2 ලේකම් 23:1-21

23  හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ නිර්භීතව ක්‍රියා කරමින්, සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්+ වන යෙරොහාම්ගේ පුත් අෂරියාද යෙහෝහානන්ගේ පුත් ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත් අෂරියාද අදායාගේ පුත් මයසේයාද ෂික්රීගේ පුත් එලිෂාපාට්ද සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.  ඔවුහු යූදා දේශය පුරාම ගමන් කර සියලුම නුවරවලින් ලෙවීවරුන්වද+ ඊශ්‍රායෙල්හි මුතුන්මිත්තන්ගේ පෙළපත්වල+ ප්‍රධානීන්වද+ එකතු කරගෙන යෙරුසලමට පැමිණියෝය.  එසේ එක් රැස් වූ සියලුදෙනා සැබෑ දෙවිගේ ගෘහයේදී+ රජුගේ පුත්‍රයා සමඟ ගිවිසුමක් ඇති කරගත්තෝය.+ ඉන්පසු යෙහෝයාදා රැස්ව සිටි සියලුදෙනාට මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවි දාවිත්ගේ පුත්‍රයන් ගැන පැවසූ දේ ඔබට මතක ඇති.+ එමනිසා රජුගේ පුත්‍රයාව+ අපි අනිවාර්යයෙන්ම රජකමට පත් කළ යුතුයි.+  ඒ වෙනුවෙන් ඔබ සියලුදෙනාම කළ යුත්තේ මෙයයි. සබත් දවසේදී දෙවිගේ ගෘහයට පැමිණෙන පූජකයන්ව+ හා ලෙවීවරුන්ව+ කණ්ඩායම් තුනකට බෙදිය යුතුයි.+ ඉන් එක් කණ්ඩායමක් දොරටු පාලකයන් ලෙස කටයුතු කළ යුතුයි.+  තවත් කණ්ඩායමක් රජමාලිගාවේත්+ ඉතුරු කණ්ඩායම යෙසොද්* දොරටුව අසලත්+ සිටිය යුතුයි. අන් සියලුදෙනා සිටිය යුත්තේ යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවලයි.+  යෙහෝවා දෙවිගේ ගෘහයේ සේවය කරන පූජකයන් හා ලෙවීවරුන්+ ශුද්ධ සෙනඟක්.+ එමනිසා ඔවුන්ට මිස වෙන කිසි කෙනෙකුට ගෘහයට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා.+ අනිකුත් අය ගෘහයෙන් පිටත සිට යෙහෝවා දෙවි පවරා ඇති වගකීම් ඉටු කළ යුතුයි.  ලෙවීවරුන් තම ආයුධ අතැතිව රජු වටා සිටිය යුතුයි.+ යම් කෙනෙක් දෙවිගේ ගෘහයට ඇතුල් වුණොත් ඔහුව මරා දැමිය යුතුයි. රජු යන එන හැම තැනකම ඔහු සමඟ යා යුතුයි.”  ලෙවීවරු සහ යූදා දේශයෙන් පැමිණි ඒ සියලුදෙනා පූජක යෙහෝයාදා+ අණ කළ සියල්ල+ එලෙසම කළෝය. එහෙයින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත් සබත් දවසේදී සේවයෙන් නිදහස් වූ අයවත් එක් රැස් කරන ලදි.+ මන්ද පූජක යෙහෝයාදා ලෙවීවරුන්ගෙන් කිසි කණ්ඩායමක්+ එදින සේවයෙන් නිදහස් නොකළේය.  පූජක යෙහෝයාදා සැබෑ දෙවිගේ ගෘහයේ තිබූ+ දාවිත් රජුගේ+ සියලු හෙල්ලද පලිස්ද+ ගෙන ඒවා සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ට+ දුන්නේය. 10  පසුව ඔහු ආයුධ අතැතිව සිටි සියලුදෙනාවම දේවමාලිගාවේ දකුණු පැත්තේ සිට වම් පැත්ත දක්වා රඳවා තැබුවේය.