පවුලේ සැමට

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

ලූක් 17:11-19 කියවන්න. ඒ වාර්තාවට අනුව මේ පින්තූරයේ ඇති අඩුපාඩු තුනක් සොයන්න. ඒවා පහත ලියන්න. පින්තූරය පාට කර සම්පූර්ණ කරන්න.

සාකච්ඡා කරන්න:

අනික් ලාදුරු රෝගීන් නොකළ දෙයක් එක් රෝගියෙක් කළා. ඒ මොකක්ද?

හෝඩුවාව: ලූක් 17:15, 16 කියවන්න.

ඔයාට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

හෝඩුවාව: කොලොස්සි 3:15; 1 තෙසලෝනික 5:18 කියවන්න.

ඔයා සෑම දවසකම ස්තුති කරන්න ඕනේ කාටද?

හෝඩුවාව: ගීතාවලිය 107:8; යාකොබ් 1:17 කියවන්න.

පවුලම එකතු වන්න:

යෙහෝවා දෙවිට, පවුලේ කෙනෙකුට, හොඳ යාළුවෙකුට ස්තුති කරන්න අවශ්‍ය හේතුවක් එක් එක් කෙනා ලියාගන්න. ඒ සියලුදෙනාටම අගය ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම ලැයිස්තුවක් සකස් කරන්න.

එකතු කරන්න

බයිබල් චරිත 21 මෝසෙස්

ප්‍රශ්න

අ. මෝසෙස් ලිව්වේ බයිබලයේ තියෙන මොන පොත්ද?

ආ. මෝසෙස්ගේ තාත්තගේ නම ․․․․․. අම්මගේ නම ․․․․․. මෝසෙස්ව හදා වඩා ගත්තේ ․․․․․ ․․․․․.

ඇ. මේ බයිබල් පදය සම්පූර්ණ කරන්න. මෝසෙස් “නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන . . . ”

තොරතුරු.

බලවත් ක්‍රියා කිරීමට දෙවිගේ බලය ලැබුණු මුල්ම තැනැත්තායි. ඔහු අනාගතවක්තෘවරයෙක්, විනිශ්චයකාරයෙක්, දෙවිගේ නීති ලබා දීමට යොදාගත් තැනැත්තෙක් හා ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වන්නෙක් ලෙස ක්‍රියා කළා. ඊශ්‍රායෙල්වරුන් ඔහුව සැලකුවේ බොහෝ පුදුම ක්‍රියා කළ කෙනෙක් ලෙසයි.—ද්විතීය කතාව 34:10-12; නික්මයාම 4:1-9.

පිළිතුරු

අ. උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව, යෝබ්, ගීතාවලිය 90 සහ සමහරවිට 91ත් ලියන්න ඇති.

ආ. අම්රාම්, යොකෙබෙද්, පාරාවෝගේ දියණිය.—නික්මයාම 1:15–2:10; 6:20.

ඇ. “ . . . විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව” සිටියා.—හෙබ්‍රෙව් 11:27.

ජාතීන් හා දේශ

මගේ නම මාම්පියෝනෝනා. මට අවුරුදු අටයි. මම ජීවත් වෙන්නේ මැඩගස්කරයේ. එහි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ 10,000ක්ද, 24,000ක්ද නැත්නම් 62,000ක්ද?

සිතියමේ මගේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

 

පිළිතුරු

  1. ඉන්න ඕනේ ලාදුරු රෝගීන් 11ක් නෙවෙයි දහයයි.

  2. ඒ සියලුම රෝගීන් පිරිමි අයයි.

  3. නැවත පැමිණි පුද්ගලයා ස්තුති කළේ ‘යේසුස්ගේ පාමුල වැටිලයි.’

  4. 24,000.

  5. 2.