හිතෝපදේශ 10:1-32

  • ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි (1)

  • උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි (4)

  • ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කියවෙයි (19)

  • සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදවලින් (22)

  • යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි (27)

10  සලමොන්ගේ හිතෝපදේශ.+ ප්‍රඥාවන්ත පුතෙක් තාත්තාව සතුටු කරයි.+ඒත් අඥාන පුතෙක් අම්මාව දුකට පත් කරයි.  2  දුෂ්ටකම් කරලා ලබාගන්න වස්තුවෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ.ඒත් මරණයෙන් බේරෙන්නේ හරි දේ කරන අයයි.+  3  යෙහෝවා ධර්මිෂ්ඨයාට බඩගින්නේ ඉන්න ඉඩහරින්නේ නැහැ.+ඒත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉටු කරලා දෙන්නේ නැහැ.  4  කම්මැළියා දුප්පත්කමට වැටෙයි.+ඒත් උත්සාහවන්තයා පොහොසතෙක් වෙයි.+  5  බුද්ධිමත්ව වැඩ කරන පුතෙක් ගිම්හාන කාලේදී අස්වැන්න නෙළාගනියි.ඒත් අස්වැන්න නෙළන කාලේදී නිදාගන්න පුතෙක්ට අත් වෙන්නේ ලැජ්ජාවයි.+  6  ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයාටයි.+ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.  7  ධර්මිෂ්ඨයා ගැන හැමදාමත් තියෙන්නේ හොඳ මතකයන්.*හැමෝම එයාගේ හොඳ කතා වෙනවා.+ඒත් දුෂ්ටයාගේ නම ඇහෙද්දීත් දැනෙන්නේ පිළිකුලක්.එයාගේ නම මැකිලාම යනවා.+  8  ප්‍රඥාවන්තයා මඟ පෙන්වීම්* පිළිගන්නවා.+ඒත් මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දානවා.+  9  දෙවියන්ට විශ්වාසවන්ත කෙනා සුරක්ෂිතව ගමන් කරයි.+ඒත් බොරුවෙන් ජීවත් වෙන කෙනාගේ බොරුව හෙළි වෙයි.+ 10  කපටි විදිහට ඇස්වලින් ඉඟි කරන කෙනා වේදනා ඇති කරයි.+මෝඩ විදිහට කතා කරන කෙනාව පාගලා දායි.+ 11  ධර්මිෂ්ඨයාගේ වචන ජීවනය ගෙන දෙන උල්පතක්.+ඒත් දුෂ්ටයා හිතේ තියෙන දරුණු චේතනා කතාවෙන් හංගයි.+ 12  වෛරය රණ්ඩු දබර ඇති කරයි.ඒත් ආදරය හැම වරදක්ම අමතක කරයි.+ 13  අවබෝධයෙන් වැඩ කරන කෙනා ප්‍රඥාවන්තව කතා කරයි.+ඒත් වේවැල තියෙන්නේ සිහිකල්පනාවෙන් වැඩ නොකරන කෙනාට* දඬුවම් කරන්නයි.+ 14  ප්‍රඥාවන්තයා දැනුම වස්තුවක් වගේ රැකගනියි.+ඒත් මෝඩයාගේ කට එයාව විනාශයට ඇදලා දායි.+ 15  පොහොසතාගේ ධනය* එයාට බලකොටුවක්. ඒත් දුප්පතා දුක් විඳින්නේ දුප්පත්කම නිසයි.