2 රාජාවලිය 18:1-37

18  ඊශ්‍රායෙල්හි රජු වූ ඒලාගේ පුත් හෝෂෙයාගේ+ පාලන සමයේ තුන්වන අවුරුද්දේදී යූදාහි රජු වූ ආහස්ගේ පුත්+ හෙසකියා+ රජකමට පත් විය.  හෙසකියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහකි. ඔහු යෙරුසලමේ සිට අවුරුදු විසිනවයක් පාලනය කළේය. ඔහුගේ මව සෙකරියාගේ දියණිය වූ අබිය.+  ඔහුගේ මුතුන්මිත්තා වූ දාවිත් මෙන්+ හෙසකියා රජද යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කළේය.+  ඔහු ඒ දේශයේ පූජනීය ස්ථාන ඉවත් කළේය.+ ඔහු බොරු නමස්කාරය සඳහා සාදා තිබූ කණු+ සහ කුලුනු කඩා බිඳ දැමුවේය.+ මෝසෙස් විසින් සෑදූ+ තඹ සර්පයාවද කුඩු කර දැමුවේය.+ මන්ද ඊශ්‍රායෙල්වරු ඒ වන තුරුම ඊට සුවඳ දුම් ඔප්පු කරමින් සිටියෝය.+ එම රූපයට තඹ සර්පයා යන නම දෙන ලදි.+  හෙසකියා රජ, ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා කෙරෙහි තම විශ්වාසය තැබුවේය.+ ඔහුට පෙර හා පසුව යූදා දේශය පාලනය කළ රජවරුන් අතරේ ඔහු හා සමාන රජ කෙනෙක් සිටියේ නැත.+  ඔහු යෙහෝවා දෙවිව අත් නොහැර+ දිගටම ඔහුට නමස්කාර කළේය. යෙහෝවා දෙවි, මෝසෙස් මාර්ගයෙන් දුන් ආඥා ඔහු දිගටම පිළිපැද්දේය.+  යෙහෝවා දෙවිද හෙසකියා රජු සමඟ දිගටම සිටියේය.+ ඒ නිසා හෙසකියා රජ සියලු අවස්ථාවලදී නුවණැතිව ක්‍රියා කළේය.+ ඔහු ඇසිරියාවේ රජුට සේවය නොකර ඔහුට විරුද්ධව කැරලිගැසුවේය.+  ඔහු ගාසා නුවරේ දේශ සීමාව+ දක්වා තිබෙන ප්‍රදේශවලද ගාසාහි සියලු පළාත්වලද ජීවත් වූ පිලිස්තිවරුන්ව මරා දැමුවේය.+ ගාසාහි විශාල ජනාවාස ප්‍රදේශවල පමණක් නොව ඈත එපිට පිහිටි කුඩා මුරකොටුවල+ සිටි අයට පවා ඔහු පහර දුන්නේය.  හෙසකියා රජු පාලනය කළ හතරවන අවුරුද්දේදී එනම්, ඊශ්‍රායෙල්හි රජු වූ ඒලාගේ පුත් හෝෂෙයා පාලනය කළ හත්වන අවුරුද්දේදී+ ඇසිරියාවේ රජු වූ ෂල්මනෙසෙර්+ සමාරිය වැටලුවේය.+ 10  අවුරුදු තුනක කාලයක් ඇතුළතදී ඔහු සමාරිය යටත් කරගත්තේය.+ එය හෙසකියා රජුගේ පාලන සමයේ හයවන අවුරුද්ද වූ අතර ඊශ්‍රායෙල්හි රජු වූ හෝෂෙයාගේ පාලන සමයේ නවවන අවුරුද්ද විය.+ 11  පසුව ඇසිරියාවේ රජ+ ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගොස්,+ හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද+ මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය. 12  මේ සියල්ල සිදු වූයේ ඔවුන් තම දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු නොවී+ ඔහු සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කළ නිසාය.+ යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස්+ ඔවුන්ට දුන් සියලු ආඥා ඔවුහු ප්‍රතික්ෂේප කළෝය.+ ඔවුහු දෙවිට සවන් දුන්නේවත් ඔහු කී ලෙස ක්‍රියා කළේවත් නැත. 13  හෙසකියා රජුගේ පාලන සමයේ දහහතරවන අවුරුද්දේදී ඇසිරියාවේ රජු වූ+ සෙනකෙරිබ්,+ යූදා දේශයේ පවුරුවලින් වට වී තිබූ සුරක්ෂිත නුවරවලට විරුද්ධව යුද්ධ කර ඒවා යටත් කරගත්තේය. 14  එබැවින් යූදාහි රජු වූ හෙසකියා, ලාකිෂ් නගරයේ සිටි ඇසිරියාවේ රජුට පණිවිඩ යවා මෙසේ කීවේය. “මම වරදක් කළ බව පිළිගන්නවා. ඒ නිසා මට විරුද්ධව කරන යුද්ධය දැන් නතර කරන්න. ඔබ මගෙන් ඉල්ලන ඕනෑම දෙයක් මම ඔබට දෙන්නම්.”