2 ලේකම් 4:1-22

4  ඔහු තඹ පූජාසනය සෑදුවේය.+ එය දිගින් රියන් විස්සක්ද පළලින් රියන් විස්සක්ද උසින් රියන් දහයක්ද විය.+  ඔහු වතුර රැස් කර තබාගැනීමට විශාල වටකුරු භාජනයක්ද සෑදුවේය.+ එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක්ය.  එහි කටට යටින් භාජනය වටේට කොමඩු හැඩැති ගෙඩි+ පේළි දෙකක් කැටයම් කර තිබිණ. එක් රියනකට ගෙඩි දහයක් ඇතුළත් වන ආකාරයට එම ගෙඩි පේළි ඒ වටා කැටයම් කර තිබිණ.+  එම භාජනය තබා තිබුණේ ගොනුන්ගේ රූප දොළොසක් මතය.+ ඒ ගොනුන්ගෙන් තුන්දෙනෙක් උතුරු දෙසටත් තුන්දෙනෙක් බස්නාහිර දෙසටත් තුන්දෙනෙක් දකුණු දෙසටත් තුන්දෙනෙක් නැඟෙනහිර දෙසටත් මුහුණ ලා සිටින සේ සාදා තිබිණ. ඒ භාජනය උන්ගේ පිට මත තබා තිබූ අතර උන්ගේ පිටුපස ඇතුළට පිහිටන සේ සාදා තිබිණ.+  භාජනයේ ගනකම අල්ලක්* පළලය. කෝප්පයක හැඩැති එහි කට පිපුණු ලිලී මලක් හා සමානය.+ එහි බාත් ඒකක තුන්දහසක+ ජලය රැස් කර තබාගත හැක.+  ඔහු තවත් භාජන දහයක්ද සෑදුවේය. ඒවායින් පහක් ගෘහයට පිටත දකුණු පසින්ද පහක් වම් පසින්ද තැබුවේය.+ ඒවා යොදාගත්තේ දවන පූජාව සඳහා භාවිත කළ දේවල්+ සේදීමටය.+ නමුත් පූජකයන් ඔවුන්ගේ අත් පා සෝදා පවිත්‍ර කරගත්තේ විශාල භාජනයේ තිබූ ජලය යොදාගෙනය.+  ඔහු රන්වලින් එක හා සමාන හැඩයකින් යුත්+ පහන් රුක්+ දහයක් සාදා ඒවා ශුද්ධස්ථානයේ තැබුවේය. ඉන් පහක් දකුණු පැත්තෙහිද අනික් පහ වම් පැත්තෙහිද තබන ලදි.+  ඔහු මේස දහයක්ද සාදා ශුද්ධස්ථානයේ තැබුවේය. ඉන් පහක් දකුණු පැත්තෙහිද අනික් පහ වම් පැත්තෙහිද තබන ලදි.+ කුඩා රන් බඳුන් සියයක්ද ඔහු සෑදුවේය.  ඊළඟට ඔහු පූජකයන්ට සීමා වූ+ මළුවද+ ඒ මළුවට ඇතුල් වීම සඳහා දොරටුද සෑදීය. එම දොරටු ඔහු තඹවලින් ආවරණය කළේය. ඔහු ඇතුල් මළුවද සෑදීය.+ 10  විශාල වතුර භාජනය ඔහු තැබුවේ ගෘහයේ දකුණු පැත්තේ ගිනිකොන දෙසට වෙන්නය.+ 11  අඟුරු දැමීමට භාජනද+ සවල්ද+ වෙනත් බඳුන්ද+ සාදා හීරාම් තම වැඩකටයුතු අවසන් කළේය. ඒ අනුව සැබෑ දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු තමාට පවරා තිබූ සියලුම කාර්යයන් හීරාම් නිම කළේය. 12  ඔහු කුලුනු දෙකද+ කුලුනු දෙක මුදුනේ තිබුණු ගෝලාකාර කොටස්ද+ සෑදුවේය. ඒ ගෝලාකාර කොටස් දෙක දැල් සැරසිලි දෙකකින්+ ආවරණය කරන ලදි. 13  ඒ දැල්වල එල්ලීමට දෙළුම් ගෙඩි හාරසියයක් සෑදුවේය.+ එක දැලක් වටා දෙළුම් ගෙඩි පේළි දෙක බැගින් තිබිණ.+ 14  ඔහු කරත්ත දහයද+ ඒ කරත්ත මත තැබීමට භාජන දහයද+ 15  විශාල ජල භාජනයද+ එම භාජනය රඳවා තැබීමට ගොනුන් දොළොසද+ 16  අඟුරු දැමීමට භාජනද සවල්ද+ කොකුද+ අවශ්‍ය වෙනත් සියලු උපකරණද+ සෑදුවේය. හීරාම්-ආබිව්+ යන නමින් හැඳින්වූ ඔහු සලමොන් රජු පැවසූ ලෙස යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා මේ සියලු දේවල් ඔප්නැංවූ තඹවලින් සෑදුවේය. 17  මේ සියලු දේවල් සාදන ලද්දේ යොර්දාන් දිස්ත්‍රික්කයේ සුක්කොත්+ සහ ෂෙරේදා+ අතර පිහිටි මැටි බිමෙහිය. 18  ඒ අන්දමින් සලමොන් රජ විශාල භාණ්ඩ ප්‍රමාණයක් සෑදුවේය. ඒ සඳහා භාවිත කළ තඹ ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්ය.+ 19  සලමොන් රජ සැබෑ දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද+ රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන මේසද+ 20  පහන් රුක්ද+ ඒවා මත තබන පහන්ද+ පවිත්‍ර රනින් සෑදුවේය. දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව එම පහන් අතිශුද්ධස්ථානය ඉදිරිපිට+ තබා දල්වන ලදි. 21  කැටයම් කළ මල්ද පහන්ද පහන් තිර අල්ලන අඬුද+ ඔහු රනින් සෑදීය. (ඒ සඳහා භාවිත කළේ අනර්ඝතම රන්ය.) 22  ඔහු පවිත්‍ර රනින් තිර නිවා දැමීමට උපකරණද භාජනද කුසලානද අඟුරු දැමීමට භාජනද සෑදුවේය.+ මීට අමතරව දේවමාලිගාවට ඇතුල් වන ස්ථාන+ එනම්, ශුද්ධස්ථානයට ඇතුල් වන දොරටුද අතිශුද්ධස්ථානයට පිවිසෙන දොරටුද+ ඔහු රනින් සෑදුවේය.

පාදසටහන්

සෙන්ටිමීටර් 7.4ක් පමණ.