2 රාජාවලිය 25:1-30

25  ශෙදකියා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේ+ දහවන මාසයේ දහවන දින,+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ ඔහුගේ මුළු හමුදාව සමඟ යෙරුසලමට විරුද්ධව සටනට පැමිණියේය.+ ඔහු පැමිණ ඒ අවට කඳවුරු බැඳගෙන යෙරුසලම වටා පවුරක් ගොඩනැඟුවේය.+  ශෙදකියා රජු පාලනය කළ එකොළොස්වන අවුරුද්ද දක්වාම නෙබුකද්නෙෂර් රජුගේ හමුදාව යෙරුසලම වටලා සිටියෝය.  හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+  ඒ අතරතුර කල්දිවරු පවුර කඩාගෙන නුවරට ඇතුල් වූහ.+ ඔවුහු+ නුවර සෑම පැත්තෙන්ම වැටලුවෝය. එදින රාත්‍රියේ නුවරේ සිටි සියලු යුධ භටයෝ රජුගේ උයන අසල පිහිටි තාප්ප දෙක අතරේ තිබූ දොරටුවෙන් පලා ගියෝය.+ රජද අරබා නිම්නය+ දෙසට පලා ගියේය.+  නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක්+ රජුව ලුහුබැඳ ගොස් යෙරිකෝවේ පාළුකරයේදී+ ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.  රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+  ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+  බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ පාලන සමයේ දහනවවන අවුරුද්දේ+ පස්වන මාසයේ හත්වන දින, බැබිලෝනියේ රජුගේ සේවකයෙක් වූද ආරක්ෂක භටයන්ගේ නායකයා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.+  ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+ 10  ආරක්ෂක භටයන්ගේ නායකයා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු හමුදාව යෙරුසලම වටා තිබූ පවුර මුළුමනින්ම විනාශ කර දැමුවෝය.+ 11  නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට යටත් වූ අයවද නගරයෙන් පිටත සිටි සෙසු ජනයාවද නෙබුෂරදාන් වහලුන් ලෙස රැගෙන ගියේය.+ 12  ආරක්ෂක භටයන්ගේ නායකයා දේශයේ සිටි දුගී ජනයාගෙන් සමහරදෙනෙකුව+ මිදිවතු වැවීමටත් ගොවිතැන් කිරීමටත් තබා ගියේය. ඔවුහු එහි වහලුන් ලෙස සේවය කළෝය.+ 13  කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+ 14  අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය. 15  ආරක්ෂක භටයන්ගේ නායකයා පිරිසිදු රනින්ද+ රිදීවලින්ද+ සාදා තිබූ අඟුරු දමන භාජන ඇතුළු අන් සියලු භාජනද ගෙන ගියේය. 16  යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු සෑදූ කුලුනු දෙකෙහිත් විශාල වටකුරු භාජනයෙහිත් කරත්තවලත් තිබුණු තඹවල බර කොපමණදැයි කිරා මැන බැලීමට නොහැකි විය. මන්ද විශාල තඹ ප්‍රමාණයක් එහි තිබිණ.+ 17  ඒ එක් කුලුනක උස රියන් දහඅටකි.+ කුලුන මුදුනේ තිබූ කොටසද+ තඹවලින් නිමවා තිබිණ. කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් තුනකි. එය වටා තිබූ දැල් සැරසිල්ලද ඒ දැල් මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද+ තඹවලින් සාදා තිබිණ. දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ. 