+ එවිට ඇසිරියාවේ රජ තමාට රිදී තලෙන්ත තුන්සියයකුත්+ රන් තලෙන්ත තිහකුත් දෙන ලෙස යූදාහි රජු වූ හෙසකියාට නියම කළේය. 15  එබැවින් හෙසකියා රජ, යෙහෝවා දෙවිගේ ගෘහයේද+ රජමාලිගාවේ භාණ්ඩාගාරයේද+ තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේය. 16  හෙසකියා රජ තමන් විසින්ම රනින් ආවරණය කළ+ යෙහෝවා දෙවිගේ ගෘහයේ දොරවල්ද+ උළුවහුද ගලවා ඇසිරියාවේ රජුට දුන්නේය.* 17  පසුව ඇසිරියාවේ රජ,+ තර්තාන්,*+ රබ්සාරිස්* සහ රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. ඔවුහු ලාකිෂ් නගරයේ+ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය. 18  රජුව හමු වීමට අවශ්‍ය බව ඔවුන් පැවසූ විට, රජමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ලේකම් වූ ෂෙබ්නාහ්ද+ වාර්තාකරු වූ ආසාෆ්ගේ පුත් යෝවාද ඔවුන්ව හමු වීමට පැමිණියෝය. 19  එවිට රබ්ෂාකේ+ ඔවුන්ට මෙසේ කීවේය. “ඇසිරියාවේ රජු වන මහ රජ්ජුරුවෝ+ හෙසකියාට එවූ මේ පණිවිඩය ගොස් ඔහුට කියන්න. ‘ඔබ දැන් කවුරුන් මතද විශ්වාසය තබාගෙන ඉන්නේ?+ 20  යුද්ධය මෙහෙයවීමට අවශ්‍ය උපදේශකයන්+ සිටින බව හා හමුදා බලය ඔබට තිබෙන බව ඔබ පැවසුවත් ඒවා නිකම්ම නිකම් වචන විතරයි. ඔබ මට විරුද්ධව කැරලිගසන්න+ තරම් ධෛර්යයක් උපදවාගත්තේ කාගේ ශක්තියෙන්ද? 21  තැළුණු බට දණ්ඩක් වගේ+ ඉන්න ඊජිප්තුවෙන්ද ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් වෙන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නේ ඒ දේමයි. 22  එහෙමත් නැත්නම් ඔබ මට කියන්න හදන්නේ, ඔබේ දෙවි වන යෙහෝවා+ මත ඔබ විශ්වාසය තබනවා කියාද?+ ඒ දෙවියන්ගේ ශුද්ධස්ථාන+ හා පූජාසන නෙවෙයිද හෙසකියා කඩා දැමුවේ?+ ඔහු ඒවා කඩා දමා, “යෙරුසලමේ තිබෙන පූජාසනය ඉදිරියේ නමස්කාර කරන්න” කියා යූදා සහ යෙරුසලමේ වැසියන්ට පැවසුවේ නැද්ද?+ 23  මගේ ස්වාමීන් වන ඇසිරියාවේ රජු ඔබට දැන් අශ්වයන් දෙදහසක් දුන්නොත්+ අඩුම තරමින් ඒ අශ්වයන් ගණනට අසරුවන් සොයාගන්නවත් ඔබට පුළුවන් වෙයිද?+ 24  ඊජිප්තුවෙන් අශ්ව රථ+ සහ අසරුවන්+ ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට, මගේ ස්වාමියාට සේවය කරන සුළුම නිලධාරියෙකුටවත් පහර දෙන්න පුළුවන්ද?+ 25  මම මේ නගරය විනාශ කරන්න ආවේ යෙහෝවා දෙවිගේ අනුමැතිය නැතුව කියාද ඔබ සිතන්නේ? “ඒ දේශයට විරුද්ධව යුද්ධ කර එය විනාශ කරන්න” කියා මට කිව්වේ යෙහෝවා දෙවිමයි.’”+ 26  එවිට හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ෂෙබ්නාහ්ද+ යෝවාද+ රබ්ෂාකේට+ මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් වන අපට සිරියානු භාෂාව තේරෙනවා. ඒ නිසා අපට සිරියානු භාෂාවෙන් කතා කරන්න.