යෙසායා 43:1-28

  • යෙහෝවා ඔහුගේ සෙනඟව ආපහු එකතු කරයි (1-7)

  • දෙවිවරුන්ව නඩුවකට කැඳවයි (8-13)

    • “මගේ සාක්ෂිකරුවන් ඔබයි” (10, 12)

  • බැබිලෝනියෙන් නිදහස් වෙයි (14-21)

  • “එන්න, අපි දෙගොල්ලොම අපේ නඩුව ඉදිරිපත් කරමු” (22-28)

43  යාකොබ්, ඔබේ නිර්මාතෘත්ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තාත් වන යෙහෝවා+ මෙහෙම කියනවා. “බය වෙන්න එපා. මොකද මම ඔබව මුදවගෙනයි තියෙන්නේ.+ මම ඔබේ නමින් ඔබට අඬගැහුවා. ඔබ අයිති මටයි.  2  ඔබ ජල ධාරා මැදින් යද්දී මම ඔබ එක්ක ඉන්නවා.+ඔබ ගංගා මැදින් ගියත් වතුර පාරට ඔබ යට වෙන්නේ නැහැ.+ ඔබ ගිනි ජාලා මැදින් ගමන් කරද්දීත් ඒ ගින්නට පිච්චෙන්නේ නැහැ.ගිනිදලුවලින් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ.  3  මොකද මම ඔබේ දෙවි වන යෙහෝවායි.ඔබේ ගැලවුම්කරු වන ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තායි. මම ඔබව ගලවගන්න වන්දියක් විදිහට ඊජිප්තුව දුන්නා.ඔබ වෙනුවට ඉතියෝපියාව සහ සෙබාව දුන්නා.  4  මොකද ඔබව මට ගොඩක් වටිනවා.+මම ඔබට ගෞරවය දුන්නා. ආදරය කළා.+ ඒ නිසයි ඔබ වෙනුවට වෙන දේශවල වැසියන්ව දීලා මම ඔබව ගලවගන්නේ.ඔබ වෙනුවට වෙන ජාතීන්ව දීලා ඔබේ ජීවිතය බේරගන්නේ.  5  බය වෙන්න එපා. මොකද මම ඔබ එක්ක ඉන්නවා.+ මම ඔබේ දරුවන්ව නැඟෙනහිර දිශාවේ ඉඳන් අරගෙන එනවා.ඔවුන්ව බස්නාහිර දිශාවෙන් එකතු කරගෙන එනවා.+  6  මම උතුරට කියනවා ‘ඔවුන්ව නිදහස් කරන්න’+ කියලා. දකුණට මෙහෙම කියනවා. ‘ඔවුන්ට යන්න දෙන්න. ඈත ඉන්න මගේ පුතුන්ව එක්කගෙන එන්න. පොළොව කෙළවරේ ඉන්න මගේ දියණියන්ව අරන් එන්න.+  7  මගේ නමින් හඳුන්වන හැමෝවම,+මට ගෞරවයක් ගේන්න මම හදපු,මම බිහි කරපු ඒ හැමෝවම අරගෙන එන්න.’+  8  ඇස් තිබුණාට මුකුත් පේන්නේ නැති, කන් තිබුණාට මුකුත් ඇහෙන්නේ නැති+සෙනඟව ඉදිරියට කැඳවන්න.  9  සියලුම ජාතීන්ව එක තැනකට රැස් කරන්න.දේශවල වැසියන්ව එක් රැස් කරන්න.+ ඒ වගේ දේවල් වෙයි කියලා කියන්න ඔවුන් අතරේ ඉන්න කාට හරි* පුළුවන් වුණාද? එහෙම නැත්නම් ඊළඟට මොනවාද වෙන්නේ කියලා ඔවුන්ට කියන්න පුළුවන්ද?+ සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කරලා ඔවුන් නිවැරදියි කියලා ඔප්පු කරන්න කියන්න.එහෙම නැත්නම් ඒ සාක්ෂිවලට සවන් දෙන්න තවත් අයට ඉඩ දෙන්න. ‘ඒක තමයි ඇත්ත’ කියලා ඔවුන්වත් කියයිද?”+ 10  යෙහෝවා මෙහෙම කියනවා. “මගේ සාක්ෂිකරුවන් ඔබයි.+මම තෝරගත්ත මගේ සේවකයා ඔබයි.+එහෙම කළේ මාව දැන හඳුන ගෙන මං ගැන විශ්වාසය තියන්න* ඔබට පුළුවන් වෙන්නයි.මම කිසිදා වෙනස් වෙන්නේ නැහැ+ කියලා තේරුම්ගන්න ඔබට උදව් කරන්නයි. මට කලින් කිසි දෙවි කෙනෙක් හිටියේ නැහැ.මට පසුව වෙන කිසිම දෙවි කෙනෙක් ආවෙත් නැහැ.+ 11  මම, ඔව් මම තමයි යෙහෝවා.+ මං හැර වෙන කිසිම මිදුම්කරුවෙක් නැහැ.”+ 12  “වෙන්න යන දේ ගැන දැන්නුවේ මමයි. ඔබව බේරගත්තෙත් ඒ ගැන හෙළි කළෙත් මමයි.මම එහෙම කළේ ඔබ අතරේ වෙන කිසිම දෙවි කෙනෙක් හිටියේ නැති කාලෙක.