ගණන් කතාව 24:1-25
24 ඊශ්රායෙල් සෙනඟට ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන් කැමතියි කියලා බාලාම්ට තේරුණා. ඒ නිසා එයා ආයෙත් එයාගේ මන්තර බලය පාවිච්චි කරලා ඊශ්රායෙල්වරුන්ට හානියක් කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ගියේ නැහැ.+ ඒ වෙනුවට එයා පාළුකරය දිහා බැලුවා.
2 එතකොට එයා දැක්කා ඊශ්රායෙල්වරු තම තමන්ගේ ගෝත්රවලට අනුව කූඩාරම් ගහගෙන ඉන්නවා.+ ඒ වෙලාවේ දෙවියන්ගේ බලය එයා තුළ ක්රියාත්මක වුණා.+
3 එතකොට එයා මේ පණිවිඩය කිව්වා.+
“බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අහන්න.ඇස් පැහැදුණු ඒ තැනැත්තා කියන දේට ඇහුම්කන් දෙන්න.
4 දෙවියන්ගේ පණිවිඩය ලැබුණේ ඔහුටයි.සියලු බලැති දෙවියන්ගේ දර්ශනයක් දුටුවේ ඔහුයි.ඇස් පැහැදිලා වැඳ වැටුණ ඒ තැනැත්තා කියන්නේ මෙයයි.+
5 යාකොබ්, ඔබේ කූඩාරම් කොයි තරම් අලංකාරද!ඊශ්රායෙල්, ඔබේ කඳවුර මොන තරම් දැකුම්කලුද!+
6 ඒවා ඈතට විහිදී යන විශාල නිම්න වගෙයි.+ගංගා අසල තියෙන අලංකාර උයන් වගෙයි.ඒවා යෙහෝවා සිටෙව්ව අගිල් ගස්* වගෙයි.ඇළදොළ අසල තියෙන දේවදාර ගස් වගෙයි.
7 ඔහුගේ භාජනවලින් වතුර ඉතිරී යයි.ඔහුගේ බීජ හුඟක් දිය පහරවල් අසල වපුරයි.*+
ඔහුගේ රජ+ ආගග්ට වඩා ශ්රේෂ්ඨ වෙයි.+ඔහුගේ රාජ්යය හුඟක් ශක්තිමත් වෙයි.+
8 දෙවියන් ඔහුව ඊජිප්තුවෙන් පිටතට ගෙන එයි.කුළු හරකෙකුගේ අං මෙන් ඔහුගේ බලය ඔවුන්ව ආරක්ෂා කරයි.
ඔහුට පීඩා කරන ජාතීන්ව ඔහු ගිල දමයි.+ඊතල විද ඔවුන්ව සුනුවිසුනු කර ඔවුන්ගේ ඇටකටු කා දමයි.
9 ඔහු සිංහයෙකු මෙන් බිම දිගා වෙයි.සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යයක් ඇත්තේ කාටද?
ඔබට ආශීර්වාද කරන අයට ආශීර්වාද ලැබෙයි.ඔබට ශාප කරන අයට ශාප වෙයි.”+
10 ඒක අහලා බාලාක්ට හුඟක් කේන්ති ගියා. එයා අපහාසෙට වගේ අත්පුඩි ගගහා බාලාම්ට මෙහෙම කිව්වා. “මං ඔයාට එන්න කිව්වේ සතුරන්ට ශාප කරන්න.+ ඒත් ඔයා තුන් පාරක්ම කළේ එයාලට ආශීර්වාද කරන එකයි.
11 දැන්ම මෙහෙන් යන්න. ඔයාව ගෞරවයට පත් කරන්නයි මං හිතාගෙන හිටියේ.+ ඒත් යෙහෝවා ඒකට ඉඩ දුන්නේ නැහැ.”
12 එතකොට බාලාම් බාලාක්ට මෙහෙම කිව්වා. “ඔබට මතක නැද්ද ඔබ එවපු පණිවිඩකරුවන්ට මං කියපු මේ දේ?
