යෝබ් 7:1-21

  • යෝබ් දිගටම කතා කරයි (1-21)

    • මිනිසා ගත කරන ජීවිතේ කුලීකරුවෙක්ගේ ජීවිතේ වගේ (1, 2)

    • “ඔබ මාවම ඉලක්ක කරගෙන ඉන්නේ ඇයි?” (20)

7  “දූවිල්ලෙන් හදපු මිනිසා ගත කරන්නේ කටුක ජීවිතයක්.*ඒක කුලීකරුවෙක්ගේ ජීවිතය වගේ වෙහෙසකරයි.+  2  විවේක ගන්න සෙවණක් ලැබෙන කල් වහලෙක් ආසාවෙන් බලන් ඉන්නවා වගේතමන්ගේ කුලිය ලැබෙන කල් කුලීකරුවෙක් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා වගේමමත් බලාගෙන ඉන්නවා.+  3  ඒත් මාසයක් මාසයක් ගාණේ මට ලැබුණේ කිසි පලක් නැති ජීවිතයක්.හැම රැයක්ම මට ගත කරන්න වුණේ ශෝකයෙන්.+  4  යහනේ සැතපෙද්දී මං කල්පනා කරන්නේ ‘කොයි වෙලේ හිරු පායයිද’+ කියලා. ඒත් රාත්‍රියට නිමක් නැහැ. පහන් වෙන කල් යහනේ පෙරළි පෙරළි ඉවසුම් නැතුව මං බලන් ඉන්නවා.  5  පණුවන් මගේ ශරීරය වහගෙන. මගේ තුවාලවල දූවිලි පිරිලා.+මගේ වණවලින් සැරව ගලනවා.+  6  රෙදි වියන යන්ත්‍රයකටත් වඩා වැඩි වේගයකින් මගේ ජීවිතයේ දවස් ගෙවිලා යනවා.+මගේ ජීවිතය අවසන් වෙන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුවයි.+  7  ‘දෙවියනි, මගේ ජීවිතය හුස්මක් වගේ+ කියලත්ආයේ කවදාවත් මගේ ඇස් දෙකට යහපත දකින්න ලැබෙන්නේ නැහැ කියලත් සිහි කරන්න.  8  කිසි කෙනෙක් ආයේ කවදාවත් මාව දකින්නේ නැහැ.ඔබ මාව හෙව්වත් මාව හම්බ වෙන්නේ නැහැ.+  9  වලාකුළක් ටිකෙන් ටික නොපෙනී යනවා වගේමිනී වළට යන කෙනාව ආයෙත් දකින්න ලැබෙන්නේ නැහැ.+ 10  ඒ කෙනා ආයෙත් එයාගේ නිවසට එන්නේ නැහැ.එයාගේ නිවහනේ ඉන්න අයට එයාව අමතක වෙලා යයි.+ 11  මං කොහොමද කතා නොකර ඉන්නේ? මගේ හිතේ තියෙන දුක නිසයි මං කතා කරන්නේ.දැනෙන වේදනාව නිසයි මං කේන්තියෙන් කතා කරන්නේ!+ 12  ඔබ මාව කොටු කරලා, මුර කරන්නේ ඇයි?මං මහ මුහුදද? එහෙම නැත්නම් මුහුදේ සැරිසරන දැවැන්තයෙක්ද? 13  “මගේ යහන මට සැනසිල්ල දෙයි.යහනේ සැතපුණොත් මගේ දුක තුනී වෙයි” කියලා මම හිතුවා. 14  ඒත් ඔබ මාව බියකරු සිහිනවලින් සලිත කළා.භයානක දර්ශනවලින් බිය ගැන්නුවා. 15  මගේ හුස්ම හිර වෙලා මැරෙනවා නම් කොච්චර හොඳද!මගේ වැහැරුණු ශරීරය දිහා බලන් ඉන්නවාට වඩා හොඳයි මං මැරිලා යනවා නම්.+ 16  මට ජීවිතේ තිත්ත වෙලා.+තවත් නම් ජීවත් වෙන්න මට කිසි ආසාවක් නැහැ. මට නිදහසේ ඉන්න දෙන්න. මොකද මගේ දවස් හුස්ම පොදක් වගේ ඉක්මනින්ම නැති වෙලා යනවා.+ 17  දූවිල්ලට හැරිලා යන මිනිසා ගැන ඔබ මේ තරම් අවධානයෙන් ඉන්නේ ඇයි?ඔබේ දෙනෙත් අයාගෙන ඉන්න තරම් ඒ මිනිසා වටිනවාද?+ 18  උදයක් උදයක් ගාණේ ඔබ මාව සෝදිසි කරන්නේ ඇයි?හැම මොහොතකම මාව පරීක්ෂා කරලා බලන්නේ ඇයි?+ 19  හුස්මක් කටක් ගන්න මට ඉඩ දීලාටික වෙලාවකට හරි ඔබේ මුහුණ මගෙන් ඉවතට නොගන්නේ ඇයි?+ 20  මිනිසා කරන හැම දෙයක්ම දකින ඔබට+ විරුද්ධව මං වරදක් කළත්ඒකෙන් ඔබට හානියක් කරන්න මට පුළුවන්ද? ඔබ මාවම ඉලක්ක කරගෙන ඉන්නේ ඇයි? මං ඔබට බරක් නිසාද ඔබ එහෙම කරන්නේ? 21  මං ඉක්මනින්ම දූවිල්ලේ සැතපෙනවා.+ඔබ මාව හෙව්වත් මාව හම්බ වෙන්නේ නැහැ. ඔබ ඒ ගැනවත් හිතලා මගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්තේ ඇයි?මං කරපු වැරදි අමතක නොකරන්නේ ඇයි?’”

පාදසටහන්

^ හෝ, “ජීවිත කාලේම මෙහෙකාරයෙක් වගේ වැඩ කරයි.”