Skip to content

පටුනට යන්න

අපගේ පුදුමාකාර අස්ථි

අපගේ පුදුමාකාර අස්ථි

නිර්මාණයක්ද?

අපගේ පුදුමාකාර අස්ථි

● අපගේ අස්ථි, ඒවා නිකම්ම නිකම් ඇටකටු පමණක්ද? නැහැ. ඒවා නම්‍යශීලී බවින් හා ශක්තිමත් බවින් ඉතාමත් විශිෂ්ටයි.

මේ ගැන සිතා බලන්න: අපගේ සිරුරේ අස්ථි 206ක් සහ සන්ධි 68ක් තිබෙනවා. ඉන් දිගම අස්ථිය කලවා ඇටයයි. එය ඌර්වාස්ථිය ලෙසද හඳුන්වනවා. එමෙන්ම කුඩාම අස්ථිය පිහිටා තිබෙන්නේ කන තුළයි. එය හඳුන්වන්නේ ධරණකය ලෙසයි. ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් තම අස්ථි, මාංශ පේශී, කාටිලේජ සහ සන්ධි උපයෝගී කරගනිමින් විවිධ ඉරියව් ගණනාවක් ප්‍රදර්ශණය කරන විට ශරීරයේ නම්‍යශීලී ස්වභාවය ගැන අපට පුදුම හිතෙනවා. “අපගේ ශරීරය මොන තරම් පුදුමාකාර ලෙස නිර්මාණය කර තිබෙනවාද කියා තේරුම්ගැනීමට අපගේ මාපටැඟිල්ල පමණක් ප්‍රමාණවත්” කියා සමීක්ෂකයන් පවසනවා.—National Space Biomedical Research Institute.

විශාල බරක් දැරීමේ හැකියාවද අපගේ අස්ථි සතුයි. ඒවා “සැකසී තිබෙන්නේ හරියට කොන්ක්‍රීට් හා සමානවයි. සිමෙන්ති, වැලි සහ කළු ගල් මිශ්‍රණය නිසා කොන්ක්‍රීට් ශක්තිමත් වන අතර ඊට දමා ඇති යකඩ කූරු නිසා එයට යම් නම්‍යශීලී බවක්ද ලබා දෙනවා. කෙසේනමුත් ශක්තිමත්ම කොන්ක්‍රීට් එකකට වඩා අපගේ අස්ථි ශක්තියෙන් වැඩියි.” පදාර්ථ පිළිබඳ හදාරන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ඕ. රිචී ඒ ගැන මෙසේ අදහස් දැක්වූවා. “අපටත් ඒ වගේ දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් කොතරම් හොඳද!”

කොන්ක්‍රීට් මෙන් නොව අස්ථි අසංඛ්‍යාත ජීවීන්ගේ ශරීරයේ අත්‍යවශ්‍ය කොටසක්. එමෙන්ම ඒවා ඉතාමත් ක්‍රියාශීලී ලෙස තමන්වම අලුත්වැඩියා කරගන්නවා. ශරීරයේ හෝමෝනවල ක්‍රියාකාරීත්වයට අනුව ඒවා වර්ධනය වෙනවා. ඒ විතරක් නෙවෙයි රතු රුධිරානු නිපදවීමෙහි ප්‍රධාන කාර්යයට අපගේ අස්ථි විශාල වශයෙන් දායක වෙනවා. ඊට අමතරව මාංශ පේශී මෙන් අස්ථිද ශරීරයට බර වැටෙන තරමටම ක්‍රමානුකූලව ශක්තිමත් වෙනවා. ශරීරය වෙහෙසා වැඩ නොකරන අයට වඩා මලල ක්‍රීඩකයන්ගේ අස්ථි ඉතා ශක්තිමත් ඒ නිසයි.

කල්පනා කර බලන්න. ශක්තිමත් අස්ථි අපට ලැබුණේ අහම්බෙන්ද, නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[25වන පිටුවේ පින්තූරය]

අස්ථිවල සැකැස්ම (විශාල කළ විට)

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Leg bone: © MedicalRF.com/​age fotostock; close-up: © Alfred Pasieka/​Photo Researchers, Inc.; gymnast: Cultura RF/​Punchstock