඳහන් වාර්තාවලින් පැහැදිලි වන්නේ සබත පැවැත්වීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා කියා බොහෝ අය විශ්වාස කරන බවයි. සමහර අය සිතන්නේ ගැලවීම ලබාගැනීම සඳහා  අනිවාර්යයෙන්ම සබත පැවැත්විය යුතුයි කියායි. එමෙන්ම දෙවිගෙන් ලැබී තිබෙන වැදගත්ම ආඥාව එය බවත් සමහර අය විශ්වාස කරනවා. ඇත්තටම සබත කියන්නේ කුමක්ද? එය නිතිපතා පවත්වන්න කියා බයිබලයේ පවසා තිබෙනවාද?

සබත කියන්නේ කුමක්ද?

සබත යන වචනයේ හෙබ්‍රෙව් අර්ථය “විවේකය” යන්නයි. යෙහෝවා දෙවි සියලු දේවල් නිර්මාණය කර හත්වන දවසේ විවේක ගත් බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 2:2) නමුත් සබත පවත්වන්න කියා දෙවි ආඥා කළේ මෝසෙස්ගේ කාලයේදීයි. උදාහරණයකට ක්‍රිස්තු පූර්ව 1513දී ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස ලබා පාළුකරයේ ගමන්ගත් කාලයේදී දෙවි ඔවුන්ට ආශ්චර්යවත් ලෙස මන්නා නමැති ආහාරය සැපයුවා. ඉන්පසු දෙවි පැවසුවේ මෙයයි. “ඔබ දවස් හයක් කෑම එකතු කරගත යුතුයි. නමුත් හත්වෙනි දවස සබත් දවසක්. එදින භූමිය මතුපිට කෑම තිබෙන්නේ නැහැ.” (නික්මයාම 16:26) යෙහෝවා දෙවි පැවසූ ආකාරයට එදා සිට ඔවුන් ‘හත්වෙනි දවසේදී සබත පැවැත්වූවා.’ (නික්මයාම 16:30) ඔවුන් සබත පැවැත්වූයේ සිකුරාදා හිරු බැස යෑමේ සිට සෙනසුරාදා හිරු බැස යෑම දක්වා කාලය තුළයි.

සබත පැවැත්වීම සම්බන්ධයෙන් ඉහත සඳහන් උපදෙස් දීමෙන් පසුව යෙහෝවා දෙවි එය දසපනතටත් ඇතුළත් කළා. (නික්මයාම 19:1) එය දසපනතේ හතරවන පනතයි. එහි සඳහන් වෙන්නේ “සබත් දවස ශුද්ධ දවසක් බව මතක තබාගන්න. ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න. නමුත් හත්වෙනි දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න” කියායි. (නික්මයාම 20:8-10) ඒ අනුව සබත පැවැත්වීම ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිතයේ අනිවාර්ය දෙයක් බවට පත් වුණා.—ද්විතීය කතාව 5:12.

යේසුස් සබත පැවැත්වූවාද?

යේසුස් සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “නියමිත කාලය පැමිණි විට දෙවි තම පුත්‍රයාව එව්වේය. ස්ත්‍රියකගෙන් උපන් ඔහු නීතියට යටත් වී සිටියේය.” (ගලාති 4:4) යේසුස් ඉපදුණේ ඊශ්‍රායෙල් ජාතිකයෙක් හැටියටයි. එමනිසා සබත ඇතුළු නීතියේ සඳහන් සෑම දෙයක්ම ඔහු පිළිපැදිය යුතු වුණා. කෙසේවෙතත් යේසුස්ගේ මිය යෑමත් සමඟ දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය අවලංගු වුණා. (කොලොස්සි 2:13, 14) එය සිදු වූ ආකාරය සොයා බැලීමෙන් අද දින සබත පැවැත්විය යුතුද කියා තේරුම්ගත හැකියි.— 15වන පිටුව බලන්න.

