2 ලේකම් 8:1-18

8  සලමොන් රජට යෙහෝවා දෙවිගේ ගෘහය+ හා තම රජමාලිගාව+ ගොඩනැඟීමට අවුරුදු විස්සක් ගත විය.+ ඉන්පසු ඔහු  හීරාම් රජුගෙන්+ තමාට ලැබුණු නුවරවල් අලුතෙන් ගොඩනඟා එම නුවරවල ඊශ්‍රායෙල්වරුන්ව පදිංචි කෙරෙව්වේය.  සලමොන් රජ හමාත්-ෂෝබා යන ස්ථානයට ගොස් එය යටත් කරගත්තේය.  ඉන්පසු ඔහු පාළුකරයේ පිහිටි තද්මොර් නම් නුවරද අලුතෙන් ගොඩනැඟූ අතර හමාත් නම් ප්‍රදේශයේ+ ඔහු විසින් ඉදි කරන ලද ගබඩා+ නුවරවල්ද නැවත පිළිසකර කළේය.  ඔහු ඉහළ බෙත්-හෝරොන්+ සහ පහළ බෙත්-හෝරොන්+ යන නුවරවල පවුරු ඉදි කර ඒවාට දොරවල් සහ අගුල් දමා+ ඒවා සුරක්ෂිත නුවරවල් බවට පත් කළේය.+  ඔහු බාලාත් නම් නුවරද+ යටත් කරගත් සියලුම ගබඩා නුවරවල්ද අශ්ව රථ නවතා තැබීමට නුවරවල්ද+ අසරුවන්ට ජීවත් වීම සඳහා වූ නුවරවල්ද+ ගොඩනැඟුවේය. ඔහු යෙරුසලමෙහිත් ලෙබනොන්හිත්+ තමාගේ පාලනය යටතේ තිබූ සියලු දේශවලත් තමන් කැමති සියලු දේ+ ගොඩනැඟුවේය.  ඊශ්‍රායෙල් ජාතිකයන් නොවූ+ හිත්තීවරුන්,+ අමෝරිවරුන්,+ පෙරිස්සිවරුන්,+ හිවීයවරුන්+ සහ යෙබූසිවරුන්+ යන ජාතිකයන්ගෙන් ඉතුරු වූ අයව  එනම්, ඊශ්‍රායෙල්වරුන් දේශය අත් පත් කරගන්නා විට නොමරා ඉතුරු කළ අයගේ+ පුත්‍රයන්ව සලමොන් රජ මෙහෙකාරකමට ගත්තේය.+ මේ වන තෙක් ඔවුහු මෙහෙකාරකම් කරති.+  නමුත් සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකුව මෙහෙකාරකමට නොගත්තේය.+ ඔවුහු යුධ භටයන් ලෙසද+ අධිපතීන් ලෙසද ඔහුගේ අශ්ව රථ පදවන්නන්ගේ+ හා අසරුවන්ගේ+ ප්‍රධානීන් ලෙසද සේවය කළෝය. 10  සලමොන් රජු යටතේ සේවය කළ අයව අධීක්ෂණය කිරීමට+ ප්‍රධාන නිලධාරීහු+ දෙසීය පනස්දෙනෙක් සිටියෝය. 11  ඒ වන විට පාරාවෝගේ දියණිය+ පදිංචිව සිටියේ දාවිත්ගේ නුවරෙහිය.+ එහෙයින් සලමොන් රජ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන ඕනෑම තැනක් ශුද්ධයි.+ ඒ නිසා ඇය මගේ භාර්යාවක් වුණත් ඊශ්‍රායෙල්හි රජු වූ දාවිත්ගේ මාලිගාවේ ඇය වාසය නොකළ යුතුයි.” ඉන්පසු සලමොන් රජ ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ඇයව ගෙන ගියේය.+ 12  පසුව ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව ඉදිරියේ+ තමා විසින් ඉදි කළ යෙහෝවා දෙවිගේ පූජාසනය මත+ සලමොන් රජ යෙහෝවා දෙවිට දවන පූජා ඔප්පු කළේය.+ 13  මෝසෙස් ආඥා කළ ආකාරයටම ඔහු දිනපතාද+ සබත් දිනවලද+ නව සඳ පායන දවස්වලද+ වසරකට තුන් වතාවක්+ පවත්වන උත්සව දවස්වලද+ එනම්, මුහුන් නොදැමූ රොටි උත්සවයේදීද+ සති උත්සවයේදීද+ පැල් උත්සවයේදීද+ අතපසු නොකර පූජා ඔප්පු කළේය. 14  එසේම ඔහු තම පියා වූ දාවිත් රජු නියෝග කළ ආකාරයට+ පූජකයන්ව කණ්ඩායම් වශයෙන් බෙදා+ සේවය සඳහා යෙදෙව්වේය. දෙවිට දිනපතා+ ප්‍රශංසා කිරීම සඳහාත්+ පූජකයන්ට උපකාර කිරීම සඳහාත්+ ඔහු ලෙවීවරුන්ව+ යෙදෙව්වේය. දොරටු පාලකයන්වද කණ්ඩායම් වශයෙන් බෙදා ඔවුන්ව සෑම දොරටුවකම සේවය සඳහා යෙදෙව්වේය.+ ඔහු මේ සියල්ල කළේ සැබෑ දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ දාවිත් අණ කළ ලෙසය. 15  විවිධ කාරණා හැසිරවිය යුතු ආකාරය ගැනත් ගබඩාව හා සම්බන්ධ කාරණා ගැනත් රජ පූජකයන්ට සහ ලෙවීවරුන්ට උපදෙස් දුන්නේය. ඔවුහු ඒ උපදෙස්වලට අනුව ක්‍රියා කළෝය.+ 16  සලමොන් රජ, යෙහෝවා දෙවිගේ ගෘහයේ අත්තිවාරම දැමීමේ කාර්යයේ සිට එහි නිමාව දක්වා+ සියලුම වැඩකටයුතු සාර්ථකව ඉටු කළේය.+ මෙසේ යෙහෝවා දෙවිගේ ගෘහය සම්පූර්ණයෙන්ම සාදා නිම කරනු ලැබීය.+ 17  ඉන්පසු සලමොන් රජ ඒදොම් දේශයේ+ පිහිටි එෂියොන්-ගෙබෙර්+ සහ ඒලොත්+ යන මුහුදුබඩ ස්ථානවලට ගියේය. 18  හීරාම් රජ+ සලමොන් රජු වෙතට නැව් හා මුහුද ගැන මනා දැනුමක් ඇති නාවිකයන්ව නිතරම එවීය.+ ඔවුහු සලමොන්ගේ සේවකයන් සමඟ එක්ව ඕෆීර් නම් ස්ථානයට+ ගොස් රන්+ තලෙන්ත+ හාරසිය පනහක් ගත්තෝය. ඔවුහු එය සලමොන් රජු වෙතට ගෙනාවෝය.+

පාදසටහන්