+ 16  ධර්මිෂ්ඨයා වැඩ කරන විදිහ නිසා ජීවනය ලැබෙයි.ඒත් දුෂ්ටයාගේ වැඩ නිසා එයා පාපයට වැටෙයි.+ 17  හික්මවීම් පිළිගන්න කෙනා ජීවනයට මඟ පෙන්වයි.*ඒත් අවවාදයට පිටු පාන කෙනා අනුන්ව නොමඟ යවයි. 18  හිතේ වෛරය හංගන කෙනා බොරු කියයි.+අපහාසාත්මක කතා* පතුරුවන කෙනා මෝඩයෙක්. 19  ඕනෑවට වඩා කතා කරද්දී වැරදි දෙයක් කටින් පිට වෙන එක නවත්තන්න බැහැ.+ඒත් බුද්ධිමත් කෙනා කතා කරන්නේ හොඳට හිතලා බලලයි.+ 20  ධර්මිෂ්ඨයාගේ වචන පවිත්‍ර රිදී වගේ.+ඒත් දුෂ්ටයාගේ සිතුවිලිවල කිසි වටිනාකමක් නැහැ. 21  ධර්මිෂ්ඨයා එයාගේ කතාවෙන් හුඟක් අයව පෝෂණය කරයි.*+ඒත් මෝඩයා එයාගේ මෝඩකම් නිසා මිය යයි.+ 22  සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදවලිනුයි.*+ඔහු ඒ ආශීර්වාදවලට කිසි වේදනාවක්* එකතු කරන්නේ නැහැ. 23  පහත් විදිහට හැසිරෙන එක අඥානයාට සෙල්ලමක් වගේ.ඒත් වටහාගැනීමේ හැකියාව තියෙන කෙනා ප්‍රඥාව හොයාගෙන යයි.+ 24  දුෂ්ටයාට අද්දකින්න වෙන්නේ එයා බයෙන් ඉන්න දේමයි.ඒත් ධර්මිෂ්ඨයන්ගේ ආශාවන් ඉටු කරලා දෙයි.+ 25  දුෂ්ටයාව කුණාටුවත් එක්කම ගහගෙන යනවා.+ඒත් ධර්මිෂ්ඨයා හැමදාටම තියෙන අත්තිවාරමක් වගේ.+ 26  විනාකිරිවලට දත් හිරි වැටෙනවා. දුම නිසා ඇස් දැවිල්ල ගන්නවා.කම්මැළියෙක්ව වැඩට ගන්න කෙනාටත් දැනෙන්නේ ඒ විදිහටමයි. 27  යෙහෝවාට ගරුබිය දක්වන කෙනා හුඟක් කල් ජීවත් වෙයි.+ඒත් දුෂ්ටයාගේ ජීවිතය කෙටි කරයි.+ 28  ධර්මිෂ්ඨයාගේ බලාපොරොත්තුව ජීවිතේට සතුටක් එක් කරයි.+ඒත් දුෂ්ටයාගේ බලාපොරොත්තු සුන් වෙයි.+ 29  යෙහෝවාගේ මාර්ගය නිර්දෝෂ අයට බලකොටුවක්.+ඒත් දුෂ්ට අයට ඒකෙන් අත් වෙන්නේ විනාශයයි.+ 30  ධර්මිෂ්ඨයාව කවදාවත් වට්ටන්න බැහැ.+ඒත් දුෂ්ටයාට පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.+ 31  ධර්මිෂ්ඨයාගේ කටින් පිට වෙන්නේ ප්‍රඥාවන්ත වදන්.*ඒත් පහත් කතා කියන අයව හැමදාටම නිහඬ කරනවා. 32  හිතට සතුටක් දැනෙන විදිහට කතා කරන්න ධර්මිෂ්ඨයා දන්නවා.ඒත් දුෂ්ටයන්ගේ කටින් පිට වෙන්නේ නරක කතාමයි.

පාදසටහන්

^ හෝ, “ධර්මිෂ්ඨයාට තියෙන්නේ හොඳ නමක්.”
^ මූ.අ., “ආඥා.”
^ හෝ, “අඥානයාට.”
^ හෝ, “වටිනා දේවල්.”
^ හෝ සමහරවිට, “ඉන්නේ ජීවනයට යන පාරේ.”
^ හෝ, “කටකතා.”
^ හෝ, “හුඟක් අයට මඟ පෙන්වයි.”
^ හෝ, “දුක් කරදර.”
^ හෝ, “යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද සැබෑ වස්තුවක්.”
^ හෝ, “ප්‍රඥාවෙන් ලැබෙන පල.”