+ යුදෙව් භාෂාවෙන්+ කතා කළොත් පවුර උඩ සිටින අයටත් ඔබ කියන දේ තේරෙයි.” 27  එහෙත් රබ්ෂාකේ ඔවුන්ට මෙසේ කීවේය. “මගේ ස්වාමියා මාව එව්වේ ඔබට හා ඔබේ ස්වාමියාට පමණක් මේ පණිවිඩය දෙන්න නෙවෙයි. පවුරේ ඉන්න අයත් මේ පණිවිඩය ඇසිය යුතුයි. මන්ද තව කෙටි කාලයකින් ඒ සියලුදෙනාටම ඔවුන්ගේම අසූචි කන්නත්+ ඔවුන්ගේම මුත්‍රා බොන්නත් සිදු වෙනවා.+ ඔබට සිදු වෙන්නෙත් ඒ දේමයි.” 28  එසේ පැවසූ රබ්ෂාකේ තවදුරටත් යුදෙව් භාෂාවෙන්ම හඬ නඟා මෙසේ කීවේය.+ “ඇසිරියාවේ රජු වන මහ රජ්ජුරුවන්ගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න.+ 29  ‘ජනයෙනි, හෙසකියා කියන දේට ඔබ රැවටෙන්න එපා. ඔබව මගේ අතින් ගලවාගන්න ඔහුට බැහැ.+ 30  හෙසකියා ඔබට මෙහෙම කියයි. “යෙහෝවා දෙවි අපව ගලවන බවට කිසිම සැකයක් නැහැ.+ මේ නගරය ඇසිරියාවේ රජුගේ අතට පත් වෙන්න දෙවි කිසිදාක ඉඩ දෙන්නේ නැහැ.”+ එහෙම කියා යෙහෝවා දෙවි කෙරෙහි ඔබ තුළ විශ්වාසයක් ඇති කරන්න ඔහු උත්සාහ දරයි. එහෙත් ඔහුව විශ්වාස කරන්න එපා.+ 31  ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න එපා. ඒ වෙනුවට ඇසිරියාවේ රජුට ඇහුම්කන් දෙන්න. ඔහු පැවසුවේ මෙයයි. “දැන් මා ඉදිරියට ඇවිත් මට යටත් වෙන්න. එවිට ඔබේම මිදිවැලේ හා අත්තික්කා ගසේ පල කන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබේම පොකුණෙන් වතුර බොන්නත් පුළුවන්.+ 32  මම ඔබේ දේශය හා සමාන හොඳ දේශයකට ඔබව ගෙන යන්නම්.+ ධාන්‍යයෙන් සහ අලුත් වයින්වලින්ද රොටි+ සහ මිදිවතුවලින්ද+ ඔලීව ගස් සහ මීපැණිවලින්ද+ පිරුණු දේශයක ඔබට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. හෙසකියා කියන දේට ඇහුම්කන් දෙන්න එපා. ‘යෙහෝවා දෙවි අපිව ගලවාගනියි’ කියා පවසමින් ඔහු ඔබව රවටනවා.+ 33  ඇසිරියාවේ රජු+ වන මම යටත් කරගත් දේශවල වැසියන් නමස්කාර කළ එක දෙවියෙකුටවත් පුළුවන් වුණාද තමාගේ දේශය ගලවාගන්න?+ 34  හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්,+ හේනා+ සහ ඉව්වා+ යන නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+ 35  මම යටත් කරගත් දේශයන්වල සිටි එක දෙවියෙකුටවත් බැරි වුණා නම් තමන්ගේ දේශය බේරගන්න,+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද යෙරුසලම මගේ අතින් ගලවාගන්න?”’”+ 36  එහෙත් ජනයා ඔහුට පිළිතුරු නොදී+ නිශ්ශබ්දව සිටියෝය.+ මන්ද, “ඔහුට පිළිතුරු දෙන්න එපා”+ කියා රජතුමා අණ කර තිබිණ. 37  පසුව, රජමාලිගාව භාරව සිටි හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ලේකම් වූ ෂෙබ්නාහ්ද+ වාර්තාකරු වූ ආසාෆ්ගේ පුත් යෝවාද+ තම වස්ත්‍ර ඉරාගෙන+ හෙසකියා රජු ළඟට ගොස් රබ්ෂාකේ පැවසූ දේ ඔහුට දැන්වූහ.

පාදසටහන්

ඔහු දුන්නේ එම උළුවහු හා දොරවල් ආවරණය කර තිබූ රන් බව පැහැදිලිය.
හෝ, “හමුදාපති.”
හෝ, “රජමාලිගාවේ සිටින ප්‍රධාන නිලධාරියා.”
හෝ, “කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා.”