ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මිනිස්සු දුක් විඳින්නේ ඇයි?

සිංහල
මිනිස්සු දුක් විඳින්නේ ඇයි?
https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg
nwt 19 පි.

9වෙනි ප්‍රශ්නය

මිනිස්සු දුක් විඳින්නේ ඇයි?

“වේගවත්ම අය හැම වෙලේම තරඟය දිනන්නේ නැහැ. බලවත් අය හැම වෙලේම සටනින් ජය ගන්නේ නැහැ. ප්‍රඥාවන්ත අයට හැම වෙලේම කෑම ලැබෙන්නේ නැහැ. බුද්ධිමත් අය ළඟ හැම වෙලේම ධන සම්පත් තියෙන්නේ නැහැ. දැනුම තියෙන අය හැම වෙලේම සාර්ථක වෙන්නෙත් නැහැ. මොකද නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල් ඕනෙම කෙනෙක්ට වෙන්න පුළුවන්.”

දේශනාකාරයා 9:11

“එක මිනිසෙක් නිසා ලෝකෙට පව්කාරකම ඇතුල් වුණා. ඒ පව්කාරකමේ ප්‍රතිඵලය මරණයයි. මරණය හැමෝටම උරුම වුණා. මොකද හැමෝම වැරදි කළා.”

රෝම 5:12

“දෙවියන්ගේ පුතා ආවේ යක්ෂයාගේ ක්‍රියා නැත්තටම නැති කරලා දාන්නයි.”

1 යොහන් 3:8

“මේ මුළු ලෝකයම යක්ෂයාගේ බලපෑමට අහු වෙලා.”

1 යොහන් 5:19