යෙසායා 27:1-13

  • යෙහෝවා ලෙවීයාතන්ව මරලා දායි (1)

  • ඊශ්‍රායෙල්වරුන්ව මිදිවත්තකට සමාන කරලා ගයන ගීයක් (2-13)

27  ඒ දවසේදී යෙහෝවා දෙවියන් ඔහුගේ බිය උපදවන තියුණු කඩුව අරගෙන,+වේගයෙන් යන ලෙවීයාතන්ට* දඬුවම් කරයි.වතුර කපාගෙන යන මුහුදු සර්පයා වන ලෙවීයාතන්ට පහර දෙයි.මුහුදේ සැරිසරන ඒ දැවැන්තයාව ඔහු මරලා දායි.  2  ඒ දවසේදී ඇයට* මෙහෙම ගායනා කරන්න. “ඇය වයින් නොඅඩුව නිපදවන මිදිවත්තක්!+  3  යෙහෝවා වන මම ඇයව ආරක්ෂා කරනවා.+ හැම මොහොතකම මම ඇයට වතුර දානවා.+ දිවා රෑ දෙකේම ඇයව ආරක්ෂා කරනවා.ඇයට හානියක් කරන්න මම කාටවත් ඉඩ දෙන්නේ නැහැ.+  4  ඇය ගැන මට තිබුණ කේන්තිය දැන් නිවී ගිහින්.+ කවුරු හරි කටු පඳුරු සහ වල් පැළෑටි අරගෙන මට බාධා කරන්න ආවොත්, මම ඒවා පාගලා දානවා. ඒවා ඔක්කොටම ගිනි තියලා දානවා.  5  ඒ නිසා ඔහුට පුළුවන් මගේ බලකොටුවට ඇවිත් රැකවරණය ලබන්න. ඔහුට පුළුවන් මාත් එක්ක සමාදාන වෙන්න.මාත් එක්ක සමාදාන වෙන්න.”  6  ඉදිරියට එන දවස්වලදී යාකොබ් හොඳින් මුල් අදියි.ඊශ්‍රායෙල් හොඳින් වැඩිලා, මල්වලින් බර වෙයි.+ඔවුන්ගේ පලදාවෙන් දේශය පිරිලා යයි.+  7  එහෙමනම් මේ තරම් දරුණු විදිහට ඔහුට පහර දෙන්න ඕනෙ ඇයි? මේ තරම් දරුණු මරණයකට ඔහු මුහුණ දෙන්න ඕනෙ ඇයි?  8  ඔබ ඇයට විරුද්ධව ඇවිත් භයානක හඬකින් කෑගහලා ඇයව දේශයෙන් පිටමං කරනවා. නැඟෙනහිරෙන් හුළඟ හමන දවසේදී වේගවත් හුළඟක් වගේ එන ඔහුගේ කේන්තියෙන් ඔහු ඇයව පන්නලා දානවා.+  9  ඒ විදිහට යාකොබ් තමන්ගේ වැරදිවලට සම්පූර්ණ වන්දියක් ගෙවයි.+ඔහුගේ වැරදිවලට සමාව ලැබුණාම මේ තත්වය උදා වෙයි. පූජාසනයේ තියෙන හැම ගලක්මහුණුගල් වගේ කුඩු කරලා දායි.නමස්කාරයට හදපු එක කණුවක්වත්* සුවඳ දුම් පූජාසනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ.+ 10  මොකද බලකොටුව පාළු තැනක් වෙයි.අත්හරින තණබිම් පාළුකරය වගේ වෙයි.+ වහු පැටියා ඇවිත් එතන ලගියි.ඌ ඇගේ අතු කාලා දායි.+ 11  ඇගේ අතුඉති වේළිලා යද්දී,ස්ත්‍රීන් ඇවිත් ඒවා කඩාගෙනගිනිමැල ගහයි. මොකද මේ සෙනඟ දැනුම් තේරුම් ඇති සෙනඟක් නෙමෙයි.+ ඔවුන්ව හදපු කෙනා ඔවුන්ට දයාව පෙන්නන්නේ නැත්තේ ඒ නිසයි.ඔවුන්ව අඹපු තැනැත්තා කරුණාව පෙන්නන්නේ නැත්තේ ඒ නිසයි.+ 12  ඒ දවසේදී යෙහෝවා මහ ගඟේ* ඉඳන් ඊජිප්තු නිම්නය*+ වෙන කල් තියෙන හැම ගහකින්ම ගෙඩි කඩාගනියි. ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඒ විදිහට ඔබ හැමෝවමත් එකින් එක එකතු කරගනියි.+ 13  ඒ දවසේදී මහ හොරණෑවක් පිඹිනවා.+ ඇසිරියාවේ+ පණ ඇදඇද ඉන්න අයයි, ඊජිප්තු+ දේශය පුරාම විසිරිලා ඉන්න අයයි ඇවිත් යෙරුසලමේ තියෙන ශුද්ධ කන්දේදී යෙහෝවා ඉස්සරහා වැඳ වැටෙයි.+

පාදසටහන්

^ පේන විදිහට මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල් ගැනයි. ඊශ්‍රායෙල්ව කාන්තාවකටත් මිදිවත්තකටත් සමාන කරලා තියෙනවා.
^ ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ.