හොෂෙයා 2:1-23

  • අවිශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන්ට දඬුවම් කරයි (1-13)

  • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව ආයෙත් ඔහුගේ බිරිඳ විදිහට භාරගනියි (14-23)

    • “‘ඔබ මගේ ස්වාමිපුරුෂයා’ කියලා ඇය මට කියයි” (16)

2  “ඔබේ සහෝදරයාට ‘මගේ සෙනඟ’*+ කියලත් ඔබේ සහෝදරියට ‘දයාව ලැබුණ තැනැත්තිය’*+ කියලත් කතා කරන්න.   ඔබේ මවට චෝදනා කරන්න. ඇයට විරුද්ධව පැමිණිලි කරන්න.මොකද දැන් ඇය මගේ බිරිඳ නෙමෙයි.+ මම ඇගේ සැමියාත් නෙමෙයි. ඇය ගත කරන අනාචාර ජීවිතය අත්හැරිය යුතුයි.වෙනත් පුරුෂයන්ව තුරුල් කරගෙන මට කරන ද්‍රෝහිකම් ඇය නතර කළ යුතුයි.   එහෙම කළේ නැත්නම් ඇය උපන් දවසේ හිටියා වගේ මම ඇයව නිරුවත් කරනවා.ඇයව පාළු කාන්තාරයක්, වතුර නැති දේශයක් වගේ වෙන්න සලස්වනවා.ඇයට පිපාසයෙන් මැරෙන්න ඉඩහරිනවා.   ඇගේ දරුවන් අනාචාරයෙන් ඉපදුණ දරුවන්.ඒ නිසා මම ඔවුන්ට කිසිම දයාවක් පෙන්වන්නේ නැහැ.   ඔවුන්ගේ මව අනාචාරයේ යෙදුණා.+ ඔවුන්ව බිහි කළ ඇය හැසිරිලා තියෙන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව.+ඇය මෙහෙම කියනවා. ‘මං මගේ පෙම්වතුන් පස්සේ යනවා.+මට කෑම, වතුර, තෙල්, බීම, ලොම් සහ ලිනන් රෙදි දෙන්නේ එයාලයි.’   ඒ නිසා, කටු වැටක් දාලා මම ඇගේ ගමන් මඟ හරස් කරනවා.ඇයට පාර හොයාගන්න බැරි වෙන්න මම ගල් පවුරක් ඉදි කරනවා.   ඇය තමන්ගේ පෙම්වතුන් පස්සේ දිව්වත් ඔවුන් ළඟටවත් යන්න ලැබෙන්නේ නැහැ.+ඔවුන්ව හෙව්වත් ඔවුන්ව හම්බ වෙන්නේ නැහැ. එතකොට ඇය මෙහෙම කියයි. ‘මං ආයෙත් මගේ මුල්ම සැමියා ළඟට යනවා.+ඔහු එක්ක ඉද්දී මං මීට වඩා කොච්චර සතුටින් හිටියාද!’+   ඇයට ධාන්‍ය, අලුත් වයින් සහ තෙල් දුන්නේ මමයි කියලා ඇය තේරුම්ගත්තේ නැහැ.+මම ඇයට ඇති තරම් රන් රිදී දුන්නා.ඒත් ඇය ඒවා පාවිච්චි කළේ බාල් දෙවියාට නමස්කාර කරන්න.+   ‘ඒ නිසා අස්වැන්න නෙළන කාලයේදී ධාන්‍යවත්මිදි කපන කාලයේදී අලුත් වයින්වත් මම ඇයට දෙන්නේ නැහැ.+ඇගේ නිරුවත වහගන්න මම දුන්න ලොම් සහ ලිනන් මම ඇගෙන් උදුරගන්නවා. 10  ඇගේ පෙම්වතුන් ඉදිරියේ මම ඇයව නිරුවත් කරනවා.කිසි කෙනෙක්ට ඇයව මගේ අතින් ගලවගන්න ලැබෙන්නේ නැහැ.+ 11  ඇගේ සතුටට හේතු වෙන හැම දෙයක්ම මම නැති කරනවා.උත්සව දවස්, නව සඳ පායන දවස්, සබත් දවස් ඇතුළු ඇය සමරන හැම උත්සවයක්ම+ මම නවත්තලා දානවා. 12  ඇය තම මිදිවැල් ගැනත් අත්තික්කා ගස් ගැනත් කියන්නේ “මේ හැම දේම මගේ පෙම්වතුන්ගෙන් මට ලැබුණු තෑගි” කියලයි.