2 ලේකම් 9:1-31

9  ෂෙබා දේශයේ රැජිනට+ සලමොන් රජු ගැන ආරංචි විය. එහෙයින් ඔහුගෙන් සංකීර්ණ ප්‍රශ්න අසා ඔහුගේ දැනුම මැන බැලීමට ඇය යෙරුසලමට පැමිණියාය.+ ඇය ඔහුව හමු වීමට පැමිණියේ බෝල්සම් තෙල්,+ රත්තරන්+ සහ මැණික්+ විශාල ප්‍රමාණයක් ඔටුවන් පිට පටවාගෙන විශාල පිරිවරක්ද සමඟය.+ ඇය සලමොන් රජු ඉදිරියට පැමිණ තමන් දැනගැනීමට ආශාවෙන් සිටි සියල්ල ඔහුගෙන් ඇසුවාය.+  සලමොන් රජ ඇය ඇසූ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේය.+ ඔහුට පිළිතුරු දීමට නොහැකි වූ එක ප්‍රශ්නයක්වත් නොතිබුණේය.+  ෂෙබාහි රැජින, සලමොන් රජුගේ ප්‍රඥාවත්+ ඔහු ගොඩනැඟූ මාලිගාවත්+  ඔහුගේ මේසයේ තිබූ ආහාරත්+ කෑමට ඉඳගෙන සිටි ඔහුගේ සේවකයන්වත් මේසයට කෑම ගෙනා වැඩකරුවන්වත් ඔවුන්ගේ වස්ත්‍රත්+ ඔහුගේ බීම වර්ගත්+ ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ නිතර ඔප්පු කළ+ දවන පූජාවනුත්+ දුටු විට ඇයට ඒ කිසිවක් අදහාගත නොහැකි විය.  එවිට ඇය රජුට මෙසේ කීවාය. “ඔබ කළ දේවල් ගැනත් ඔබේ ප්‍රඥාව ගැනත් මගේ රටේදී මට ආරංචි වූ හැම දෙයක්ම ඇත්ත.+  නමුත් ඔබව හමු වීමට ඇවිත් ඒ දේවල් මගේම ඇස් දෙකෙන් දැකගන්නා තුරු+ මම ඒවා විශ්වාස කළේ නැහැ.+ ඔබේ ප්‍රඥාව මොන තරම්ද!+ ඇත්තටම මට අසන්න ලැබුණේ ඔබේ මහත් ප්‍රඥාවෙන් අල්පයක් විතරයි.+  ඔබේ සේවකයන්ටත් ඔබේ සෙනඟටත් නිරතුරුවම ඔබ ඉදිරියේ සිට+ ඔබේ ප්‍රඥාවන්ත වදන් අසන්න ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද!+  ඔබේ දෙවි වන යෙහෝවා+ ඔබ ගැන සතුටු වී+ ඔහුගේ පාලනය නියෝජනය කරන සිංහාසනයේ ඉඳගැනීමට ඔබව පත් කළා.+ එසේ කළ ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ඊශ්‍රායෙල් සෙනඟ සදහටම පවතිනවාට කැමති ඔබේ දෙවි ඔවුන්ට ඇත්තටම ප්‍රේම කරනවා.+ ධර්මිෂ්ඨව+ හා සාධාරණව ඔවුන්ව විනිශ්චය කිරීමට+ ඔහු ඔබව රජකමට පත් කළේ+ ඒ නිසයි.”  ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද+ බෝල්සම් තෙල්+ අතිවිශාල ප්‍රමාණයක්ද දුන්නාය. එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් කෙදිනකවත් ඔහුට ලැබුණේ නැත.+ 10  ඕෆීර් දේශයේ සිට රන්+ ගෙනා හීරාම් රජුගේ සේවකයෝ+ සහ සලමොන් රජුගේ සේවකයෝ හඳුන් ලී+ හා මැණික්ද+ ගෙනාවෝය. 11  රජ ඒ හඳුන් ලීවලින් යෙහෝවා දෙවිගේ ගෘහයේ සහ රජමාලිගාවේ+ පඩි පෙළවල්ද+ ගායකයන් සඳහා+ වීණාද+ වෙනත් සංගීත භාණ්ඩද+ සෑදෙව්වේය. මීට පෙර කිසිදාක යූදා දේශයේ එතරම් අනර්ඝ ලී වර්ගයක් දක්නට තිබුණේ නැත. 12  සලමොන් රජ ෂෙබාහි රැජින ආශා කළ සෑම දෙයක්ම ඇයට ලබා දුන්නා+ පමණක් නොව ඇය තමාට දුන් තෑගිබෝග ප්‍රමාණය හා සමානව ඇයටත් තෑගි ලබා දුන්නේය. ඉන්පසු ඇය තම සේවකයන් සමඟ ආපසු සිය රට බලා පිටත්ව ගියාය.+ 13  සලමොන් රජුට අවුරුද්දකට ලැබුණු රත්තරන්වල බර තලෙන්ත හයසිය හැටහයකි.+ 14  සලමොන් රජුට මෙය ලැබුණේ සංචාරක වෙළෙඳුන්ගෙන්, වෙළඳාම් කටයුතුවල යෙදුණු වෙනත් අයගෙන්,+ අරාබිවරුන්ගේ සියලු රජවරුන්ගෙන්+ හා දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ඔහුට ලැබුණු රන් හා රිදීවලට අමතරවය. 