යේසුස් දුන් දේශනයකදී ඔහු මෙසේ පැවසුවා. “මා පැමිණියේ නීතිය හෝ අනාගතවාක්‍යය නැති කර දමන්න කියා නොසිතන්න. මා පැමිණියේ ඒවා සම්පූර්ණ කිරීමට මිස නැති කර දැමීමට නොවෙයි.”  (මතෙව් 5:17) නීතිය “සම්පූර්ණ කිරීමට” තමා පැමිණියා කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? එය තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතන්න. කොන්ත්‍රාත්කරුවෙක් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට පුද්ගලයෙක් සමඟ ගිවිසුමකට පැමිණෙනවා. ඉන්පසු කොන්ත්‍රාත්කරු ගිවිසුමේ කොන්දේසිවලට එකඟ වෙමින් අයිතිකරුගේ කැමැත්තට එකඟව ගොඩනැඟිල්ල ඉදි කරනවා. එය ඉදි කර අවසන් වූ පසු කොන්ත්‍රාත්තුවේ සියලු කොන්දේසි අහෝසි වෙනවා. ඒ හා සමානව මෝසෙස්ට දුන් නීතිය යේසුස් මාර්ගයෙන් සම්පූර්ණ වූ අතර යේසුස්ගේ මරණයත් සමඟම එය අහෝසි වුණා.

ක්‍රිස්තියානීන් සබත පැවැත්විය යුතුද?

යේසුස් මාර්ගයෙන් නීතිය සම්පූර්ණ වූ නිසා අද සිටින ක්‍රිස්තියානීන් සබත පැවැත්විය යුතුද? බයිබලයේ සඳහන් මේ දෙයින් එයට පිළිතුර සොයාගත හැකියි. “ඔබේ කෑම බීම ගැනවත් උත්සවයක් ගැනවත් අමාවක දවසක් නැතහොත් සබත් දවසක් ගැනවත් ඔබව විනිශ්චය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද ඒ දේවල්, පැමිණීමට තිබූ සැබෑ දේ වන ක්‍රිස්තුස් පිළිබඳ ඡායාවක් පමණි.”—කොලොස්සි 2:16, 17.

සබත පැවැත්වීම අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ගෙන් දෙවි අපේක්ෂා කළත් අද සිටින ක්‍රිස්තියානීන්ගෙන් ඔහු එවැනි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඊට හේතුව අද සිටින දෙවිගේ සේවකයන් දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය යටතේ නොසිටීමයි. යේසුස්ගේ මරණයත් සමඟ මෝසෙස්ගේ නීතිය සම්පූර්ණ වූ නිසා එය අවලංගු වුණා. (රෝම 10:4; එෆීස 2:15) ඉන්පසුව ක්‍රියාත්මක වූයේ “ක්‍රිස්තුස්ගේ නීතිය” ලෙස හඳුන්වන අලුත් නීතියයි. (ගලාති 6:2) ඒ අනුව මෝසෙස්ගේ නීතිය අවලංගු වුණා කීමෙන් අදහස් වෙන්නේ සබත පැවැත්වීම පිළිබඳ නීතියත් අහෝසි වූ බවද? ඔව්. බයිබල් ලේඛක පාවුල් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “අප බැඳී සිටි ඒ නීතියෙන් අපව නිදහස් කර” ඇත. (රෝම 7:6, 7) ඉන්පසු දසපනතට අයත් එක් නීතියක් ගැනත් ඔහු සඳහන් කළා. සබත පැවැත්වීමත් දසපනතේ නීතියක් නිසා නීතියෙන් අප නිදහස් කියා පවසන විට ඉන් අදහස් වෙන්නේ සබත පැවැත්වීමෙනුත් අපි නිදහස් බවයි. එමනිසා අද සිටින ක්‍රිස්තියානීන් සබත පැවැත්වීමට බැඳී නැහැ. මේ වෙනස ඇති වුණේ කොහොමද?

