Skip to content

පටුනට යන්න

වසු පැටවෙකුගේ ආමාශයේ විස්මය!

වසු පැටවෙකුගේ ආමාශයේ විස්මය!

නිර්මාණයක්ද?

වසු පැටවෙකුගේ ආමාශයේ විස්මය!

▪ ඔබ කවදා හෝ බැටළුවෙක්, එළුවෙක් හෝ එළදෙනෙක් පැටවුන් බිහි කරනවා දැක තිබෙනවාද? බිහි වූ එවැනි පැටවෙක් ඉතා ඉක්මනින් නැඟිට මවගෙන් කිරි උරා බොන ආකාරය දැකීමෙන් සමහරවිට ඔබ පුදුමයට පත් වෙලා ඇති. ක්ෂීරපායින් අතර සිටින එවැනි වමාර කන සත්වයන් බිහි කරන පැටවුන්ගේ ආමාශය තුළ ඉතා අපූරු දෙයක් සිදු වෙනවා. ඒ ගැන ඔබ දැන සිටියාද?

මේ ගැන සිතා බලන්න: ගවයෙකුගේ ආමාශය කුටීර හතරකට බෙදී තිබෙනවා. ඒ උන් ආහාරයට ගන්නා තණකොළ සහ වෙනත් සත්ව ආහාර දිරවීමේ ක්‍රියාවලියන් පහසු කරවීම සඳහායි. නමුත් කිරි දිරවීම සඳහා ඒ සෑම ක්‍රියාවලියක්ම අවශ්‍ය නැහැ. ඒ නිසා වසු පැටවෙකු කිරි උරා බොන සැණින් ඒ කිරි වෙනත් කුටීර වෙත නොගොස් කෙලින්ම අවසන් කුටීරය වෙත ගලා යෑම සඳහා විශේෂ නාලයක් විවෘත වෙනවා.

නමුත් ආමාශයේ මුල් කුටීරය වෙත කිරි ගමන් කිරීම වසු පැටවෙකුට අහිතකරයි. මන්ද එම කුටීරයෙන් කෙරෙන්නේ දිරවීමට අපහසු ආහාර බැක්ටීරියා ක්‍රියාදාමයක් මගින් දිරවීමට පහසු කරවීමයි. නමුත් පැටවා බොන කිරි මුල් කුටීරය වෙත ගියොත් සිදු වන්නේ කිරි පැසවීමේදී නිපදවන වායුව ඉවත් කිරීමට ඌට නොහැකි වීමයි. ඒ නිසා මොනයම් ක්‍රමයකින් හෝ උන් කිරි පානය කිරීමේදී එම කිරි පළමු කුටීරය වෙතට නොයන සේ එම නාලය අවහිර වෙනවා.

නමුත් වසු පැටවෙකු ජලය පානය කරද්දී සිදු වන්නේ ඊට වඩා වෙනස් ක්‍රියාවලියක්. කිරිපානය කරද්දී මෙන් නොව ජලය පානය කරද්දී ඒවා ගමන් කරන්නේ ආමාශයේ පළමු කුටීරයටයි. ඊට හේතුව ආහාර දිරවීම සඳහා බැක්ටීරියා ඇති වීමට ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වීමයි. එය වසු පැටවා ටිකෙන් ටික ලොකු වෙද්දී ගන්නා සත්ව ආහාර සහ තෘණ දිරවීමට පෙර සූදානමක්. එලෙස වසු පැටවෙකු බොන කිරි පමණක් ආමාශයේ අවසන් කුටීරය කරා ගෙන යෑමට එම නාලය විවෘත වීම ඇත්තටම පුදුමය දනවන්නක් නොවෙයිද!

කල්පනා කර බලන්න: මෙවැනි සංකීර්ණ ක්‍රියාවලියක් අහම්බෙන් සිදු විය හැකිද? නැත්නම් එය ප්‍රඥාවන්ත නිර්මාණයක ප්‍රතිඵලයක්ද?

[13වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

වසු පැටවෙකුගේ ආමාශයේ මුල් කුටීර තුන පසු කර හතරවෙනි කුටීරය වෙත කිරි ගමන් කරන ආකාරය

[රූප සටහන]

කිරි රැගෙන යන නාලය

1 රෝමාන්ථය (පළමු කුටීරය)

2 ජාලිකාව

3 ත්‍රිකාමාශ

4 ජඨරාශය (අවසන් කුටීරය)