ඒත් මම ඒ හැම දේම නැති නාස්ති කරනවා. ඇගේ වතු කැලෑවක් කරනවා.වනසතුන් ඇවිත් ඒවාවල පලදාව කාලා දානවා. 13  ඇය බාල්ගේ රූපවලට සුවඳ දුම් ඔප්පු කළා.+මාව අමතක කරලා,+ මුදු මාල පැලඳගෙන ඇගේ පෙම්වතුන් පස්සේ ගියා.ඇයට සිද්ධ වෙනවා ඒ හැම දේටම මට වග කියන්න.’ඒ දේ කියන්නේ යෙහෝවා දෙවියන්. 14  ‘ඒ නිසා මම ඇයව පාළුකරයට යවනවා.ඒත් මං කැමති දේ කරන්න මම ඇගේ හිතේ ආසාවක් ඇති කරනවා.ඇගේ හදවතට දැනෙන විදිහට කතා කරනවා. 15  ඇගේ මිදිවතු මම ආයෙත් ඇයට දෙනවා.+ඇය ආකොර් නිම්නය*+ මැදින් ගිහින් පැතූ දේ ලබාගන්නවා.ඒ දවසේදී ඇය යෞවන කාලයේදී කළා වගේ මට උත්තර දෙයි.ඊජිප්තු දේශයෙන් පිටතට එද්දී කළා වගේ මට උත්තර දෙයි.+ 16  ඒ දවසේදී “මගේ ස්වාමියා”* කියලා කියනවා වෙනුවට“ඔබ මගේ ස්වාමිපුරුෂයා” කියලා ඇය මට කියයි.’එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්. 17  ‘මම ඇගේ මුවින් බාල් රූපවල නම් ඉවත් කරනවා.+ඒ රූපවල නම් ඇයට අමතක වෙලාම යයි.+ 18  ඒ දවසේදී මම මගේ සෙනඟ වෙනුවෙන් වනසතුන්,+අහසේ කුරුල්ලන් සහ කුඩා සතුන්*+ එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා.දුන්න, කඩුව, යුද්ධය දේශයෙන් නැති කරලා+ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න සලස්වනවා.+ 19  මම ඔබ එක්ක විවාහ වෙලා හැමදාටමත් ඔබ එක්ක බැඳිලා ඉන්නවා කියලා දිවුරලා පොරොන්දු වෙනවා.මම ඔබට සාධාරණව සහ ධර්මිෂ්ඨකමින් සලකනවා.ඔබට දයාව පෙන්වලා නොසැලෙන ආදරේකින්*+ ඔබ එක්ක බැඳිලා ඉන්නවා. 20  හැමදාටම ඔබට විශ්වාසවන්තව ඉන්නවා කියලා මම පොරොන්දු වෙනවා.යෙහෝවා වන මම කවුද කියලා එදාට ඔබ හඳුනගනියි.’+ 21  යෙහෝවා මෙහෙමත් කියනවා.‘ඒ දවසේදී මම ඔබට උත්තර දෙනවා.අහසට අවශ්‍ය දේ මම අහසට දෙනවා.පොළොවට අවශ්‍ය දේ අහසෙන් ලැබෙනවා.+ 22  පොළොවෙන් ධාන්‍යත් අලුත් වයිනුත් තෙලුත් ලැබෙනවා.යෙෂ්‍රෙයෙල්* ඉල්ලන ඒ හැම දේම ඔහුට ලැබෙයි.+ 23  මම ඇයව බීජ මෙන් පොළොව පුරා වපුරනවා.+දයාව නොලැබුණ තැනැත්තියට* මම දයාව පෙන්වනවා.මට අයිති නැති සෙනඟකට* මම “මගේ සෙනඟ” කියලා අමතනවා.+ඔවුනුත් “ඔබ අපේ දෙවියන්” කියලා මට කියනවා.’”+

පාදසටහන්

හොෂෙ 1:6 පාදසටහන බලන්න.
හොෂෙ 1:9 පාදසටහන බලන්න.
හෝ, “තැනිතලාව.”
හෝ, “මගේ බාල්.” තේරුම, “මගේ අයිතිකරු.”
මෙතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මීයන්, උරගයන්, කෘමීන් ඇතුළු බඩ ගාගෙන යන අනිත් සත්තු අදහස් වෙනවා.
තේරුම, “දෙවියන් බීජ සීසීකඩ යවයි.”
හොෂෙ 1:6 පාදසටහන බලන්න.
හොෂෙ 1:9 පාදසටහන බලන්න.