එය තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතන්න. සෑම රටකම ක්‍රියාත්මක වන නීති මාලාවක් තිබෙනවා. නමුත් ඒ නීති වෙනස් කර අලුත්  නීති දැමීමට රජයට හැකියි. එවිට අහෝසි වූ නීති පිළිපැදීමට මිනිසුන් බැඳී නැහැ. සමහරවිට පරණ නීති මාලාවේ තිබූ ඇතැම් නීති අලුත් නීති මාලාවටත් ඇතුළත් කර තිබෙනවා විය හැකියි. කෙසේවෙතත් අලුත් නීති මොනවාද කියා දැනගැනීමට නම් ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. එමෙන්ම ඒවා ක්‍රියාත්මක වෙන්නේ කවදා සිටද කියාත් නීතිගරුක මිනිසුන් සොයා බලනවා.

ඒ හා සමානව අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ටත් යෙහෝවා දෙවි නීති 600කටත් වඩා සැපයුවා. ඒ නීති අතරින් දහයක් ප්‍රධාන තැනක් ගත්තා. එම නීතිවලට පූජා ඔප්පු කිරීම හා සම්බන්ධ නීති, සනීපාරක්ෂාව පිළිබඳ නීති, සදාචාර නීති වගේම සබත පැවැත්වීම ගැන නීතිද අයත් වුණා. කොහොමවුණත් යේසුස් පැවසුවේ ඊශ්‍රායෙල්වරුන් වෙනුවට දෙවි අලුත් ‘ජාතියක්’ තෝරාගන්නා බවයි. (මතෙව් 21:43) ක්‍රිස්තු වර්ෂ 33දී මෙම අලුත් ජාතිය තෝරාගනු ලැබූ අතර ඔවුන්ට අලුත් නීති මාලාවක් දෙනු ලැබුවා. ඒ නීති මාලාවේ ප්‍රධාන ආඥා දෙක වූයේ දෙවිටත් අසල්වැසියාටත් ප්‍රේම කිරීමයි. (මතෙව් 22:36-40) “ක්‍රිස්තුස්ගේ නීතිය” ලෙස හඳුන්වන එම අලුත් නීති මාලාවේ ඇති බොහෝ ආඥා අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් අනුගමනය කළ නීතිවලට සමානයි. එමෙන්ම එහි අලුත් නීතිද තිබෙන අතර පැරණි නීති මාලාවේ තිබූ සමහර නීති සම්පූර්ණයෙන්ම අහෝසි කර තිබෙනවා. එලෙස අහෝසි වූ එක් නීතියක් වන්නේ සබත පැවැත්වීම පිළිබඳ නීතියයි.

දෙවි තම ප්‍රමිති වෙනස් කරනවාද?

යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය අවලංගු කර ක්‍රිස්තුස්ගේ නීතිය ස්ථාපිත කිරීමෙන් අදහස් වෙන්නේ ඔහු තම ප්‍රමිති වෙනස් කළ බවද? නැහැ. සාමාන්‍යයෙන් දෙමව්පියන් තම දරුවන් උස් මහත් වන විට ඔවුන්ගේ වයස සහ තත්වය සැලකිල්ලට ගෙන ඔවුන් වෙනුවෙන් දමා තිබූ නීතිවල යම් සකස් කිරීම් කරනවා. ඒ හා සමානව යෙහෝවා දෙවිත් තමන්ට නමස්කාර කරන අය සම්බන්ධයෙන් ඇති කර තිබූ නීතිවල යම් සකස් කිරීම් කර තිබෙනවා. පාවුල් පැවසූ මේ දෙයින් එය තේරුම්ගත හැකියි. “විශ්වාසය තැබීමට පදනම පැමිණෙන තුරු නීතිය අපව මුරකරුවෙකු සේ ආරක්ෂා කළා කියා පැවසිය හැක. එහෙයින් එළිදරව් වීමට නියමිත වූ ඒ පදනම පැමිණෙන තෙක් අපි බලා සිටියෙමු. ඒ අනුව නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපගේ උපදේශකයා බවට පත් වී තිබේ. ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමට මඟ උදා විය. නමුත් විශ්වාසය තැබීමට අවශ්‍ය පදනම දැන් තිබෙන නිසා තවදුරටත් අපට උපදේශකයෙක් අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 3:23-25.

