13වෙනි ප්‍රශ්නය

වැඩ කරන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

“තමන්ගේ වැඩේ දක්ෂ විදිහට කරන කෙනෙක්ව දැකලා තියෙනවාද? එයා රජවරුන් ඉස්සරහට යයි. සාමාන්‍ය අය අතරේ එයාව දකින්න ලැබෙන්නේ නැහැ.”

හිතෝපදේශ 22:29

“කෙනෙක් හොරකම් කරනවා නම් එයා ඒක නවත්තන්න ඕනේ. ඒ වෙනුවට එයාම වෙහෙස මහන්සි වෙලා අවංක විදිහට මුදලක් හොයාගන්න ඕනේ. එතකොට අගහිඟකම් තියෙන කෙනෙක් එක්ක බෙදාගන්න එයා ළඟ දෙයක් තියෙයි.”

එෆීස 4:28

“කන බොන එක, මහන්සි වෙලා කරන වැඩවලින් සතුටක් ලබන එක හොඳ දෙයක්. ඒක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්.”

දේශනාකාරයා 3:13