3 යොහන් 1:1-14

 වැඩිමහල්ලෙකු+ ලෙස සේවය කරන මම, මා සැබවින්ම ප්‍රේම+ කරන ආදරණීය ගායස් වෙත ලියමි.  ප්‍රේමණීය+ සහෝදරය, ඔබ නිරෝගී සෞඛ්‍යයක් ඇතුව සිටින බවත්+ කලින් මෙන් සෑම අතින්ම+ දියුණුවක් ලබමින් සිටින බවත්+ සිතමි. ඒ වෙනුවෙන් මම යාච්ඤාද කරමි.  ඔබ සත්‍ය ඉගැන්වීම්වලට විශ්වාසවන්තව ඇලී සිටින බව සහෝදරයන් ඇවිත් මට පැවසූ විට මට ඒ ගැන ඉමහත් සතුටක් ඇති විය. ඔබ දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වන නිසා මම ප්‍රීති වෙමි.+  මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත.+  ප්‍රිය සහෝදරය, සහෝදරයන් නාඳුනන අය වුවත්+ ඔවුන් වෙනුවෙන්+ ඔබ ඉටු කරන දේවල් දෙස බලද්දී ඔබ ඉතා විශ්වාසවන්ත සේවයක් ඉටු කරන බව පැහැදිලියි.  ඔබ දක්වන ප්‍රේමය ගැන ඔවුන් සභාව ඉදිරියෙහි සාක්ෂි දරා ඇත. ඔවුන්ගේ ගමනට අවශ්‍ය උපකාර ලබා දෙන්න. එලෙසම එය දෙවි සතුටු වන ආකාරයකින් කරන ලෙසත් ඉල්ලමි.+  මන්ද මේ ලෝකයේ සිටින අයගෙන් කිසි දෙයක් නොලැබූ+ ඔවුන්, පිටත්ව ගොස් ඇත්තේ දෙවිගේ නාමය වෙනුවෙන්ය.  එහෙයින් එවැනි අයව සාදරයෙන් පිළිගැනීමට අපි බැඳී සිටිමු.+ එසේ කිරීමෙන් අපට සත්‍ය මාර්ගයෙහි ඔවුන් සමඟ හවුල් සේවකයන් විය හැක.+  මා සභාවට යම් දෙයක් ගැන ලිව්වත් සභාවේ සහෝදරයන් අතර මුල් තැන ලබාගැනීමට කැමති+ දියොත්‍රෙෆස් අපෙන් ලැබෙන කිසි දෙයක්+ ගෞරවයෙන් පිළිගන්නේ නැත.+ 10  එහෙයින් මා පැමිණියොත් මම ඔහු කරන දේවල් හෙළි කරන්නෙමි.+ මන්ද ඔහු අප ගැන නින්දාසහගත දේවල් නොකඩවා පතුරුවමින් සිටියි.+ එපමණක්ද නොව ඔහු සහෝදරයන්ව ගෞරවයෙන් පිළිගන්නේ නැත.+ එලෙසම සහෝදරයන්ව පිළිගැනීමට ආශාවෙන් සිටින අයට+ ඔහු බාධා කරන අතර+ ඔවුන්ව සභාවෙන් පිටමං කිරීමටත් උත්සාහ දරයි.+ 11  ප්‍රිය සහෝදරය, නපුරු දේවල් ආදර්ශයට නොගෙන යහපත් දේවල් ආදර්ශයට ගන්න.+ යහපත් දේවල් කරන තැනැත්තා දෙවිට යටත් කෙනෙකි.+ නමුත් නපුරු දේවල් කරන තැනැත්තා දෙවිව දැන හඳුනා ගෙන* නැත.+ 12  දෙමේත්‍රියස්ට යහපත් ගුණාංග ඇති බවට සියලු සහෝදරයන් සාක්ෂි දෙන අතර+ ඔහු සත්‍ය ඉගැන්වීම්වලට අනුව ජීවත් වන ආකාරයෙන්ද එය පැහැදිලි වේ. ඇත්තෙන්ම ඊට අපද සාක්ෂි දරන අතර+ අප ලබා දෙන සාක්ෂිය සැබෑ බව ඔබ දන්නවාට සැකයක් නැත.+ 13  ඔබට කීමට මට බොහෝ දේ තිබුණත් තීන්තෙන් සහ පෑනෙන්+ ඔබට තවදුරටත් ඒ ගැන ලිවීමට නොකැමැත්තෙමි. 14  ඉක්මනින්ම ඔබව දකින්න මා බලාපොරොත්තුවෙන් සිටින නිසා මා පැමිණි පසු අපි මුණගැසී කතා කරමු.+ ඔබට සමාදානය ලැබේවා!+ මා සමඟ සිටින සහෝදරයෝ ඔබට සුබ පතති.+ සෑම සහෝදරයෙකුටම මාගේ සුබ පැතුම් ලබා දෙන්න.+

පාදසටහන්

මූ.අ., “දැක.”