2 ලේකම් 27:1-9

27  යෝතම් රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය.+ ඔහුගේ මව සාදොක්ගේ දියණිය වූ යෙරුෂාහ්ය.+  ඔහු යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කරමින්+ තම පියා වූ උසියා මෙන් කටයුතු කළේය.+ නමුත් ඔහු යෙහෝවා දෙවිගේ ශුද්ධස්ථානයට ඇතුල් වූයේ නැත.+ ඔහු යහපත් දේවල් කළත් ජනයා දිගටම දුෂ්ටකම් කළෝය.+  යෙහෝවා දෙවිගේ ගෘහයේ ඉහළ දොරටුව+ ගොඩනඟනු ලැබුවේ ඔහු විසින්ය. එමෙන්ම ඔහු ඕෆෙල් පවුරේ+ බොහෝ ඉදි කිරීම් කටයුතුද කළේය.  ඔහු යූදා දේශයට අයත් කඳුකර ප්‍රදේශයේ+ නුවරවල්ද+ කැලෑබද ප්‍රදේශවල+ බලකොටු+ හා මුරටැඹවල්ද+ ඉදි කළේය.  අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධව කාලයක් පුරා යුද්ධ කළ ඔහු,+ අවසානයේදී ඔවුන්ව තම අණසක යටතට ගැනීමට සමත් විය. එහෙයින් අම්මොන්වරු ඔහුට ඒ වසරේදී රිදී තලෙන්ත සියයක්ද තිරිඟු+ කෝර් ඒකක දසදහසක්ද+ බාර්ලි කෝර් ඒකක දසදහසක්ද+ දුන්නෝය. ඔවුහු මේ දේවල් ඔහුට ඊළඟ වසර දෙක පුරාම ලබා දුන්නෝය.+  යෝතම් රජ තම දෙවි වන යෙහෝවා ඉදිරියේ හරි දේ කළ නිසා+ ඔහු දිගටම තම බලය එලෙස තහවුරු කරගත්තේය.  යෝතම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද+ ඔහු යුද්ධ කළ ආකාරය සහ ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳ තොරතුරුද ඊශ්‍රායෙල්හි හා යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+  ඔහු රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමෙහි සිට අවුරුදු දහසයක් පාලනය කළේය.+  කල් යත්ම යෝතම් රජ මිය ගියේය. ඔහුවද ඔහුගේ මුතුන්මිත්තන් මෙන් තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කළේ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව රජකමට පත් වූයේ ඔහුගේ පුත් ආහස්ය.+

පාදසටහන්