2 රාජාවලිය 12:1-21

12  යේහුගේ+ පාලන සමයේ හත්වන අවුරුද්දේදී යෙහෝයාෂ්+ රජකමට පත් විය. ඔහු යෙරුසලමේ සිට අවුරුදු හතළිහක් පාලනය කළේය. ඔහුගේ මව බෙයර්-ෂෙබාහි වාසය කළ ෂිබියාහ්ය.  පූජක යෙහෝයාදාගෙන් උපදෙස් ලැබුණු මුළු කාලය පුරාම යෙහෝයාෂ් රජ යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළේය.+  නමුත් දේශයේ බොරු නමස්කාරය සඳහා වෙන් කර තිබූ පූජනීය ස්ථාන ඉවත් කිරීමට ඔහු අපොහොසත් විය.+ එබැවින් ජනයාද දිගටම ඒ පූජනීය ස්ථාන මත සුවඳ දුම්ද වෙනත් පූජාද ඔප්පු කළෝය.  දිනක් යෙහෝයාෂ් රජ පූජකයන්ට+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ ගෘහයට+ පරිත්‍යාගයක් ලෙස ගෙන එන මුදල්+ එනම්, එක් එක් කෙනාට ගෙවීමට නියම වූ මුදල්ද+ භාරයක් වූ අයගෙන් ලැබෙන මුදල්ද+ එකිනෙකාගේ කැමැත්ත පරිදි යෙහෝවා දෙවිගේ ගෘහයට සම්මාදම් කරන මුදල්ද+  පූජකයන් ජනයාගෙන් එකතු කරගත යුතුයි.+ ඒ මුදල් දේවමාලිගාව අලුත්වැඩියා කිරීම සඳහා භාවිත කරන්න.”+  එහෙත් යෙහෝයාෂ් රජුගේ පාලන සමයේ විසිතුන් වන අවුරුද්ද වන තුරුත් පූජකයෝ දේවමාලිගාව අලුත්වැඩියා කර තිබුණේ නැත.+  එබැවින් යෙහෝයාෂ් රජ, පූජක යෙහෝයාදාව+ සහ සෙසු පූජකයන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ දේවමාලිගාව අලුත්වැඩියා නොකළේ මන්ද? ඔබ ජනයාගෙන් තවදුරටත් මුදල් එකතු නොකරන්න. දැනටමත් එකතු වී තිබෙන මුදල් දේවමාලිගාවේ අලුත්වැඩියා කටයුතු කරන අයට භාර දෙන්න.”+  එවිට පූජකයෝ ජනයාගෙන් මුදල් එකතු කිරීමේ වගකීමද දේවමාලිගාව අලුත්වැඩියා කිරීමේ වගකීමද රජුට භාර දුන්නෝය.  එබැවින් පූජක යෙහෝයාදා පෙට්ටියක් ගෙන+ එහි පියනේ සිදුරක් සාදා යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන අයට පෙනෙන සේ එය පූජාසනයේ දකුණු පැත්තේ තැබුවේය. දොරටු පාලකයන්+ ලෙස සේවය කළ පූජකයෝ, යෙහෝවා දෙවිගේ ගෘහයට ගෙනෙන ලද මුදල් සියල්ල එම පෙට්ටියට දැමුවෝය.+ 10  පෙට්ටියේ මුදල් පිරී තිබෙන බව දැනගත් විට රජුගේ ලේකම්ද+ උත්තම පූජකයාද යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණ එම මුදල් ගණන් කර මලුවලට දැමුවෝය.+ 11  ඉන්පසු ඔවුහු ගණන් කළ එම මුදල් සියල්ල යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු බලා කියා ගැනීමට පත් කර සිටි අයට භාර දුන්නෝය.+ ඒ අය එම මුදල්වලින් යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩ කළ වඩුවන්ට, ගොඩනැඟිලි ඉදි කරන්නන්ට, 12  බිත්ති බඳින්නන්ට හා ගල් කපන්නන්ට+ කුලී ගෙව්වෝය. යෙහෝවා දෙවිගේ ගෘහය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය දැව, ගල් සහ වෙනත් සියලු දේ ගැනීමටද ඔවුහු එම මුදල් භාවිත කළෝය. 13  යෙහෝවා දෙවිගේ ගෘහයට ගෙනෙන ලද මුදල්වලින් කිසිම රන් භාණ්ඩයක් හෝ රිදී භාණ්ඩයක් සෑදුවේ නැත.+ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය රිදී භාජන, පහන් තිර නිවා දමන උපකරණ,+ බේසම්+ සහ හොරණෑ+ සෑදීමට ඔවුහු එම මුදල් භාවිත කළේ නැත. 14  ඔවුන් එම මුදල් යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු බලා කියා ගැනීමට පත් කර සිටි අයට දුන් නිසා එය භාවිත කරනු ලැබුවේ ගෘහයේ අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා පමණි.+ 15  වැඩ කරන අයට මුදල් දීමට පත් කරනු ලැබූ අය+ මුදල් පරිහරණය කළ ආකාරය ගැන ඔවුහු සොයා බැලුවේ නැත.+ මන්ද ඔවුහු අවංක පුද්ගලයෝ වූහ.+ 16  වන්දි පූජාවලින්+ සහ පාප පූජාවලින් ලැබුණු මුදල් යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා යෙදෙව්වේ නැත. එම මුදල් පූජකයන්ට දෙන ලදි.+ 17  ඒ කාලයේ සිරියාවේ රජු වූ හසායෙල්,+ ගාත් නුවරට විරුද්ධව යුද්ධ කර+ එය අල්ලාගත්තේය. පසුව ඔහු යෙරුසලමට විරුද්ධව+ යුද්ධ කිරීමට තීරණය කළේය.+ 18  එබැවින් යූදාහි රජු වූ යෙහෝයාෂ් තම පියා වන අහසියා විසින්ද තම මුතුන්මිත්තන් වන යූදාහි රජකම් කළ යෙහෝෂපාට් සහ යෙහෝරම් විසින්ද දේවමාලිගාවට කැප කළ සියලු වස්තු+ හා තමන් විසින් දේවමාලිගාවට කැප කළ වස්තු එකතු කරගත්තේය. යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ හා රජමාලිගාවේ තිබූ සියලු රන්ද ඔහු එකතු කරගත්තේය. ඉන්පසු ඔහු ඒ සියල්ල සිරියාවේ රජු වන හසායෙල්ට යැව්වේය.+ එබැවින් හසායෙල් රජ යෙරුසලමට විරුද්ධව යුද්ධ නොකර හැරී ගියේය. 19  යෙහෝයාෂ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු කළ දේවල් ගැනද ඊශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 20  අවසානයේදී ඔහුගේම සේවකයෝ+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ නුවර සීමාවේ+ පිහිටි බලකොටුව අසල+ සිල්ලා නමැති ස්ථානයට යන මාර්ගයේදී ඔහුව මරා දැමුවෝය. 21  ඔහුව මරා දැමුවේ ඔහුගේ සේවකයන් වූ ෂිමෙයාත්ගේ පුත් යෝෂාකාර් සහ ෂෝමෙර්ගේ පුත් යෙහොෂාබාද්+ යන අයය. මෙසේ යෙහෝයාෂ් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය. ඉන්පසු ඔහුගේ පුත් අමෂියා+ රජකමට පත් විය.

පාදසටහන්