යෙරෙමියා 10:1-25

  • ජීවමාන දෙවියන් සහ ජාතීන්ගේ දෙවිවරු අතර වෙනස (1-16)

  • එන්න තියෙන විනාශය සහ වහල්කමට යන එක (17, 18)

  • යෙරෙමියා දුක් වෙයි (19-22)

  • අනාගතවක්තෘගේ යාච්ඤාව (23-25)

    • තමන් තියන පියවර තනියම තීරණය කරන්න අයිතියක් නැහැ (23)

10  ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවියන් ඔබට විරුද්ධව කියන මේ දේට සවන් දෙන්න. 2  යෙහෝවා මෙහෙම කියනවා. “වෙනත් ජාතීන් වැඩ කරන විදිහට වැඩ කරන්න එපා.+ඔවුන් අහසේ ලකුණු දැකලා බය වුණත්ඔබ ඒවා දැකලා බය වෙන්න එපා.+  3  ජාතීන්ගේ චාරිත්‍රවල කිසිම තේරුමක් නැහැ.* කැලෑවෙන් කපාගන්න ගහකට කරන දේ ගැන හිතන්න.කැටයම්කරුවෙක් තමන්ගේ ආයුධවලින් ඒ ගහෙන් යම් දෙයක් හදාගන්නවා.+  4  ඒකට රන් රිදී ආලේප කරලා ඒක ලස්සන කරනවා.+මිටියෙන් ඇණ ගහලා ඒක වැටෙන්නේ නැති වෙන්න සවි කරනවා.+  5  ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+ ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+  6  යෙහෝවා දෙවියනි, ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+ ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබේ නමත් ශ්‍රේෂ්ඨයි. ඔබේ බලවත්කම ඒ නමෙන් පැහැදිලි වෙනවා.  7  ජාතීන්ගේ රජ්ජුරුවෙනි,+ ඔබට ගරුබිය පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද?ඔබ ගරුබිය ලබන්න වටින කෙනෙක්.මොකද ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+  8  ඔවුන් හැමෝම හිතන්නේ බලන්නේ නැති මෝඩ අය.+ මොකද ගහකින් ලබාගන්න මඟ පෙන්වීම් මුළාවක් විතරයි.*+  9  තර්ෂිෂ්වලින්+ රිදී තහඩුත් උෆාස්වලින් රත්තරනුත් ගෙන්නගන්නවා.කම්මල්කරුවයි, කැටයම්කරුවයි ඒවා රූපවල ආලේප කරනවා. ඊටපස්සේ මිනිස්සු ඒවාට නිල් පාට නූල්වලින් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම් අන්දවනවා. ඒ රූප දක්ෂ කර්මාන්තකරුවන්ගේ නිර්මාණයක් විතරයි. 10  ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්. ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+ ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ. 11  * ඔබ ඔවුන්ට මේ දේ කියන්න. “අහස පොළොව හැදුවේ නැති දෙවිවරුන් පොළොවෙන් නැති වෙලා යයි.මේ අහස්තලය යටින් ඔවුන් විනාශ වෙලා යයි.”+ 12  තම බලයෙන් මේ පොළොව හැදුවේ ඔහුයි.තම ප්‍රඥාවෙන් සරුසාර භූමිය ස්ථිරව පිහිටෙව්වේ ඔහුයි.+තම නුවණින් අහස්තලය දිගහැරියේ ඔහුයි.+ 13  ඔහු හඬ නඟද්දී අහසේ ජලය කැලඹෙයි.+ඔහු පොළොවේ හතර කොනෙන්ම වලාකුළු* ඉහළට නඟින්න සලස්වනවා.+ ඔහු වැස්සත් එක්ක අකුණු සැර එවනවා.*ඔහුගේ ගබඩාවලින් හුළං හමාගෙන එන්න සලස්වනවා.