+ ඒ නිසා මගේ සාක්ෂිකරුවන් ඔබයි. මම තමයි දෙවියන්”+ කියලා යෙහෝවා කියනවා. 13  “මම කිසිදා වෙනස් වෙන්නේ නැහැ.+මගේ අතින් කිසිම දෙයක් උදුරගන්න කාටවත් බැහැ.+ මම පියවර ගද්දී ඒකට හරස් වෙන්න පුළුවන් කාටද?”+ 14  ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබ වෙනුවෙන් හමුදාවක් බැබිලෝනියට යවලා ඔවුන්ගේ දොරටුවල අගුලු කඩලා දානවා.+කල්දිවරු තමන්ගේ නැව්වල ඉඳන් විලාප නඟයි.+ 15  මම යෙහෝවා. ඔබේ ශුද්ධ තැනැත්තාත්+ ඊශ්‍රායෙල්වරුන්ගේ නිර්මාතෘත්+ ඔබේ රජත්+ මමයි.” 16  මුහුද මැදින් මාර්ගයකුත්සැඩ පහරවල් හරහා මාර්ගයකුත්+ හදපු තැනැත්තා වන යෙහෝවා මෙහෙම කියනවා. 17  යුධ රථ සහ අශ්වයන් පිටතට ගෙනාව,+රණශූරයන් එක්ක මුළු සේනාවම පිටතට ගෙනාව තැනැත්තා මෙහෙම කියනවා. “ඔවුන් වැටිලා යනවා. ආයේ කවදාවත් නැඟිටින්නේ නැහැ.+ පහන් තිරයක් නිවලා දානවා වගේ ඔවුන්වත් නැති කරලා දානවා.” 18  “අතීතයේ වුණ දේවල් සිහි කරන්න එපා.දැන් ඒ දේවල් ගැන හිතහිත ඉන්න එපා. 19  බලන්න! මම අලුත් දෙයක් කරනවා.+දැනටමත් ඒක සිද්ධ වෙන්න පටන් අරන්. ඔබට ඒක තේරුම්ගන්න බැරිද? මම පාළුකරය හරහා මාර්ගයක් හදනවා.+කාන්තාරය මැදින් ගංගාවන් ගලා බහින්න සලස්වනවා.+ 20  වනසත්තු මට ගෞරව කරයි.හිවලුන් සහ පැස්බරුන් පවා මට ගෞරව කරයි.මොකද මම පාළුකරයේදී වතුර ලබා දෙනවා.කාන්තාරයේදී ගංගාවන් ගලා බහින්න සලස්වනවා.+එහෙම කරන්නේ මගේ සෙනඟගේ, මම තෝරගත්ත තැනැත්තාගේ+ පිපාසය නිවන්නයි. 21  ඔවුන් මටම කියලා වෙන් කරගන්න මම බිහි කරපු සෙනඟයි.මම ඔවුන්ව බිහි කළේ මට ප්‍රශංසා කරන්න ඔවුන්ට පුළුවන් වෙන්නයි.+ 22  ඒත් යාකොබ්, ඔබ මට අඬගැහුවේ නැහැ.+ඊශ්‍රායෙල්, ඔබ එහෙම කළේ ඔබට මාව එපා වුණ නිසයි.+ 23  ඔබ දවන පූජා විදිහට බැටළුවන්ව මං ඉස්සරහට ගෙනාවේ නැහැ.ඔබේ පූජාවලින් මාව ගෞරවයට පත් කළෙත් නැහැ. මට තෑග්ගක් ගේන්න කියලා මම ඔබට බල කළේවත්කට්ටකුමංජල්+ ගේන්න කියලා ඔබට කරදර කළේවත් නැහැ. 24  ඔබේ සල්ලිවලින් ඔබ මට පූජා කරන්න සුවඳ පැළෑටි මිල දීලා ගත්තෙවත්ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැහැ.+ ඔබේ වැරදි දැන් මට ලොකු බරක්.ඒවා නිසා දැන් මට වෙහෙසයි.+ 25  ඔබේ වැරදි* මකලා දාන්නේ+ මමයි. මම එහෙම කරන්නේ මගේ නම වෙනුවෙනුයි.+ඔබ කරපු වැරදි මම ආයේ මතක් කරන්නේ නැහැ.+ 26  එන්න, අපි දෙගොල්ලොම අපේ නඩුව ඉදිරිපත් කරමු.ඔබ නිර්දෝෂයි කියලා කියන්න තියෙන කරුණු කියන්න. ඒවා මට අමතක වෙලා නම් මතක් කරලා දෙන්න. 27  ඔබේ මුල් පියා පව් කළා.ඔබේ නියෝජිතයන්* මට විරුද්ධව කැරලිගැහුවා.+ 28  ඒ නිසා මම ශුද්ධස්ථානයේ ඉන්න ප්‍රධානීන්ව සලකන්නේ අපවිත්‍ර අය විදිහටයි.මම යාකොබ්ව විනාශයට භාර දෙනවා.ඊශ්‍රායෙල්ව අපහාසයට ලක් කරන්න ඉඩහරිනවා.+

පාදසටහන්

^ පේන විදිහට මෙතන කතා කරන්නේ ජාතීන් අදහන දෙවිවරු ගැනයි.
^ හෝ, “මං ගැන විශ්වාසයක් ඇති කරගන්න.”
^ හෝ, “ඔබේ කැරලිකාර වැඩ.”
^ මෙතන කතා කරන්නේ නීතිය උගන්වපු අය ගැන වෙන්න පුළුවන්.