සිංහල
මිනිස්සු දුක් විඳින එකට වග කියන්න ඕනෙ දෙවියන්ද?
https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg
nwt 18 පි.

8වෙනි ප්‍රශ්නය

මිනිස්සු දුක් විඳින එකට වග කියන්න ඕනෙ දෙවියන්ද?

“සැබෑ දෙවියන් කවදාවත් දුෂ්ට විදිහට වැඩ කරයිද? සියලු බලැති දෙවියන් වැරදි දෙයක් කරයි කියලා හිතන්න පුළුවන්ද? ඒ වගේ සිතුවිල්ලක්වත් ඔහුගේ හිතට එන්නේ නැහැ.”

යෝබ් 34:10

“ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙක්, ‘දෙවියන් මාව පරීක්ෂා කරනවා’ කියලා කියන්න හොඳ නැහැ. නපුරු දේවල් කරන්න දෙවියන්ව පොලඹවන්න කාටවත් බැහැ. දෙවියනුත් නපුරු දේවල් කරලා කාවවත් පරීක්ෂා කරන්නේ නැහැ.”

යාකොබ් 1:13

“ඔයාලාගේ හිතේ තියෙන හැම කරදරයක්ම ඉක්මනින්ම ඔහුට භාර දෙන්න. මොකද ඔහු ඔයාලා ගැන ගොඩක් හිතනවා.”

1 පේතෘස් 5:7

“සමහර අය හිතන්නේ යෙහෝවා තමන් දීපු පොරොන්දු ඉටු කරන්න පරක්කු වෙනවා කියලයි. ඒත් ඔහු පරක්කු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔයා ගැන ඉවසනවා. මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.”

2 පේතෘස් 3:9