+ 14  හැම කෙනෙක්ම වැඩ කරන්නේ දැනුම් තේරුම් නැති මෝඩයන් වගේ. තමන් හදන රූප නිසා කම්මල්කරුවන් හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.+මොකද ඔහු හදන රූප* නිකම්ම නිකම් බොරුවක්.ඒ රූපවලට කිසි ජීවයක් නැහැ.+ 15  ඒවා මායාවක් විතරයි,* හරිම මෝඩ වැඩ.+ විනිශ්චය කරන දවසේදී ඒවා නැත්තටම නැති වෙලා යනවා. 16  ඒත් යාකොබ්ගේ උරුමය වන තැනැත්තා ඒ රූප වගේ නෙමෙයි.හැම දෙයක්ම හැදුවේ ඔහුයි.ඊශ්‍රායෙල් ඔහුගේ උරුමය වන සැරයටියයි.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ 17  වටලලා ඉන්න ස්ත්‍රිය,ඔබේ බඩු මල්ල අතට ගන්න. 18  මොකද යෙහෝවා මෙහෙම කියනවා. “දැන් මම දේශයේ ඉන්න සෙනඟව එළියට වීසි කරලා දානවා.+මම ඔවුන් පිටට විපත්ති ගේනවා.” 19  අනේ, මට වුණ විපත* කොච්චර දරුණුද!+ මගේ තුවාලය සුව කරන්න බැහැ. මම මෙහෙම කිව්වා. “මේ වේදනාව දැනෙන්නේ මටයි. මම ඒක දරාගන්න ඕනේ. 20  මගේ කූඩාරම විනාශ වෙලා. ඒකේ ලණු කඩලා දාලා.+ මගේ පුතුන් මාව අතහැරලා ගිහින්. ඔවුන් දැන් නැහැ.+ මගේ කූඩාරම ගහන්න හරි ඒකේ තිර දිගහරින්න හරි කිසිම කෙනෙක් ඉතුරු වෙලා නැහැ. 21  මොකද එඬේරුන් වැඩ කළේ මෝඩ විදිහටයි.+ඔවුන් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවේ නැහැ.+ අවබෝධයෙන් වැඩ කරන්න ඔවුන්ට බැරි වුණෙත්ඔවුන්ගේ මුළු රැළම විසුරුවාහැරියෙත් ඒ නිසයි.”+ 22  සවන් දෙන්න! මේ දැන් පණිවිඩයක් ලැබුණා. උතුරු දේශයේ ඉඳන් ලොකු කැලඹීමක් එනවා.+ඒක එන්නේ යූදාවල නගර පාළු තැනක් කරන්නයි. ඒවා හිවලුන් ලගින තැනක් කරන්නයි.+ 23  යෙහෝවා දෙවියනි, තමන් යන්න ඕනෙ මාර්ගය මොකක්ද කියලා තීරණය කරන්න මිනිසෙක්ට අයිතියක් නැහැ.* ඒක මම හොඳින්ම දන්නවා. ජීවිත ගමනේ තමන්ගේ පියවර තියන්න ඕනෙ කොහොමද කියලා තනියම තීරණය කරන්නවත් ඔහුට අයිතියක් නැහැ.+ 24  අනේ යෙහෝවා, මාව නිවැරදි කරන්න. ඔබට හොඳයි කියලා හිතෙන විදිහට ඒක කරන්න.ඒත් කේන්තියෙන් එහෙම කරන්න එපා.+ එහෙම කළොත් මං විනාශ වෙලා යයි.+ 25  ඔබව ගණන් ගන්නේ නැති ජාතීන් පිටටත්ඔබේ නම කියලා කන්නලව් කරන්නේ නැති ගෝත්‍ර පිටටත් ඔබේ කේන්තිය පිට කරන්න.+ මොකද ඔවුන් යාකොබ්ව ගිලලා දැම්මා.+ඔහු නැත්තටම නැති වෙලා යන විදිහට ඔවුන් ඔහුව ගිලලා දැම්මා.+ඔවුන් ඔහුගේ මව්බිම පාළු කළා.+

පාදසටහන්

^ හෝ, “ජාතීන්ගේ චාරිත්‍ර මායාවක් විතරයි.”
^ හෝ, “මඟ පෙන්වීම්වලින් කිසිම වැඩක් නැහැ.”
^ 11වෙනි පදය මුලින් ලියලා තිබුණේ ඇරමයික භාෂාවෙන්.
^ හෝ සමහරවිට, “වැස්ස ලබා දෙන්න ඔහු අහසේ කවුළු හදනවා.”
^ හෝ, “ජල වාෂ්ප.”
^ හෝ, “ලෝහ උණු කරලා හදන රූප.”
^ හෝ, “ඒවාවලින් කිසිම වැඩක් නැහැ.”
^ හෝ, “මගේ තුවාලය.”
^ මිනිසෙක්ට ඒ හැකියාව නැහැ කියන අදහසත් ඒකට ඇතුළත්.