15  සලමොන් රජ මිශ්‍ර කළ රනින් විශාල පලිස් දෙසියයක් සෑදෙව්වේය.+ ඒ එක් පලිහක් සඳහා ෂෙකෙල් හයසියයක රන් භාවිත කෙරිණ.+ 16  ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+ 17  ඔහු ඇත්දළවලින් විශාල සිංහාසනයක් සාදා එය පවිත්‍ර රනින් ආවරණය කළේය.+ 18  සිංහාසනය වෙත යෑමට පඩි හයක් තිබිණ. රනින් සෑදූ පා පුටුවක් සිංහාසනයට සම්බන්ධ කර තිබුණු අතර සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ රූප දෙකක් තිබිණ.+ 19  පඩි හය දෙපැත්තේම එක් පැත්තකට හය බැගින් සිංහ රූප දොළොසක් තිබිණ.+ වෙන කිසිම රාජ්‍යයක ඒ හා සමාන දෙයක් දක්නට නොලැබුණේය.+ 20  සලමොන් රජුගේ කුසලාන සියල්ලම+ රනින් සාදා තිබුණේය.+ ලෙබනොන් වනය ලෙස හැඳින්වූ ගෘහයේ තිබූ සියලු භාජනද+ පිරිසිදු රනින් සාදා තිබිණ. රිදීවලින් නිම කළ කිසිවක් එහි නොතිබුණේය. මන්ද සලමොන් රජුගේ කාලයේදී රිදී එතරම් වටිනා දෙයක් ලෙස සැලකුවේ නැත.+ 21  සලමොන් රජුට අයත් නැව් හීරාම් රජුගේ සේවකයන් සමඟ+ නිතර නිතර තර්ෂිෂ් බලා යාත්‍රා කරනු ලැබීය.+ අවුරුදු තුනකට වරක් “තර්ෂිෂ්”* නැව්වලින් රන්ද රිදීද+ ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද+ ගෙන්වන ලදි. 22  සලමොන් රජ ධනයෙන්ද+ ප්‍රඥාවෙන්ද+ පොළොවේ සිටි අන් සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ විය. 23  ඔහුට සැබෑ දෙවි ප්‍රඥාව ලබා දුන් නිසා+ ඔහුගේ වදන්වලට ඇහුම්කන් දීමට+ පොළොවේ සතර දිගින් රජවරු පැමිණියෝය.+ 24  ඔවුහු අවුරුද්දකට වරක් රන් හා රිදී භාණ්ඩද+ වස්ත්‍රද+ යුධායුධද බෝල්සම් තෙල්ද අශ්වයන්ද කොටළුවන්ද+ රජුට තෑගි ලෙස ගෙනාවෝය.+ 25  සලමොන් රජු සතුව අශ්ව ගාල්+ හාරදහසක්ද අශ්ව රථද+ තිබූ අතර අශ්වයෝ දොළොස්දහසක්ද සිටියෝය. ඔහු ඒ රථ හා අශ්වයන් තැබුවේ ඒ සඳහා වෙන් කළ නුවරවලය.+ එම නුවරවල් පිහිටා තිබුණේ රජු වාසය කළ යෙරුසලම අසලය. 26  මහ ගංගාවේ* සිට පිලිස්තිවරුන්ගේ දේශය දක්වාද ඊජිප්තු දේශ සීමාව දක්වාද සිටි සියලුම රජවරු ඔහු යටතේ සේවය කළෝය.+ 27  සලමොන් රජ විශාල රිදී ප්‍රමාණයක් යෙරුසලමෙහි එක් රැස් කළ නිසා එය ගල් මෙන් සුලබ විය. ඔහු විශාල දේවදාර ලී ප්‍රමාණයක්ද එක් රැස් කළේය. එය ෂෙපේලා ප්‍රදේශයේ+ ඇති සිකමෝර් ගස්+ තරම් අධික ප්‍රමාණයක් විය.+ 28  සලමොන් රජුට ඊජිප්තුවෙන්+ හා වෙනත් දේශවලින් අශ්වයන්+ ගෙනෙන පිරිසක්ද සිටියෝය. 29  සලමොන් රජුගේ ජීවිතයේ සියලුම විස්තර+ අනාගතවක්තෘ නාතන්ගේ වාර්තාවේද+ ෂීලෝහි වැසියෙකු වූ+ අහියාගේ අනාගතවාක්‍යයේද+ නෙබාත්ගේ පුත්+ යෙරොබොවම්+ ගැන අනාගතවක්තෘ ඉද්දෝ දුටු දර්ශන ඇතුළත් වාර්තාවේද+ ලියා තිබේ. 30  සලමොන් රජ යෙරුසලමෙහි සිට අවුරුදු හතළිහක් පුරා මුළු ඊශ්‍රායෙල් සෙනඟ පාලනය කළේය. 31  පසුව ඔහු මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය. ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකම් කිරීමට පටන්ගත්තේය.+

පාදසටහන්

මීනා එකක බර ග්‍රෑම් 570ක් විය.
1රාජ 10:22හි පාදසටහන බලන්න.
එනම්, යුප්‍රටීස් ගංගාවේ.