මුරටැඹ - පාඩම් කලාපය 2017 මැයි 

2017 ජූලි 3-30 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

අවතැන් වුණ අයට අත දෙමු

අවතැන් වුණ අයට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?

වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයගේ දරුවන්ට උදව් කරමු

ඔයා වෙනත් රටකින් ආපු කෙනෙක් නම් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ඔයාගේ දරුවන්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? දරුවන්ට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද?

ජීවිත කතාව

බිහිරි වුණත් ඒක මං බාධාවක් කරගත්තේ නැහැ

වෝල්ටර් මාකින් බිහිරි කෙනෙක් වුණත් එයා තෘප්තිමත් ජීවිතයක් ගත කළා. ඒ එයා යෙහෝවා දෙවිට සේවය කරපු නිසයි.

ආදරේ අඩු වෙන්න ඉඩ දෙන්න එපා

මුල් සියවසේ හිටපු යේසුස්ගේ සමහර අනුගාමිකයන් දෙවි ගැන එයාලට මුලින් තිබුණ ආදරේ අඩු කරගත්තා. යෙහෝවා දෙවි ගැන අපිට තියෙන ආදරේ තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

“මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”

ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවටද කියන දේ යේසුස් පේතෘස්ට වටිනා පාඩමක් ඉගැන්නුවා. ඒ පාඩමෙන් අපිටත් ඉගෙනගන්න දෙයක් තියෙනවද?

සහෝදරයන්ට අතහිත දුන් ගායස්

ගායස් කියන්නේ කවුද? අපි එයාව ආදර්ශයට ගන්න ඕනෙ ඇයි?

මේ සතුට සරල ජීවිතයක් ගත කරන නිසයි

ජීවිතේ සරල කරගන්න යුවළක් පෙලඹුණේ ඇයි? එයාලා ඒක කළේ කොහොමද? ඒ තීරණය නිසා එයාලා ලොකු සතුටක් අද්දැක්කේ කොහොමද?

අතීතයෙන් බිඳක්

“වෙන කවරදාකටත් වඩා උනන්දුවකින්, ආසාවකින්”

1922 තිබුණ සමුළුවෙන් පස්සේ “රජ සහ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න” කියන උපදෙස බයිබල් ශිෂ්‍යයන් අදාළ කරගත්තේ කොහොමද?