+ ඒ සියලුදෙනා පූජාසනයත් දේවමාලිගාවත් අසල සිටි රජු වටා සිටගෙන සිටියෝය. 11  එවිට ඔවුන් රජුගේ පුත්‍රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ අල්ලන ලදි. මෙසේ යෙහෝයාදා සහ ඔහුගේ පුත්‍රයන් ඔහුව රජු ලෙස අභිෂේක කරමින්,+ “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ යයි කීවෝය. 12  රජුට ප්‍රශංසා කරමින් ඒ මේ අත දිව ගිය සෙනඟගේ ඝෝෂාව අතලියාට ඇසුණු විට+ ඇය විගස යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස්ව සිටි සෙනඟ වෙතට පැමිණියාය. 13  එවිට රජු ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව ඉදිරිපිට තිබෙන කුලුනක් ළඟ සිටගෙන+ සිටින ආකාරයත් අධිපතීන්+ සහ හොරණෑ පිඹින්නන්+ රජුව වට කරගෙන සිටින ආකාරයත් ඇය දුටුවාය. රැස්ව සිටි දේශයේ සියලු ජනයා හොරණෑ හඬ මැද+ ප්‍රීති වෙමින් සිටියෝය.+ සංගීත භාණ්ඩ වාදනය කරමින් ගී ගැයූ අයද+ ප්‍රශංසා ගී ගැයීමේ මූලිකත්වය දැරූ අයද ඔවුන් සමඟ සිටියෝය. එය දුටු අතලියා තම වස්ත්‍ර ඉරාගනිමින්, “මෙය මහා කුමන්ත්‍රණයක්! මහා කුමන්ත්‍රණයක්”+ කියා කෑගැසුවාය. 14  එවිට පූජක යෙහෝයාදා හමුදාවේ සෙන්පතීන් වූ සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ව කැඳවා, “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න.+ ඇයව බේරාගන්න යමෙක් ආවොත් ඔහුට කඩුවෙන් පහර දී මරා දමන්න” කියා පැවසුවේය. ඔහු එසේ පැවසුවේ, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින් අණ කර තිබූ නිසාය. 15  ඔවුහු ඇයව අල්ලාගෙන රජමාලිගාවේ අශ්ව දොරටුව අසලට ගෙන ගොස් ඇයව මරා දැමුවෝය.+ 16  පසුව යෙහෝයාදා, තමන් සහ රජු අතරද සෙනඟ අතරද ගිවිසුමක් ඇති කරගත්තේය. එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ.+ 17  ඉන්පසු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා දැමුවෝය.+ එහි තිබූ පූජාසන කඩා දැමූ+ ඔවුහු බාල් රූප සියල්ලද සුනුවිසුනු කළෝය.+ බාල්ගේ පූජකයා වූ මත්තාන්වද+ ඒ පූජාසන ඉදිරිපිටම මරා දැමුවෝය.+ 18  ඉන්පසු යෙහෝයාදා, යෙහෝවා දෙවිගේ ගෘහය අධීක්ෂණය කිරීමට පූජකයන්ව හා ලෙවීවරුන්ව පත් කළේය. මීට කලින් දාවිත් රජ ඔවුන්ව කණ්ඩායම් ලෙස බෙදා සංවිධානය කර තිබිණ.+ මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වී තිබූ ආකාරයට යෙහෝවා දෙවිගේ ගෘහයේ දවන පූජා ඔප්පු කිරීම ඔවුන්ගේ වගකීම විය.+ දාවිත් රජු විසින් රචනා කළ ගී ගයමින් ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීම ඔවුන්ගේ ඒ වගකීමට ඇතුළත් විය. 19  යෙහෝවා දෙවිගේ ගෘහයට කිසි අපවිත්‍ර කෙනෙකු ඇතුල් නොවන පිණිස එහි දොරටු අසල+ දොරටු පාලකයන්වද ඔහු රඳවා තැබුවේය.+ 20  ඔහු සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ව,+ අධිපතීන්ව, පාලකයන්ව හා දේශයේ වැසියන්ව රැස් කරගත් පසු රජුව යෙහෝවා දෙවිගේ ගෘහයෙන් පිටතට ගෙනාවේය.+ ඔවුහු ඉහළ දොරටුව මාර්ගයෙන් රජමාලිගාවට පැමිණ රජුව සිංහාසනයේ හිඳෙව්වෝය.+ 21  දේශයේ සියලුදෙනා ප්‍රීතිමත් වූහ.+ ඒ වන විට අතලියාව මරා දමා තිබිණ.+ නගරය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතිණ.

පාදසටහන්

හෙබ්‍රෙව් වචනයක්. තේරුම, “අත්තිවාරම.”