පාවුල් ඉහත සඳහන් කළ දේ සබත සම්බන්ධ නීතියට අදාළ වන්නේ කෙසේද? මේ උදාහරණය සලකා බලන්න. යම් පුද්ගලයෙක් වෘත්තිමය පුහුණු පාඨමාලාවක් හදාරනවා කියා සිතන්න. ඔහු එය හදාරන්නේ සතියකට දිනක් පමණයි. නමුත් ඔහු රැකියාවක් සොයාගත් පසු පාඨමාලාවෙන් ලද පුහුණුව සතිය පුරාම භාවිත කිරීමට ඔහුට සිදු වෙනවා. සබත පැවැත්වීම පිළිබඳ නීතියත් ඒ හා සමානයි. අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන් සතියකට එක් දිනක් සබත පවත්වමින් දෙවිට කරන නමස්කාරයට මූලික තැන දුන්නා. නමුත් අද සිටින ක්‍රිස්තියානීන් දෙවිට නමස්කාර කරන්නේ සතියකට දිනක් පමණක් නොවෙයි. ඔවුන් සෑම දිනකම දෙවිට නමස්කාර කරනවා.

එසේනම් ඊශ්‍රායෙල්වරුන් හා සමානව සතියකට දිනක් වෙන් කරගෙන විවේකීව සිටිමින් දෙවිගේ නමස්කාරයට මුල් තැන දීම වැරදිද? නැහැ. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට එය අපගේ පෞද්ගලික තීරණයක්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කෙනෙක් අන් සියලු දවස්වලට වඩා එක දවසකට විශේෂ වැදගත්කමක් දිය හැකියි. තවත් කෙනෙක් සියලුම දවස් එක හා සමානව සලකනවා විය හැකියි. නමුත් සියලුදෙනාම තමන් කුමන දේ කළත් සිතේ සැකයක් තබා නොගෙන එය කළ යුතුයි.” (රෝම 14:5) කෙසේවෙතත් සලකා බැලූ කරුණුවලින් පැහැදිලි වන්නේ අද දින සබත පැවැත්වීම දෙවි අපෙන් බලාපොරොත්තු නොවන බවයි.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබ දවස් හයක් කෑම එකතු කරගත යුතුයි. නමුත් හත්වෙනි දවස සබත් දවසක්. එදින භූමිය මතුපිට කෑම තිබෙන්නේ නැහැ.”—නික්මයාම 16:26

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපගේ උපදේශකයා බවට පත් වී තිබේ. ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමට මඟ උදා විය. නමුත් විශ්වාසය තැබීමට අවශ්‍ය පදනම දැන් තිබෙන නිසා තවදුරටත් අපට උපදේශකයෙක් අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 3:24, 25

[13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජාත්‍යන්තර දින රේඛාවෙන් එහා මෙහා වන සබත

බොහෝ අය විශ්වාස කරන්නේ සබත සෑම රටකම එකම දවසේ පැවැත්විය යුතුයි කියායි. නමුත් ඇතැම් රටවල් ජාත්‍යන්තර දින රේඛාවේ සිට නැඟෙනහිර දෙසට වෙන්නත් තවත් රටවල් බටහිර දෙසට වෙන්නත් පිහිටා තිබෙනවා. එමනිසා නැඟෙනහිර දෙසින් සහ බටහිර දෙසින් පිහිටා ඇති රටවල දවස් වෙනස් වෙනවා.

උදාහරණයකට ෆිජි සහ ටොංගා රටවල ඉරිදා දිනය උදා වී තිබුණත් සමොවා සහ නියූවලට එය සෙනසුරාදා දවසයි. එමනිසා ෆිජි රටේ සෙනසුරාදා දවසේ සබත පැවැත්වූවත් එහි සිට කිලෝමීටර් 1,145 එහායින් පිහිටි සැමොවා රටේ සිටින අයට එය තවමත් සිකුරාදා දිනය නිසා ඔවුන් ඒ වන විට රැකියාවල නිරත වෙනවා. එමනිසා එකම ආගමට අයත් අය එම රටවල් දෙකේ ජීවත් වූවත් ඔවුන්ට එකම දිනයේ සබත පැවැත්වීමට හැකියාවක් නැහැ.