18  ආරක්ෂක භටයන්ගේ නායකයා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන්+ තුන්දෙනෙකුවද අල්ලාගත්තේය. 19  ඊට අමතරව යුධ භටයන් කෙරෙහි පත් කර සිටි නිලධාරියෙකුවද රජුට ඉතා සමීපව සිටි පුද්ගලයන් පස්දෙනෙකුවද නුවරේදී ඔහු අල්ලාගත්තේය. එමෙන්ම යුද්ධයට සෙනඟ රැස් කළ හමුදාපතිගේ ලේකම්වද නගරයේ සිටි දේශයේ වැසියන්ගෙන් පුරුෂයන් හැටදෙනෙකුවද ඔහු අල්ලාගත්තේය.+ 20  ආරක්ෂක භටයන්ගේ නායකයා වූ නෙබුෂරදාන්+ ඔවුන්ව රිබ්ලා නගරයේ+ සිටි බැබිලෝනියේ රජු වෙතට රැගෙන ගියේය.+ 21  බැබිලෝනියේ රජ ඔවුන්ව හමාත් දේශයේ+ රිබ්ලා නගරයේදී මරා දැමුවේය.+ යූදා දේශයේ වැසියන්ව වහලුන් ලෙසද ගෙන යන ලදි.+ 22  බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් තමන් යූදා දේශයේ ඉතුරු කර ගිය අයගේ+ වැඩකටයුතු බලා කියා ගැනීමට ෂාපාන්ගේ+ පුත්‍රයා වූ අහිකාම්ගේ+ පුත් ගෙදලියාව+ පත් කළේය. 23  බැබිලෝනියේ රජු, ගෙදලියාව පත් කළ බව හමුදාපතීන්ට+ ආරංචි වූ විගස ඔවුහු සියලුදෙනා තමුන්ගේ භටයන් සමඟ ගෙදලියාව හමු වීමට මිෂ්පා නගරයට පැමිණියෝය.+ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ද කාරියාගේ පුත් යෝහානාන්ද නෙටොෆා ගමෙහි වැසියෙකු වූ තන්හුමෙත්ගේ පුත් සෙරායාද මයකාහි වැසියෙකුගේ පුත්‍රයෙකු වූ යයෂනියාද තම භටයන් සමඟ පැමිණියෝය. 24  එවිට ගෙදලියා ඔවුන්ටත් ඔවුන් සමඟ පැමිණි භටයන්ටත් දිවුරමින්+ මෙසේ පැවසීය. “කල්දිවරුන්ට සේවය කරන්න භය වෙන්න එපා. මේ දේශයේ ඉඳන් බැබිලෝනියේ රජුට සේවය කරන්න. එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.”+ 25  නමුත් හත්වන මාසයේදී+ රජ පවුලට අයත් එලිෂාමාගේ පුත්‍රයා වූ නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්+ තව මිනිසුන් දසදෙනෙකු සමඟ පැමිණ ගෙදලියාව මරා දැමුවේය.+ ගෙදලියා සමඟ මිෂ්පා නගරයේ+ සිටි යුදෙව්වරුන්වත් කල්දිවරුන්වත් ඔහු මරා දැමුවේය. 26  ඉන්පසු ලොකු කුඩා සියලුදෙනා ඇතුළු හමුදාපතීහුද කල්දිවරුන්ට භය වී+ ඊජිප්තුවට පලා ගියෝය.+ 27  යූදාහි රජු වූ යෙහෝයාකින්ව+ බැබිලෝනියට ගෙන ගොස් අවුරුදු තිස්හතක් ගත විය. එම තිස්හත්වන අවුරුද්දේ එවිල්-මෙරොදක්+ බැබිලෝනියේ රජකමට පත් විය. ඒ අවුරුද්දේ දොළොස්වන මාසයේ විසිහත්වන දින ඔහු යෙහෝයාකින් රජුව සිරගෙයින් නිදහස් කළේය.+ 28  එවිල්-මෙරොදක් රජ යෙහෝයාකින් රජුට කාරුණිකව සලකා, බැබිලෝනියේ සිරකරුවන් ලෙස සිටි අනික් රජවරුන්ට වඩා ඉහළ තනතුරක් ඔහුට දුන්නේය.+ 29  එබැවින් යෙහෝයාකින් රජ තම සිර ඇඳුම් ඉවත් කළේය.+ මිය යන තුරු රජු සමඟ ආහාර ගැනීමේ වරප්‍රසාදයද ඔහුට හිමි විය.+ 30  මෙලෙස ඔහු මිය යන තෙක්ම දිනපතා රජුගේ භෝජනයෙන් පංගුවක් ඔහුට ලැබිණ.+

පාදසටහන්