Skip to content

පටුනට යන්න

දිය නොරැඳෙයි නෙළුම් කොළේ

දිය නොරැඳෙයි නෙළුම් කොළේ

නිර්මාණයක්ද?

දිය නොරැඳෙයි නෙළුම් කොළේ

▪ වැහි කාලයේ වීදුරු ජනෙල් මත වැහි බින්දු රැඳෙන්නේ නැත්නම් කොතරම් හොඳද? නැනෝ යන්ත්‍ර (පියවි ඇසට නොපෙනෙන යන්ත්‍ර) කිසිම අවහිරයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි නම් මොන තරම් ප්‍රයෝජනයක් ගත හැකිද? නමුත් විද්‍යාඥයන් පවසන්නේ නෙළුම් පත්‍රයක දිය නොරැඳෙන්නේ කොහොමද කියා සොයාගැනීමට හැකි නම් ඉහත සඳහන් කාරණා දෙකට පමණක් නොව තවත් බොහෝ දේවල් සඳහා එම තාක්ෂණය යොදාගත හැකි බවයි.

මේ ගැන සිතා බලන්න: නෙළුම් පත්‍රයක ඇසට නොපෙනෙන තරම් කුඩා නෙරීම් තිබෙනවා. එමෙන්ම එම කුඩා නෙරීම් මත ඉටි පටලයක් පිහිටා තිබෙනවා. එමනිසා නෙළුම් පත්‍රය මතට දිය බින්දු වැටුණු විට එම දිය බින්දු පත්‍රයට උරා නොගෙන රූ රා වැටෙනවා. පත්‍රය මත වැටෙන දිය බින්දු නිසා පත්‍රය පිරිසිදු වෙනවා.

විද්‍යඥයන්ගේ එකම උත්සාහය වී තිබෙන්නේ නෙළුම් පත්‍රයක දිය බින්දු නොරැඳීමේ රහස භාණ්ඩ නිපදවීම සඳහා යොදාගැනීමයි. දිය බින්දු රැඳීම නිසා හානි වන නැනෝ යන්ත්‍ර සඳහාද මෙම තාක්ෂණය යොදාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එක් විද්‍යාත්මක සඟරාවක පවසන්නේ “මෙම තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් ලබාගත හැකි ප්‍රයෝජනවලට නිමක් නැති බවයි.”—Science Daily.

මේ ගැන කල්පනා කර බලන්න: නෙළුම් පත්‍ර එලෙස සෑදී තිබෙන්නේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් නිසාද නැත්නම් එය නිර්මාණයක්ද?