2 ලේකම් 19:1-11

19  යූදාහි රජු වූ යෙහෝෂපාට් යුද්ධයෙන් අනතුරක් නොලබා+ යෙරුසලමෙහි පිහිටි තම මාලිගාවට හැරී ආවේය.  එවිට අනාගතවක්තෘ+ හනානිගේ+ පුත් යේහු,+ යෙහෝෂපාට් රජු ඉදිරියට ගොස් ඔහුට මෙසේ පැවසීය. “දුෂ්ටයන්ට උපකාර කරන එක හරි දෙයක් කියලා ඔබ සිතනවාද?+ යෙහෝවා දෙවිට ද්වේෂ කරන අයට+ ඇලුම් කරන එක සුදුසුද?+ ඔබ කළ දේ නිසා යෙහෝවා දෙවි ඔබ සමඟ උදහස් වී සිටිනවා.+  ඒ වුණත් ඔබ යහපත් දේවලුත් කර තිබෙනවා.+ බොරු නමස්කාරය සඳහා ඉදි කළ කුලුනු ඔබ දේශයෙන් ඉවත් කළා.+ ඒ වගේම සැබෑ දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම පතන්න මුළු සිතින්ම ඔබ අධිෂ්ඨාන කරගත්තා.”+  යෙහෝෂපාට් රජ දිගටම යෙරුසලමෙහි වාසය කළේය. ඉන්පසු ඔහු නැවතත් බෙයර්-ෂෙබා සිට+ එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශය දක්වා+ විසූ ජනතාව අතරට ගොස් ඔවුන්ව යළි තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා වෙතට හරවාගැනීමට උත්සාහ දැරුවේය.+  එසේම ඔහු යූදා දේශයේ පිහිටි සෑම සුරක්ෂිත නුවරකම විනිශ්චයකරුවන්ව පත් කළේය.+  ඒ විනිශ්චයකරුවන්ට ඔහු මෙසේ උපදෙස් දුන්නේය. “ඔබ කරන මේ කාර්යය සැහැල්ලුවට ගන්න එපා.+ මන්ද ඔබ මේ දේ කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙනුයි.+ ඒ නිසා ඔබ නඩු විභාග කරද්දී දෙවි ඔබ සමඟ සිටියි.+  ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+  යෙහෝෂපාට් රජ ලෙවීවරුන්+ සහ පූජකයන්+ කිහිපදෙනෙකුවද ඊශ්‍රායෙල්හි මුතුන්මිත්තන්ගේ පෙළපත්වල ප්‍රධානීන්+ කිහිපදෙනෙකුවද යෙරුසලමෙහි පදිංචි කරවා ඔවුන්ට වගකීම් පැවරුවේය. ඔවුන්ගේ වගකීම් වූයේ යෙහෝවා දෙවිගේ නීතිය ක්‍රියාත්මක කිරීම+ හා යෙරුසලමෙහි වැසියන්ගේ නඩු විභාග කිරීමය.+  ඔහු ඔවුන්ට මෙසේද අණ කළේය. “ඔබ මෙම වගකීම් ඉටු කරද්දී ඔබට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ එමෙන්ම ඔබේ වගකීම් ඔබ විශ්වාසවන්තව ඉටු කළ යුතුයි. ඔබ මේ සියල්ල කළ යුත්තේ ඔබේ මුළු හදවතින්මයි. 10  ඔබේ සහෝදරයන් අතින් යම් ලේ වැගිරීමක් සිදු වූ විට+ හෝ යම් නීතියක්,+ ආඥාවක්,+ පනතක්+ හෝ කලින් තීන්දු කළ දෙයක්+ ඔවුන් විසින් කඩ කළ විට එයට සම්බන්ධ නඩුව විභාග කළ යුත්තේ ඔබයි. එවිට යෙහෝවා දෙවිට විරුද්ධව නැවත වැරදි නොකරන ලෙස ඔබ ඔවුන්ට අනතුරු ඇඟවිය යුතුයි. මන්ද එසේ නොකළොත් දෙවිගේ උදහස ඔබටත් ඔබේ සහෝදරයන්ටත් විරුද්ධව ඇවිළෙයි.+ ඔවුන්ගේ වරද ඔබ පිට නොපැමිණෙන පිණිස ඔබ එලෙස ක්‍රියා කළ යුතුයි. 11  යෙහෝවා දෙවිට සම්බන්ධ කාරණාවලදී ඔබව අධීක්ෂණය කිරීමට නායක පූජක අමරියාව මම පත් කරනවා.+ රජුට සම්බන්ධ කාරණාවලදී ඔබව අධීක්ෂණය කිරීමට පත් කරන්නේ ඉෂ්මායෙල්ගේ පුත්‍රයෙකු වන යූදා ගෝත්‍රයේ ප්‍රධානියා වන සෙබදියාවයි. ඔබ යටතේ සේවය කරන නිලධාරීන් ලෙස මම ලෙවීවරුන්ව පත් කර තිබෙනවා. ඔබට මම පැවරූ මේ කාර්යය ඉටු කරද්දී නිර්භීතව ක්‍රියා කරන්න.+ එවිට ඔබ කරන සෑම යහපත් දෙයකටම+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙන බව නිසැකයි.”+

පාදසටහන්