13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් රිදීවලින් පුරවලා මට දුන්නත් යෙහෝවා කියන දේට විරුද්ධව යන්න මට බැහැ. ඔයාලා මට හොඳක් කරන්න කිව්වත් නරකක් කරන්න කිව්වත් ඒ දේ යෙහෝවා කියන දේට විරුද්ධයි නම් මට ඒක කරන්න බැහැ. මං කියන්නේ ඔහු කියන දේ විතරයි.’+
14 මං ආයෙත් මගේ සෙනඟ ළඟට යනවා. ඒත් ඉස්සරහට ඊශ්රායෙල්වරු ඔබේ සෙනඟට කරන්න යන දේ ගැන මං කියන්නම්.”
15 ඊටපස්සේ එයා මේ අනාවැකිය කිව්වා.+
“බෙයොර්ගේ පුත් බාලාම්ගේ වචන අහන්න.ඇස් පැහැදුණු ඒ තැනැත්තා කියන දේට ඇහුම්කන් දෙන්න.+
16 දෙවියන්ගේ පණිවිඩය ලැබුණේ ඔහුටයි.උසස්ම දෙවියන් දෙන දැනුම ලැබුණේ ඔහුටයි.ඇස් පැහැදිලා වැඳ වැටෙද්දී සියලු බලැති දෙවියන්ගෙන් දර්ශනයක් ලැබුණේ ඔහුටයි.ඔහු කියන මේ දේ අහන්න.
17 මම ඔහුව දකිනවා. ඒත් දැන් නොවෙයි.මට ඔහුව පේනවා. ඒත් ඔහු සිටින්නේ ඈතිනුයි.
යාකොබ්ගෙන්* තරුවක්+ පායයි.ඊශ්රායෙල්ගෙන්*+ රාජ යෂ්ටියක්+ එසවෙයි.
ඔහු මෝවබ්ගේ+ හිස කැබලි කරයි.කලහාකාරී පුතුන්ගේ හිස්කබල කුඩු කර දමයි.
18 ඊශ්රායෙල් එඩිතරව තම බලය පෙන්වයි.ඔහු ඒදොම්ව යටත් කරගනියි.+එලෙස, සේයිර්+ තම සතුරන්ට අයිති වෙයි.+
19 යාකොබ්ගෙන් පැවතෙන්නෙක් සතුරන්ව විනාශ කරයි.+ඔහු නුවරේ සිටින කිසිවෙක්ව ඉතුරු නොකරයි.”
20 බාලාම් අමලෙක්වරුන්ව දැකලා මේ අනාවැකිය කිව්වා.
“ජාතීන් අතරේ මුල් තැන ගත්තේ අමලෙක්වරුයි.*+ඒත් අවසානයේදී ඔවුන් නැත්තටම නැති වී යයි.”+
21 බාලාම්, කේනිවරුන්ව+ දැකලා මේ අනාවැකිය කිව්වා.
“ඔබේ වාසස්ථානය ශක්තිමත්. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබෙනවා.
22 ඒත් කෙනෙක් ඇවිත් කායන්* ගිනිබත් කරයි.
තව ටික දවසකින් ඇසිරියාව ඔබව වහලුන් ලෙස ගෙන යයි.”
23 බාලාම් මේ අනාවැකියත් කිව්වා.
“දෙවියන් ගේන ඒ විනාශයෙන් ගැලවෙන්න පුළුවන් කාටද?
24 කිත්තිම්+ සිට නැව් පැමිණඇසිරියාවට+ හිරිහැර කරයි.ඔවුන් ඒබර්ටත් හිරිහැර කරයි.
ඒත් අවසානයේදී ඔවුනුත්* විනාශ වී යයි.”
25 ඊටපස්සේ බාලාම්+ එතනින් පිට වෙලා එයාගේ ගමට ගියා. බාලාක් රජත් එතනින් ගියා.