ටොංගාවල සිටින සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් ආගමට අයත් අය සබත පවත්වන්නේ ඉරිදා දවසේයි. ඔවුන් එසේ කරන්නේ සමොවාවල සිටින තම ආගමේ සාමාජිකයන් එය පවත්වන දිනයේම ඔවුන්ටත් එය පවත්වන්න අවශ්‍ය නිසයි. ටොංගා සහ සමොවා අතර කිලෝමීටර් 850කටත් වඩා දුරක් තිබෙනවා. ඒ වුණත් ටොංගාවල සිට කිලෝමීටර් 800කටත් වඩා අඩු දුරකින් පිහිටි ෆිජිවල සිටින සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් ආගමේ සාමාජිකයන් සබත පවත්වන්නේ එදින නොවෙයි. ඔවුන් එය පවත්වන්නේ සෙනසුරාදා දවසේයි.

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

\

\

\

\ සමොවා

\

— ― ― ― ― ― ― ―

ෆිජි \

ඉරිදා \ සෙනසුරාදා

\

\

ටොංගා \

\

\

\

 [15වන පිටුවේ වගුව]

 (මුද්‍රිත පිටපත බලන්න)

සබත ගැන මතක තබාගත යුතු කරුණු

සබත පැවැත්විය යුතු බව බයිබලයේ සඳහන් වුණත් ඒවා අදාළ වෙන්නේ කුමන කාල පරිච්ඡේදයටද කිය අපි තේරුම්ගත යුතුයි.

ක්‍රිස්තු පූර්ව 4026 මෝසෙස්ගේ කාලයට පෙර

ආදම්ව නිර්මාණය කිරීම සබත පැවැත්වීම ගැන

දෙවි ආඥාවක් දුන්නේ නැහැ.

ද්විතීය කතාව 5:1-3,12-14.

ක්‍රිස්තු පූර්ව 1513 ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය

දෙවි ඊශ්‍රායෙල්වරුන්ට නීතිය දීම සබත පැවැත්වීම පිළිබඳ

නීතිය ලැබුණේ ඊශ්‍රායෙල්වරුන්ට

පමණයි. (ගීතාවලිය 147:19, 20)

එය යෙහෝවා දෙවි සහ ඊශ්‍රායෙල්වරුන්

අතර “ලකුණක්” වුණා.—නික්මයාම 31:16, 17.

ඊශ්‍රායෙල්වරුන් සතිපතා පැවැත්වූ

සබතට අමතරව වෙනත් සබත්

දිනයන්ද පැවැත්වූවා.

ලෙවී කතාව 16:29-31;

23:4-8; 25:4, 11; ගණන් කතාව 28:26.

ක්‍රිස්තු වර්ෂ 33 ක්‍රිස්තුස්ගේ නීතිය

මෝසෙස් මාර්ගයෙන් දී තිබූ නීතිය අවලංගු වීම දෙවි ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වෙන

දේවල් අතරට සබත පැවැත්වීම ඇතුළත් කියා

ක්‍රි.ව. 49දී යෙරුසලමේ සිටි වැඩිමහල්ලන්

සහ යේසුස්ගේ නියෝජිතයන් පැවසුවේ

නැහැ.—ක්‍රියා 15:28, 29.

සමහර දවස් අනික් දවස්වලට වඩා

විශේෂයි කියා සිතූ ක්‍රිස්තියානීන් ගැන

පාවුල් කනගාටු වුණා.

ගලාති 4:9-11.

ක්‍රිස්තු වර්ෂ 2010

[11වන පිටුවේ පින්තූරය]

සබත පැවැත්වීම අනිවාර්යය කිරීම වෙනුවෙන් ෆිජි රටේ සිටි මෙතෝදිස්ත ආගමික සාමාජිකයන් මාර්ග බාධක දැමූ ආකාරය පුවත්පතක පළ වී තිබූ අයුරු

[හිමිකම් විස්තර]

Courtesy of the Fiji Times